රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමත් එක්ක ආණ්ඩුවට අත්වුනේ දැවැන්ත දේශපාලන පරාජයක්.ඒ පරාජයෙන් ගොඩඑන්න විදිහක් කල්පනා කරමින් ඉන්න කොට තමයි කෙහෙල්බද්දර පද්මේ ප්රමුඛ සංවිධානාත්මක අපරාධ කල්ලිය අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනාවේ.ඇත්තටම මේ අපරාධ කල්ලිය කොටුවීම ආණ්ඩුවට පෑදුණු ඉල්ලමක් වගේ.
ආණ්ඩුව මේ අපරාධ කල්ලියෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරනවාත් එක්කම ආණ්ඩුවට හිතෙන්න ඇති නියම බඩු ටික හම්බවුනා කියලා.පහුගිය කාලේ පුරාම හොරු අල්ලනවා කිව්වට මේ ආණ්ඩුව අල්ලපු හොරෙක් නෑ.අධිකරණය විසින් මේ දක්වා අච්චු කරලා තියෙන්නේ පහුගිය ආණ්ඩුවලින් දාපු නඩුවලට. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවෙන් දාපු නඩුවලට.ඇත්තටම ආණ්ඩුව ගොඩ ගියේ අනුන් දාපු නඩුවලින්.
බලයට එන්න ඉස්සෙල්ලා අනුර ලග තියනවා කියපු ෆයිල් 400ය බලය ගන්නවාත් ඒක්ක අතුරුදහන් වුනා.ආණ්ඩුව ගත්ත මුල් කාලේ අනුර කිව්වේ හොරු අල්ලන්න පටන් ගත්තට පස්සේ කෙඳිරි ගාන්න එපා කියලයි.අනුර එහෙම කියනකොට විපක්ෂය පැත්තෙන් කිව්වේ හොරු අල්ලන්නේ නැතිව කෙඳිරි ගාන්න එපා කියලයි.විපක්ෂ විතරක් නෙවෙයි ආණ්ඩුවට ඡන්දෙ දුන්න අයත් ඇහුවේ හොරු ඇල්ලන්නේ නැද්ද කියලයි.
එහෙම හිරවෙලා හිටිය ආණ්ඩුව අන්තිමට අත තිබ්බේ රනිල්ට. හැබැයි රනිල්ට අත තියපු ආණ්ඩුව අත පුච්ච ගත්තා.රනිල් හොරෙක් කරන්න ඉදිරිපත් කළේ ඉතාම දුර්වල චෝදනා.ඒ වෙනකොටත් ආණ්ඩුව හොරු අල්ලන පැත්තෙනුත් ෆේල් වෙලා හිටියේ.ඒ වගේම අනුර දිගටම කියන කතාවක් තමයි කිසිම අපරාධයක් කාලයේ වැලිතලාවෙන් වැහෙන්න දෙන්නේ නෑ කියලා. එහෙම කියපු අනුරලාට පාස්කු වින්දිතයන්ට තවමත් සාධාරණ උත්තරයක් දෙන්න බැරිවෙලා තියනවා.
පාස්කු ප්‍රහාරයට අවුරදු හයක් සම්පුර්ණ උන පහුගිය අප්‍රියෙල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා රටට හෙලි කරනවා කියලා අනුර කිව්වා.හැබැයි ඒක රට ඉස්සරහා පට්ටපල් බොරුවක් වුනා.ඒ වගේම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට,වසීම් තාජුදීන් ඝාතනයට,ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන යෑමට, ලලිත්,කූගන් පැහැරගෙන යෑමට එරෙහිව අඩුම ගානේ තවම සාධාරණ උත්තරයක් දෙන්න බැරිවයි ආණ්ඩුව ඉන්නේ.
ඒ ක්‍රියාවලිය එහෙම වෙද්දී ආණ්ඩුවේ රාජ්‍ය පාලන ක්‍රියාවලිය බරපතල කඩා වැටීමකට ලක්වෙලා.විශේෂයෙන්ම රටේ ආර්ථික ආයෙත් අවධානම් සීමාවකට ගමන් කරමින් තියනවා.සියලු අන්තර්ජාතික මිනුම් දඬු ඉදිරියේ රටේ ආර්ථිකය කඩාවැටෙමිනුයි තියෙන්නේ.2028දී අපේක්ෂිත ඉලක්කවලට යන්න බෑ.දැනටමත් රුපියල බාල්දුවීම දිගටම සිද්ධ වෙනවා.ණය බර වේගයෙන් ඉහල යනවා.උද්ධමනය වැඩි වෙනවා.මහ බැංකුවේ පුරෝකථනවලට අනුවත් ඉදිරි ආර්ථික සංවර්ධනය අවිනිශ්චිතතාවයක තියනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කිසිම සහනයක් නෑ. ආණ්ඩුව පැත්තෙන් ආයෙත් සැරයක් විදුලි බිල වැඩි කරන්න මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලමක් යවලා තියනවා.මීට ඉස්සෙල්ලත් ආසන්න කාලයේ 15%ක විදුලි බිල වැඩිවීමක් කළා. ආයෙත් සැරයක් 5%කින්වත් විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. එහෙම උනොත් පීඩිත ජන කොටස් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා වලටම වැටෙනවා.ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදිහට බදු ටික එකතු කරන ආයතනය බවට පත්වෙලා.
ආයෝජන ගේන්න,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බදු සහන දෙන්න ආණ්ඩුව පෑත්තෙන් කිසිම උත්සාහයක් නෑ. ඇත්තටම රවී කරුණානායක නිතර සදහන් කරනවා වගේ ආණ්ඩුව කිසිම ආර්ථිකය දැක්මක් නැතිව ඔහේ ඉස්හරහට යනවා.රවී කියන විදිහට මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ මහ බැංකුවේ හිරකාරයෙක් බවට පත්වෙලා.
ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිලිගන්න රවීලත් රාමුවෙන් එලියට ඇවිත් හිතද්දී ලිබරල්වාදය ප්‍රතිකේෂ්ප කරපු ව්‍යාපාරයක් විදිහට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ මහ බැංකුව කියන රාමුව ඇතුලේ ආණ්ඩුව කොටුවෙලා ඉන්නවා.Out of the box හිතන්න ආණ්ඩුවට බෑ.ඒ වගේම ආණ්ඩුව ජාත්‍යන්තර සබඳතා අංශයේ ඇමරිකාව පමණක් ඉලක්ක කරගත්ත ගමනක් යමින් ඉන්නවා. ඒක නිසා ලෝකයේ අපට හමුවෙන අවස්ථා අතහැර දමමින් ඉන්නවා.අනුරට මේ පාර ෂෑංහයි සමුළුව අතෑරියා.
ඇත්තටම ගොඩක් අය හිතන්නේ අනූරගේ හීනමානය හින්දා ෂැංහයි සමුළුවට ගියේ නෑ කියලයි.ඇත්තම හේතුව ඒක නෙවෙයි. ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ආපු බලපෑම තමයි ප්‍රධාන හේතුව.ඇමරිකාව අපිට සහ පකිස්ථානයට ඒ බලපෑම කළා.අපි ඒ බලපෑමට යටවෙලා ෂෑංහයි සමුළුව අතෑරියා.හැබැයි පකිස්ථානය සමුළුවට සහභාගී වුනා.මෙන්න මෙහෙම දේශපාලන,ආර්ථික සහ සමාජීය ක්ෂේත්රවල දැවැන්ත වරද්දා ගැනීමක් එක්ක තමයි පහුගිය මාස එකොළහ අනූරගේ ආණ්ඩුව ඉදිරියට ආවේ.
ඒ වගේම ඒක රටේ ජනතාවට දැනෙමින් තිබුණා. ඊට විරුද්ධ අරගල මතුවෙමින් තිබුණා.ඒවාට විරුද්ධව පැලවත්ත පැත්තෙන් ගත්ත ක්‍රියා මැර්ගත් එක්ක තත්වය බරපතව නරක අතට හැරුණා.විශේෂයෙන්ම ටිල්වින්ගේ මෙහෙයවීම යටතේ පෙරටුගාමීන්ගේ යක්කල කාර්යාලට එල්ල කරපූ මැර ප්‍රහාරයෙන් ජවිපෙ සම්බන්ධව සහ පැලවත්ත සම්බන්ධව සම්පුර්ණයෙන්ම නෙගටිව් චිත්‍රයක් හැදුනා.එහෙම තිබුණ අවස්ථාව තමයි ආණ්ඩුවට ඉෂ්ඨ දෙවියෝ සෙට් එකක් වගේ කෙහෙල්බද්දර පද්මේ සහ ගෝලයෝ සෙට් එක කියන ලොතරැයි වාසනාව ඇදෙන්නේ.
ඒ හරහා යම් කාලයකට රටේ ප්‍රශ්න අමතක කරලා පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මතවාදයක් ගොඩ නගන්න ආණ්ඩුවට පූළුවන්වෙලා තියනවා.ඒ මතයෙන් අපේ රටේ පාතාලයවත් මත්ද්‍රව්‍ය ජාවාරමවත් නවතියි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.හැබැයි ඒ මතවාදය පාවිච්චි කරගෙන විපක්ෂය තවත් වටයකින් පස්සට තල්ලු කරන්න ආණ්ඩුවට පූළුවන් වෙයි. විශේෂයෙන්ම රාජපක්ෂලා මේ ප්‍රහාරයේ ඉලක්කයක් බවට පත්වෙයි.
ඒක නිසා මේ ලැබුණ අවස්ථාවෙන් ආණ්ඩුව උපරිම ප්‍රයෝජන ගනී.ඇත්තටම ආණ්ඩුව විවිධ හේතු යොදාගෙන විරුද්ධවාදීන් මර්ධනය කිරීමේ කලාව කාටත් වැඩිය හොඳට කරනවා. රාජපක්ෂලාටත් වැඩීය හොඳට මෙයාලා බලය ඒකරාශි කරගැනීමේ මෙහෙයුම කරනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
