2015 සිට මේ දක්වා අතුරුදහන් වීම් වාර්තා වෙන්නේ නෑ. ඒක රටම දිනා ගත්තු ලොකු ජයග‍්‍රහණයක් – ආචාර්ය දීපිකා උඩගම

2015 සිට මේ දක්වා අතුරුදහන් වීම් වාර්තා වෙන්නේ නෑ. ඒක සතුටින් අපි ප‍්‍රකාශ කරන්න  ඕන. ඒක රටම දිනා ගත්තු ලොකු ජයග‍්‍රහණයක්. ජනතාව බොහෝ කෑකෝ ගහල තමන්ගෙ මේ නිදහස දිනා ගත්තා.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද, කොළඹ තැපැල් ශ‍්‍රවණාගාරයේ පැවති ‘‘පුද්ගලයන් අතුරුදහන් 0වීම අපරාධ වරදක් කරනු’’ යනුවෙන් පැවැත් වූ සම්මන්ත‍්‍රණයේ දී ආචාර්ය දීපිකා උඩගම විසින් කරනලද කතාව.
‘‘පුද්ගලයන් අතුරුදහන් වීම අපරාධ වරදක් කරනු’’ මෙය එක අතකින් අපිට තාක්‍ෂණික මට්ටමෙන් සාකච්ඡුා කරන්න පුළුවන්. මේක ඉතාමත් වැදගත් වෙන්නේ ඉතාමත් පුලූල් ආකාරයට සමාජීය දේශපාලනික සන්දර්භය තුළ සාකච්ඡුා කිරීමයි. මාධ්‍යකරුවාගේ වගකීම කුමක් ද කියල සාකච්ඡුා කරන එක අතිෂයෙන්ම වැදගත්.
මානව හිමිකම් උල්ලංගයන් අතුරින් අති භයංකරම උල්ලංගනය වෙන්නේ පුද්ගලයන් බලහත් කාරයෙන් අතුරුදන් කිරීම. මේ අවස්ථාවේදී මට මතක් වෙනවා ඝාතනය වුනු රිචඞ් ඩි. සොයිසා ජනමාධ්‍යවේදී සහ කලාකරුවාගේ මව කරපු ප‍්‍රකාශය. ඇයගෙ පුතාගෙ මෘත දේහය ලැබුණට පස්සෙ. ඇගේ එකම දරුවා රිචඞ් ඞී. සොයිසා, මේ සමාජයේ හිටපු අතිශයින්ම දක්‍ෂ තරුණයෙක්. මේ රටටත්, මේ ලෝලයටත් ඉතාම හොඳ මෙහෙයක් කරන්න තිබුණු චරිතයක්. එතුමා පැහැරගෙන ගිහිල්ලා එතුමාගේ මෘත දේහය ලැබුණම, එතුමාගේ මව කිව්වෙ කුමක් ද, අනෙක් මවුවරුන්ට වැඩිය මම ඉතාම වාසනාවන්ත මවක්. අවම වශයෙන් මට මගෙ දරුවගෙ මෘත දේහය ලැබුණ කියන එක ඇය පෙන්නුම් කළා. මොකද ඒකට හේතුව, අපි දන්නවා වින්දිතයන් සමග කටයුතු කරනකොට වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල අයට අතිශයින් වේදනාකාරී දෙය තමයි, මේ අතුරුදහන් වීමෙන් ඇතිවන අවිනිශ්චිත බව. පුද්ගලයාට කුමක්ද වුනේ. පුද්ගලයා ජීවතුන් අතරද? නැද්ද? එම පුද්ගලයා ජීවතුන් අතර ඉන්නව නම් මොන වගේ පසුබිමක් යටතෙද පුද්ගලයා ජීවත් වෙන්නේ. තාම නිදහස අහිමි වෙලා ඉතාමත් ප‍්‍රබල විදිහට වද වේදනා විඳිනවද? ඔය තත්ත්වය ජීවත් වෙන හැම මොහොතක් පසාම ඒ අපවුල්වල උදවියට විඳින්න වෙනවා. අතුරුදහන් වුනු පුද්ගලයා තවත් ජීවතුන් අතර ඉන්නවා නම් ඒ පුද්ගලයන් විඳින වේදනාව අසීමිතයි. වදහිංසා දිහා බැලූවත්, බලහත් කාරයෙන් අතුරුදහන් වීම් දිහා බැලූවත් අතිෂයින්ම ප‍්‍රබල ආකාරයේ උල්ලංගනයන් හැටියට හඳුන්වන්න පුළුවන් ඒ මානව කි‍්‍රයාකරකයින් හැටියට. මිනිස්සු හැටියට. අපිට මෙය හඳුන්වාගන්න පුළුවන් අති භයංකරම මානව හිමිකම් උල්ලංගනයක් හැටියට.
අතුරුදහන් වීම් කියන මේ උල්ලංගනය මම හිතන්නෙ ඉතාමත්ම දීර්ග කාලයක් තිස්සෙ     ලෝකෙ නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තාවුන දෙයක්. නමූත් අතුරුදහන් වීම් කියලා විශේෂයෙන් මානව හිමිකම් උල්ලංගනයවීම් කොටසක් හඳුනා ගත්තෙ, දකුණු ඇමරිකාවේ (ලතින් ඇමරිකාවේ* සිදු වුනු ඩර්ටි වෝ මිල්ටරි පාලන සමයේ ඇති වුනු ඉතාමත්ම දරණු සිවිල් යුද්දෙ ආශ‍්‍රයෙන්.  මේක බොහොම සැලසුම් සහගතව කරන අති භයංකර, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල පහරක් ගහන උල්ලංගනයක් කියන ලෝකෙ ඉස්සෙල්ලම        අඳුර ගත්තෙ ඒ අවස්ථාව දි.
අපි දන්නවා 71 කැරැුල්ලෙදි අතුරුදහන් වීම් සිදු වුණා. පුද්ගලයින් අතුරුදහන් වුනා. අපි ඒක හඳුනාගත්තේ නැහැ සුවිශේෂි ආකාරයකට පුද්ගලයන් අතුරු දහන් වීමක් කියලා. පුද්ලයින් අතුරුදහන් වුනා. අපි දන්නෑ කොහෙද ඉන්නෙ කියලා. ඒක එතනින් ඉවරයි. ඔය විදිහට දිගින් දිගටම ඇවිල්ලා ශ‍්‍රී ලංකාවේ සිදුවුනු නොයෙකුත් දේශපාලන කැරලි කෝලාහල යුද්ද ආශ‍්‍රයෙන්, අපිට උතුරෙ වේවා, නැගෙනහිර වේවා, දකුණෙ වේවා හැම පළාතකටම හැම ජන කොටසකටම මේ අතුරුදහන් වීම අත්විඳින්නට සිදුවුනා පසුගිය දශක කිහිපය තුළදි. වෙන්වෙලා හිටියත්, එක් එක් ජන කොටස් ජනවාර්ගික පදනම මත, අපිට එක් ආකාරයක තියනවා පොදු අත්දැකීම්. මානව හිමිකම් පැත්තෙන් ගත්ගොත් ඒ පොදු අත්දැකීම් වලින් එකක් අතුරුදහන් වීම්. ඒක හැම ජන කොටසකටම පොදු වුනු දෙයක්. එක් එක් ආකාරයට බලපෑවා එක් එක් ජනකොටස්වලට. නමුත් මේක පොදු වුනු කාරණයක්. මේ නිසා රටක් හැටියට අපි හැමෝම පාහේ බරපතල මානව හිමිකම් උල්ලංගන අපරාධයක් හැටියට පිළිගන්න එකට කටයුතු කරන එක අතිශයින්ම වැදගත් වෙනවා. ඉතාම ඉහළ මට්ටමින් සිවිල් සමාජ සහයෝගය අවශ්‍යයි. පුරවැසි සහයෝගය අවශ්‍යයි මේ දෙය ඉටු කරවා ගන්න.
වදහිංසාව, අතුරුදහන් කිරීම වගේ උල්ලංගනයන් දිහා බැලූවොත් මේ උල්ලංගනයන්ගෙ මූලික පරමාර්ථය විසම්මුතියට තියන අයිතිය නැතිකරන එක. විසම්මුති ප‍්‍රකාශන, විසම්මුති අදහස් නැති කරන්න, තුරන් කරන්න, ඒවා නිශේධ කරන්න සිදුකරන ඉතාමත් භයංකර ක‍්‍රියාවක්. වධ හිංසාවත් අපි ඒ විදිහටම පිළිගන්නවා. අතුරුදහන්වීම් ලෝකය පුරාම බැලූවොත් ඉතාමත් ප‍්‍රබල විදිහට අපිට පෙනෙන්න තියන දෙයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වැදෙන ඉතාම ප‍්‍රබල පහරක් තමයි මේ අතුරුදහන් වීම. ශ‍්‍රී ලංකාව දිහා බලනකොට දැන් අපි භාවිතා කරන වචනයක් තමයි. වයිට් වෑන්. ශ‍්‍රී ලංකාවෙන් පිට ඉන්න අයට මේක තේරෙන්නේ නෑ. මොකක්ද මේ වයිට් වෑන් කියන එක කියලා.  ඒක මේ රටේ සිදුවුනු ප‍්‍රපංචයක්. බොහෝ විට ඔය වයිට් වෑනින් කියන සංස්කෘතියට ප‍්‍රපංචයට භාජනය වුනේ විසම්මුති කියන ප‍්‍රකාශ කරපු මාධ්‍යවේදීන්, එහෙම නැත්නම් දේශපාලන අදහස් දරපු ක‍්‍රියාධරයින්.
එක්සන් ජාතීන්ගේ අතුරුදහන් වීම් පිළිබඳ ක‍්‍රියාකාරී කමිටුව මගින් ශ‍්‍රී ලංකාව ලෝකයේ ඒක පුද්ගල මට්ටමින්, ජනගහනයෙන් සමානුපාතිකව ගත්තොත් මට මතක විදිහට පළවෙනි හෝ දෙවන ස්ථානය ගන්නේ ශ‍්‍රී ලංකාව කියන එක එක්දහස් නමසිය අනුගණන්වල මුල භාගයේදී ප‍්‍රකාශයට පත් කෙරුනා. ඒක ඉතාමත්ම විශාල අවාසනාවක්. ඒකෙන් අපි බැහැර වෙන්න  ඕනැ. ඉතින් දැන් මේ නීති නිසි ආකාරයට නිර්මාණය කරගන්න එක අතිශයින්ම වැදගත්. අපි ඒක පිළිගත යුතුමයි. අපි ඇති වෙලා තියෙන වර්ධනයන් දිහා බලපුවම අපිට පෙනෙනවා සාධනීය වර්ධයක්. එකක් මම කියන්න  ඕන. මානවහිමිකම් කොමිසන් සභාවට 2015 සිට මේ දක්වා අතුරුදහන් වීම් වාර්තා වෙන්නේ නෑ. ඒක සතුටින් අපි ප‍්‍රකාශ කරන්න  ඕන. ඒක රටම දිනා ගත්තු ලොකු ජයග‍්‍රහණයක්. ඒක ජනතාව බොහෝ කෑකෝ ගහල තමන්ගෙ මේ නිදහස දිනා ගත්තා ඒක විශාල ජයග‍්‍රහණයක්. යම් යම් වෙලාවට පැහැර ගැනීම් වාර්තා වෙනවා. නමුත් වාසනාවකට ඒ පුද්ගලයා කොහෙන් හරි හමුවෙනවා. මේව සම්පූර්ණයෙන් නතර කරන්න  ඕනැ. විශේෂයෙන්ම නිල බලය යොදලා එවන් ක‍්‍රියාවන් සිදුවෙන කොට. දැන් නීතියානුකූලභාවය. ශ‍්‍රී ලංකාව මානව හිමිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය අත්සන් කරලා දැන් එහි ප‍්‍රර්ශව කරුවෙක් වෙලා ඉන්නවා. ඒක ජනතාව හැටියට විශාල හයියක්. මානව හිමිකම් කොමිෂන් සභාව හැටියටත් අපේ වැඩකටයුතු කරගෙන යන්න විශාල හයියක්. මොකද ඒකට හේතුව ශ‍්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රතිඥාවක් දිල  තියනව, මේ අතුරුදහන් වීම් තුරන් කිරීම සඳහා වූ මේ ප‍්‍රතිපාදන ශ‍්‍රී ලංකාව තුළ නීතිය බවට පත් කිරීමට. අපි ප‍්‍රතිඥා දෙනවා කියන එක තමයි මෙතනින් ගම්‍ය වෙන්නෙ.
මේ අනුව යමින් දැන් පනත් කෙටුම්පතක් හැටියට ගැසට් කරලා තියනවා. ඒ සම්මුතිය ශ‍්‍රී ලංකාව තුළ නීතියක් හැටියට අවශ්‍යවන ප‍්‍රතිපාදන ඇතුලත්කර. දැන් මේ පනත් කෙටුම්පත මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යයනය කර අවසන්. එහි නිර්දේශ වැඩි දුරටත් වැඩිදියුණු කරන්න පුළුවන් කියන එක අපේ විශ්වාසයයි. ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා එන සතිය ඇතුළත. ඒ පනත් කෙටුම්පත, පනත් කෙටුම්පතක් විදිහට ගත්තම බොහොම හොඳ පනත් කෙටුම්පතක් හැටියට අපිට පිළිගන්න පුළුවන්.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *