මහින්දගේ ආරක්ෂාව අනතුරේලූ “බොල් පිළිම ඔසවා තැබීම” – භාතිය බරුකන්ද
‘ප්‍රථමයෙන්ම ආරක්ෂාව’ මේ බොහෝ වැඩබිම්වල ලොකු අකුරෙන් ප්‍රදර්ශනය කර ඇති වාක්‍යයක්. සිය ගාණනක් කම්කරුවන් ඇතුළු පිිරිසක් අඩි සිය ගණන් ඉහළ වැඩ කරන කොට ඉතාම වැදගත් වන්නේ ආරක්ෂාව කියන එක මුළු ලෝකයම පොදුවේ පිළිගන්නා දෙයක්. ඒ නිසා ආරක්ෂාව තහවුරු කරන්න වාගේම ශක්තිමත් කරන්නත් හැකි සෑම පියවරක්ම ගන්නවා.
ඒත් ආරක්ෂාව සම්බන්ධයෙන් අපූරුම කතාව මීට කාලයකට පෙර ප්‍රකාශයට පත් වුණේ හිටපු ජනපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ. අන්තවාදයෙන් හා ත්‍රස්තවාදයෙන් උතුර – දකුණ දෙකම ගිනි ගන්න කොට ජේ.ආර්. ජයවර්ධන මහතා ‘තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගත යුතුයි’ කියලා කිවුවා. ජේ.ආර්ගේ මේ කතාව ඒ කාලේ විපක්ෂය පතුරු ගැහුවා. ඒත් තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගත්ත නිසාද කොහෙද ජේ.ආර්. ජයවර්ධන මහතා පරමායුෂ භුක්ති විඳලා මිය ගියා.
ජේ.ආර්ගේ මේ කතාව මතක් වුණේ ‘මහින්දගේ ආරක්ෂාව අනතුරේ දාලා එතුමම ඝාතනය කරන්න අණ්ඩුවේ සැලසුමක් තිබෙනවා’ කියලා පසුගිය දා විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව දෙවනත් වෙන්න කළ කතාවත් එක්ක. විමල්්ගේ මේ ආන්දෝලනාත්මක කතාවත් එක්ක ‘මහින්දගේ ආරක්ෂාව අඩු කරලා’ කියන කතාව නැඟලා ගියා. ජාතික ජනමාධ්‍යවල, සමාජ මාධ්‍යවල පුළුල් අවකාශයක් ඒ වෙනුවෙන් වෙන් වුණා.
ජනමාධ්‍ය අවුල
ලංකාවේ ජාතික මාධ්‍ය වගේම සමාජ මාධ්‍යත් අනුගමනය කරන මාධ්‍ය න්‍යාය වන්නේ ‘හා න්‍යාය සහ සෝඩා න්‍යයා’ නිසා මහින්දගේ ආරක්ෂාව අඩු කිරීම හෝ මහින්ද අනාරක්ෂිත කිරීම පිළිබඳ කතාව ගැඹුරින් සාකච්ඡුා කිිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ සටහන මගින් මේ අවකාශය පුරවා දැමීම තමයි අපේක්ෂා කරන්නේ.
මේ කතාවට ප්‍රවේශයක් ගැනීමට අපි මුලින්ම අපේ රටේ වත්මන් මාධ්‍ය භාවිතය ගැන මීට ඉහතින් සඳහන් කළ ‘හා න්‍යාය’ හා ‘සෝඩා න්‍යාය’ ගැන සුළු පැහැදිලි කර ගැනීමක් කරගත යුතුයි.
ඔබ පුංචි කාලේ අහලා ඇති බෙලි ගහක් යට පොඩි නින්දක හිටිය හාවෙක් කළ කළබැගෑනිය ගැන. ඒ කතාව අහලා නැතිනම් කතාව කෙටියෙන් මේකයි. එක කැලෑවකට ජීවත් වුණ හාවෙක් දවසක් දා බෙලි ගහක් යටට වෙලා පොඩි නින්දක් දැම්මා. ඔහොම ඉන්න අතරේ හාවා තමන් කැමැති එක එක දේවල් හීනෙන් දැක්කා. ඔය අතර බෙලි ගෙඩියක් බිමට වැටුණා. මේ සද්දෙට හාවා ඇහැරුණා. දකිමින් හිටිය හීනේ නිසා හාවා හිතුවේ ලෝකේ පෙරළෙනවා කියලා. ඉතිං ලෝකේ පෙරළෙන එකෙන් බේරෙන්න කියලා පණ කඩා ගෙන දිවුවා. හාවා දුවනවා දැකපු මුවා ඇහුවා ‘ඇයි මේ හයියෙන් දුවන්නේ කියලා’ හාවා කිවුවා ‘ලෝකේ පෙරළී ගෙන එනවා, ඒකෙන් බේරෙන්න දුවනවා කියලා’ මේ කතාව අහපු මුවත් දුවන්න පටන් ගත්තා. ඔන්න ඉතිං අන්තිමට මුළු කැලේ සත්තු සේරම එක පෙළට දිවුවා.
අපේ ජනමාධ්‍යත් මේ ටිකම තමයි කරන්නේ වාර්තාකරණයේ වැදගත්ම දේ වන ‘විශ්වාසනීයත්වය’ මේ බොහොමයක් මාධ්‍යවල නැහැ. ඒ නිසා හාවා වාගේ ප්‍රවෘත්තියක් දැක්ක ගමන් කලබල වෙනවා. වාර්තා කරනවා. මුළු රටම ගිනි තියනවා. ඒ නිසා අපේ බොහොමයක් ජනමාධ්‍ය වල වාර්තාකරණ න්‍යාය, එහෙම නැතිනම් අත්පොත විදිහට ‘හා න්‍යාය’ සැලකිය හැකියි.
‘සෝඩා න්‍යාය’ කියන්නේ ‘ක්ෂණික වාර්තාකරණය’ හරියට සෝඩා බෝතලේ කැඩුවා වාගේ. තත්ත්පරයයි දෙකයි. ඊට පස්සේ ඒ ගැන පසු විපරමක් තියා ප්‍රවෘත්තිය යාවත්කාලීන කිරීමක්වත් සිදුවන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වය නිසා ‘මහින්ද රාජපක්ෂයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂකයින් ඉවත් කිරීම අපේ බොහොමයක් මාධ්‍යවලට ‘ප්‍රධාන ප්‍රවෘත්තියක්’ වුණා.
කතාවේ අගමුල
එත් මේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක භටයින් ඉවත් කිරීම සම්බන්ධ සිදුවීම් මාලාවේ මුල්ම එක නෙමෙයි. අපිට මතකයි බොහොම මෑතකදී ‘මහින්දගේ ආරක්ෂාවට පත් කර හිටිය යුද හමුදා භටයින් ඉවත් කරලා පොලිස් විශේෂ කාර්ය බළකායට පැවරුවා’ කියලා මහා ගාලගෝට්ටියක් ඇති කළා.
මේ සිදුවීම්වලට අද මහින්දවාදීන් විවිධ අර්ථකථන දෙනවා. ඒත් අපිට දකින්න පුළුවන් පැහැදිලි තත්ත්වය තමයි මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පරාජයට පත් වූ 2015 ජනවාරී 08 වැනිදා ඉඳලා මේ කතාව යළි යළිත් වේදිකාවට එන බව. මේක හරියට ‘කෝපි කඬේ’ වාගේ. එක එක සතියට අලූත් අලූත් කතා එනවා. ඒත් අරමුණ, එහෙම නැතිනම් න්‍යාය පත්‍රය එකයි. නළුවොත් එකයි. කතාවෙන් කතාවට ප්‍රධාන නළුවා වෙනස් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉතාමත් ශක්තිමත් ආරක්ෂාවක් ලබාදිය යුතු බව මෙම ලේඛකයාත් පිළිගන්නවා. ඒ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා කළ මෙහෙවර කිසිවෙකුට ලඝු කළ නොහැකි නිසා. ඇත්තටම මහින්ද නැතිනම් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සිදු කළ නොහැකි දෙයක්ව තිබුණා. ඒ නිසා පණ බේරාගත් කොටි ත්රස්තවාදීන්ගෙන් හෝ ඔවුන්ගේ අනුගාමිකයින්ගෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට තර්ජනයක් තිබිය නොහැකි බව කිසිවකුට ප්‍රකාශ කළ නොහැකියි. ඒ විතරක් නොවෙයි මහින්ද රාජපක්ෂ අනාරක්ෂිත කරනවාට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මහින්දවාදීන් පමණක් නොවෙයි පොදු ජනතාවත් කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ.
ඒත් මේ සමග ප්‍රශ්න කිහිපයක් නොවෙයි රැුසක් පැන නගිනව.
වැපිරූ හැටියට නෙළා ගැනීම
අපේ කතාවක් තියෙනවා ‘වැපිරුව හැටියට තමයි නෙලා ගන්න වෙන්නේ කියලා’ මහින්දගේ ආරක්ෂාව අඩු කිරීම ගැන කතාව එළියට එන හැම අවස්ථාවකම බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ‘මහින්ද ඔය කපා ගන්නේ වැපිරුව දේවල් ’ කියලා.
මේ කතාවේ තේරුම මොකක්ද ? ඒකට ඉතිහාසය, වර්තමානය හා අනාගතය යන පැති තුනටම යන්න සිද්ධ වෙනවා. අපි මුලින්ම ඉතිහාසයට ගියොත් අපිට හම්බවෙන්නේ බොහොම කැත සිදුවීම් පෙළක්.
පළමු කතාව – හිටපු ජනපතිනිය චන්ද්‍රිකා
මේ සිදුවීම් පෙළේ ජනප්‍රිය හා ප්‍රධාන කතාව සම්බන්ධ වෙන්නේ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සමග.
‘කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම’ කියන කතාවේ හිටපු ජනපතිනියගේ භූමිකාව හා කාර්යභාරය කිසිවකුට ලඝු කළ නොහැකියි. වඩාත්ම අවධාරණාත්මකව ප්‍රකාශ කළහොත් ඇය කොටි මරාගෙන මැරෙන බෝම්බයක ගොදුරක් වෙලා ( 2000 ජනපතිවරණ සමයේ කොළඹ නගර සභා පිටියේ බෝම්බ ප්‍රහාරය* අනුනමයෙන් දිවි ගළවා ගත්තේ ඇසක් අහිමි කරගෙන.
ඒ වගේම තමයි කොටි ග්‍රහණයේ තිබුණ යාපනය මුදා ගත්තේ ( 1995* හිටපු ජනපතිනිය විසින්. ඒ වගේම ජයසිකුරු ඇතුළු දැවැන්ත මෙහෙයුම් ඇය යටතේ ක්‍රියාත්මක වුණා. 2005 දී ඇය මහින්දට කොඩිය භාරදෙන කොට ඇය කොටි ත්රස්තවාදයේ ප්‍රධාන ගොදුර බවට පත්වෙලා හිටියා.
ඒත් 2005 ජනපතිවරණයේ ජයගත් විට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිනිගෙන් සහ ඇයගේ කිට්ටු හිතවතුන්ගෙන් ( මංගල සමරවීර, බර්ටි පේ‍්‍රමලාල් දිසානායක, පියසේන ගමගේ * එළව එළවා පළිගත්ත බව කිසිවකුට රහසක් නොවෙයි. ඒ සමග මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් කළේ කුමක්ද ? හිටපු ජනපතිනියම පසුගිය දා අවධාරණාත්මකව ප්‍රකාශ කළ ආකාරයට ඇයගේ ආරක්ෂාව අඩු කිරීම.
ඇත්තටම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ එය කළ බව හිටපු ජනපතිනිය පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවා මුළු රටටම හෙළි කළා.
මහින්ද එදා හිටපු ජනපතිනියගේ ආරක්ෂාව අඩු කළේ යුද්ධය ජයටම කෙරීගෙන යන අතරතුරේදී. එදා මහින්ද රාජපක්ෂ හෝ අද මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් කෑමොරදෙන කිසිම පාර්ශ්වයක් එදා හිටපු ජනපතිනියගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් එක වචනයක් ප්‍රකාශ කළේ නැහැ.
‘මහින්ද අද කපන්නේ එදා වැපිරුව දේ’ කියලා ජනතාව කියන්නේ මේ නිසයි.
ජානක පෙරේරා
ජෙනරාල් ජනක පෙරේරා කියන්නේ කොටි ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ අයෝමය චරිතයක්. ඒ බව මුළු යුද හමුදාවම පොදුවේ පිළිගන්නවා.
ජානක පෙරේරා හමුදා සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ ඉතාම වැදගත් තීන්දුවක් ගන්නවා. ඒ දේශපාලනයට පිවිසීමට. අවාසනාවට ජානක පෙරේරා දේශපාලනයට එන්නේ මහින්ද රාජපක්ෂයට විරුද්ධ එක්සත් ජාතික පක්ෂයෙන්. උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂකයා විදිහට ජානක පෙරේරා නාම යෝජනා භාර දෙනවා.
මේ සමගම සිදුවන්නේ කුමක්ද ? කොටි ත්රස්තවාදීන්ට එරෙහිව දැවැන්ත මෙහෙවරක් කළ, අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආරක්ෂ ඇමැතිවරයා වේවි කියලා විශ්වාස කළ ජානක පෙරේරාගේ ආරක්ෂාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ලිහිල් කරනවා. ඒ සමග සිදු විය යුතු දේ බොහොම කෙටි කාලයකින් සිදු වෙනවා. අනුරාධපුරයේ පැවැති ප්රචාරක රැුස්වීමකදී ජානක පෙරේරා කොටි මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ පහසු ගොදුරක් බවට පත් වෙනවා. මේ ඝාතනය හා සම්බන්ධ නඩුව මේ මොහොතේදීත් විභාග වෙනවා. ඒත් ඝාතනය ලක් වූ අභීත සෙන්පති ජානක පෙරේරාට කිසිමදාක සාධාරණය ඉටු වෙයි කියලා විශ්වාස කළ නොහැකියි.
ජානක පෙරේරා මහින්ද රාජපක්ෂගේ මහ ඇමැති අපේක්ෂකයා වුණා නම් අදත් ජීවතුන් අතර බව බොහෝ දෙනෙක් කියනවා. ඒ කතාවෙන් නොකියා කියන්නේ කුමක්ද කියලා අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.
අද මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය කතා කරන්නේ මොන පැත්තෙන් ද කියලා බුද්ධිමත් හා මේ රටේ දේශපාලන ඉතිහාසය ගැන සංවේදී, දැනුවත් ජනතාව අහන්නේ මේ නිසයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා
එක්සත් ජාතික පක්ෂයෙන් ( විපක්ෂයේ පොදු අපේක්ෂකයා* මැතිවරණයට ඉදිරිපත් වූ නිසා දැවැන්ත වන්දියක් ගෙවූ සුවිශේෂම පුද්ගලයා ලෙස හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා හැඳින්විය හැකියි.
ජෙනරාල් ෆොන්සේකා ගැන අටුවාටීකා ලිවිය යුතු නැහැ. කොටි ත්රස්තවාදයට එරෙහි යුද්ධයේදී ජෙනරාල් ෆොන්සේකාගේ භූමිකාව තීරණාත්මකයි. කොටින්ම මහින්ද රාජපක්ෂගෙන් තොරව යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි වනවා සේම ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් තොරව ද යුද්ධය ජයග්‍රහණය කළ නොහැකියි.
ඒත් ජානක පෙරේරා වාගේම ජනරාල් සරත් ෆොන්සේකාත් බොහොම කෙටි කාලයකින් මහින්ද රාජපක්ෂගේ දේශපාලන හතුරෙක් බවට පත් වෙනවා. ඒක ජානක පෙරේරාටත් වඩා ඉදිරියට ගිය කතාවක්. ජෙනරාල් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී මහින්දගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුණා.
විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව හිටපු හමුදාපතිවරයාගේ මේ අභීත තීන්දුව සමග හැසිරුණු ආකාරය මේ රටේ ජනතාවට අමතක විය නොහැකියි. ජනපතිවරණය දා දක්වා ඔවුන් ජනමාධ්‍ය තුළ මේ රණවිරුවාට කළ නිග්‍රහ සහ අවමන් අමතක කළ හැක්කේ විශ්වාස කළ නොහැකි තරම් කුහකයෙකුට පමණයි.
ඒ දවස්වල මාධ්‍ය වාර්තා කළ ආකාරයට මහින්ද හිටපු හමුදාපතිවරයාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම දුර්වල කළා. ඊට පස්සේ සිද්ධ වුණේ මේ ලෝකේ ප්රජාතන්ත්රවාදයට එක් කළ දැවැන්තම කලූ පැල්ලම එක්වන හෝරාව.
ජනපතිවරණය අවසන් වුණ විගස විජයග්‍රාහී මහින්ද රාජපක්ෂ කළේ ජෙනරාල් ෆොන්සේකා ඇතුළු ඔහුට සහාය දුන් හමුදා කණ්ඩායම් නිර්දය ලෙස දඩයම් කිරීම. අවසානයේ ජම්පරයක් ඇඳ ගත්ත හිටපු යුධ හමුදාපතිවරයාට, ලක්ෂ 40 ඡුන්ද ලබාගත් විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයෙක් අපිට වැලිකඩදී වගේම දිනපතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීත් දැක ගන්න පුළුවන් වුණා.
ජෙනරාල් සරත් ෆොන්සේකා රඳවා හිටියේ කොටි සැකකරුවන් පමණක් නොවෙයි කොටි හිතවාදීන් සිය ගණනක් රඳවා හිටි වැලිකඩ. ජෙනරාල්ව අධිකරණයට ගෙන ගියේ කිසිඳු ආරක්ෂාවක් නැතිව බව එදා මාධ්‍ය වාර්තා කළා. ඔහුගේ නම සියලූම යුධ ජයග්‍රහණවලින් ඉවත් කළා. මාධ්‍ය වාර්තා කියන ආකාරයට මහා වංශයෙන් පවා ඉවත් කළා.
එදා ජෙනරාල් ෆොන්සේකාගේ ආරක්ෂාව දුර්වල කිරීම ගැන අද මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ මොරදෙන කිසිවෙක් කතා කළේ නැහැ. ඒ දේශපාලන කුහකත්වය නිසාම නොවෙයි. මහින්දගෙන් තොර පැවැත්මක් නැති නිසා. මහින්දගේ හතුරන් තමන්ගේ ද හතුරන් සේ සලකන නිසා.
මේ කතා තුන අද මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කළා කියන බෙරිහන් දෙන සියලූ දෙනාම යළි යළි මතකයට නගා ගත යුතුයි. ‘ඉතිහාසය අමතක කළ මිනිහට වර්තමානයක් හා අනාගතයක් නැහැ’ කියලා කියනවා. තමන් බලයේ සිටියදී බල යෂ්ටිය වනමින් කළ සෙල්ලම් අමතක කරමින් හැසිරෙන හිටපු පාලකයින්ට අනාගතයක් නැත්තේ තමන් කළ කී දෑ බොහොම පහසුවෙන් අමතක කරන නිසා.
අවසාන වශයෙන්
මහින්ද රාජපක්ෂ ප්රමුඛ කල්ලිය 2009 යුධ ජයග්‍රහණයේ සිට මුළු රටේම දේශපාලන බලය ඉතා පහසුවෙන් දිනාගත්තේ, අභ්‍යාස කළේ ඒ විස්මිත යුද ජයග්‍රහණයේ දිස්නයෙන් මුළු සමාජයම මුසපත්ව සිටි නිසයි. පළාත් සභා, ප්‍රාදේශීය සභා, 2010 ජනපතිවරණය හා මහ මැතිවරණය ආදි සියලූම ඡුන්ද දැවැන්ත බලයක් සහිතව ජයග්‍රහණය කළේ මේ යුද ජයග්‍රහණයේ අයිතියට සිටි එකම හිමිකරුවන් නිසා. ( 2010 ජනපතිවරණයත් සමග යුධ ජයග්‍රහණයේ සම හවුල්කරු ජනරාල් සරත් ෆොන්සේකා දේශ ද්‍රෝහියෙකු ලෙස නාමකරණය විය*
එදා මහින්ද ඇතුළු ආණ්ඩුව රටට සහතිකයක් දෙමින් කීවේ කුමක්ද ? ‘යළි කිසිදා හිස එසවිය නොහැකි ආකාරයෙන් සදාකාලිකවම කොටි ත්‍රස්තවාදය පරාජය කළ බව’යි. එය විශ්වයම විශ්මයට පත් කළ අසහාය ජයග්‍රහණයක් බවයි.
මහින්ද රාජප්ෂක ඇතුළු කල්ලියේ මේ කතාව නොපිළිගත්තේ කවුද ? කිසිවකු නැත.
එහෙත් අද බලය අහිමි මහින්දවාදීන් ප්‍රකාශ කරන්නේ ‘කොටි යළි නැගිටින බවකි’ සහමුලින්ම පරාජය කළ බව කියන, මිනී පෙට්ටියේ අවසන් ඇණය ද ගැසූ බව කියන කොටි යළි නැඟී සිටී නම් ඔවුන් එදා රට හමුවේ කී කතාවේ යම් කොස්සක් තිබිය යුතුය. නැතිනම් ඔවුන් කොටි සදාකාලිකව පරාජය කර නැත. සියයට සියයක් අවසන් නොකළ වැඩක් වෙනුවෙන් සම්පූර්ණ ගෙවීම ම ලබා ගෙන ඇත.
අද අප හමුවේ පවතින ප්රශ්නය එයයි.
බොරු කියන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය ද ? බුද්ධි අංශ දැයි අපි නොදනිමු. එහෙත් පුරවැසියන් සේ මේ පුංචි ප්රශ්නය පමණක් අපට ඇති වෙන බව ලියා තබමු.
ඒ මෙයයි, ආණ්ඩුව පෙරළන්න තුන් තිස් පැයේ රට වටේ දුවන, ආණ්ඩුවට එරෙහිව ජනමතය සංවිධානය කිරීමට දවසට ජනහමු සිය ගණනක් තියන මහින්ද රාජපක්ෂ නම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නඩත්තු කිරීමට මෙතරම් මහජන සම්පත් වැය කළ යුතුද ? දුම්මල වරම අතට ගත්තකු සේ රටවටා දුවන හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව දුර්වල කර ගන්නේ ඔහු විසින්ම නොවේද ?
අනෙක් අතින් තමන් විසින්ම සහමුලින්ම පරාජය කළ බව කියමින් අදාළ ගෙවීමෙන් මුළු කොටසම ලබාගත් පාලකයාට ‘කොටි යළි නැගිටිනවා’ යැයි කීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?
‘හොරට පෙර කැණ වැට පණිනවා’ යැයි කතාවක් තිබේ. විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ කල්ලිය ‘කොටියා එනවෝ… කොටියා එනවෝ ’ යැයි කියමින් මේ රඟපාන්නේ තීරණාත්මක අවස්ථාවකදී ජනතාවගේ අති සංවේදී තැන් ස්පර්ශ කරන ප්‍රහසනයක් යැයි කාට නම් කිව හැකිද ?
පුරවැසියන් ලෙස අපට නම් කීමට ඇත්තේ ‘කවුරු කවුරුත් වැපිරූ දේ අපූරුවට කපා ගනිමින් සිටින බව’ පමණකි. ඒත් බුද්ධි අංශ නිලදරුවනි, ප්‍රවේශමෙන්. මෙවැනි රංගන ලෝක ඉතිහාසය තුළ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබේ. බොල් පිළිම ඔසවා තැබීමට අවශ්‍ය වන්නේ පුංචි තල්ලූවක් පමණකි.
