කොටස් වෙළඳ පොළට වාර්තාගත විදේශ ආයෝජන ගලා ඒමක්
ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොළට රුපියල් බිලියන 22 ක් (කෝට් 2200ක* විදේශ ආයෝජන ප‍්‍රමාණයක් මේ වසරේ මුල් මාස හයේදී ලැබී ඇති බව වාර්තාවෙයි. මෙය වාර්තාගත පමාණයක් වන අතර මීට පෙර වැඩිම ආයෝජන වාර්තා වී ඇත්තේ 2012 දී ය. එය මුළු වසරටම බිලියන 36කි. ඉදිරි මාස කිහිපයේදී එම ප‍්‍රාග්ධන ප‍්‍රමාණය විදෙස් ආයෝජන මගින් කොටස් වෙළඳ පොළට ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙයි. එසේ වුවහොත් කොටස් වෙළෙඳ පොළට වැඩිම විදේශ ආයෝජන ලැබුණු වසර ලෙස මෙම වසර සටහන් වනු ඇති බව වෙළඳ පොළ ආරංචි මාර්ග කියයි.
