| |

ජෙප්පා යනු හොරාට කියන තව නමකි – රටේ රාළ.

.
ගල් අඟුරු වංචාවේ වගකීම බාරගනිමින් නෙවෙයි බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වුනේ. ඒ දෙන්න කියන්නේ ජනාධිපති අනුර කුමාර පත්කරන පූර්ණ බලැති ජනාධිපති විමර්ශන කොමිෂම හරහා කරන විමර්ශ අපක්ෂපාතීව සහ ස්වාධීනව කරන්න ඉඩ සලසන්න ඉල්ලා අස්වුනා කියලා.
ඒ කතාවේ හැටියට පැහැදිලි වෙන්නේ දෙන්නා ආයෙත් නිර්දෝෂි වෙලා එන්න හිතාගෙනයි ඉල්ලා අස්වුනේ කියලයි.එහෙම පොරොන්දුවක් අනුර ඒ දෙන්නටම දීලා තියනවා.එතකොට එන පළවෙනි ප්‍රශ්නය තමයි මේ ජනාධිපති කොමිසම පත් කරන්නේ එයාලා නිර්දෝෂී කරන්නද?අනුර පත් කරන ජනාධිපති කොමිෂමේ කාලය මාස හයයි.(අපි මේ ජනාධිපති කොමිසමක් කියන්නේ මොකක්ද කියලා වෙනම කතා කරමු)
මේ ජනාධිපති කොමිෂන් සභාවට පැවරෙන්නේ 2009 ඉඳන් ගල් අඟුරු ගෙන ඒමේදී සිද්ධවෙලා තියන අක්‍රමිකතා ගැන පරීක්ෂණ කරලා වාර්තාවක් දෙන්න.වාර්තාවේ නිර්දේශ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ජනාධිපතිට පුළුවන්.ඇත්තටම කාතාව බැලූ බැල්මටම ලස්සනයි.අනුර ජනාධිපති බලතල භාවිතා කරමින් මේ කරන්න හදන්නේ තවත් වංචාවක්.
ඒ කියන්නේ දැන් සිද්ධවෙලා තියන වංචාවට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට එහෙම වංචා ඉතිහාසයෙත් සිද්ධවෙලා තියනව කියලා හොයලා බලන්න කොමිෂමක් පත්කරන එකයි.ඒක වර්තමාන හොරුන්ට බේරෙන්න නියම ක්‍රියාමාර්ගයක්.මාස හයකට පස්සේ අනුරට පුළුවන් ඕනි නං තව මාස හයක් දීර්ඝ කරන්න.අනුරට ඕනි නං උපරිම උනොත් තව මාස තුනක් ඔය කොමිසම දික්කරන්න පුළුවන් වෙයි.
මොකද අනුර එච්චර කල් බලයේ හිටීද කියලත් විශ්වාස නෑ.අනුර දූෂිතයෙක් නෙවෙයි නං අනුර කරන්න ඕනි ගල් අඟුරු සම්බන්ධ විගණන වාර්තාව නීතිපතිට යවලා අවශ්‍ය නීතිය ක්‍රියාමාර්ග ගන්න කියලා නියෝග කරන එකයි.ඒක කරලා ඉවරවෙලා 2009 ඉඳන් ගල් අඟුරු ගෙන ඒමේදී චංචා වෙලා තියනවා නං ඒ ගැන පරික්ෂණ කරන්න පුළුවන්.ඒක නිසා ආයෙත් දැන් අනුර ගැන මහජනතාවට දෙපාරක් හිතන්න දෙයක් නෑ,
අනුර සහ අනුරගේ ආණ්ඩුව කියන්නේ දූෂිත ආණ්‌ඩුවක්.අනුරලා රාජ්‍ය බලය සහ ජනාධිපති බලය අවභාවිතා කරමින් හොරකම ආරක්ෂා කරනවා.මේ තරමට හොරකම ආරක්ෂා කරන්නේ අනුරගෙත් හොරකම සම්බන්ධයක් තියන නිසා කියන සැකය රටේ රාළට නං තියනවා.
17වෙනිදා මේ සම්බන්ධව විජිත,බිමල්,නලින්ද ඇතුළු කණ්ඩායමක් කරපු මාධ්‍ය සාකච්ඡාවේදී රටේ රාළ බැලුවේ බිමල් රෙදි ඇඳගෙනද දුෂණ විරෝධී ජනවරම වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා.කන්ටේනර් 323 පන්නන්න දායක උන බිමල්ලට රෙදි ඇදගෙන නං දූෂණ විරෝධය ගැන කතා කරන්න බෑ.ඒක නිසා මනසින් බිමල්ලට තේරෙනවා ඇති එයාලා හෙළුවෙන් කියලා.
ගල් අඟුරු වංචාව ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි 09 ක් දාලා තියනවා.ඒ කිසිම එකක් විමර්ශන කළේ නෑ.ඒ වගේම අද මේ ආණ්ඩුවේ සියලු දෙනා ජනතාවගේ දේපල මංකොල්ල කාලා කෝටිපතියෝ බවට පත්වෙලා.ඒ ප්‍රශ්න කාරී දේපල ගැන දාපු එක පැමිණිල්ලක්වත් විමර්ශනයට ලක්වෙන්නේ නෑ.අද හදුනෙත්තිලා අහන්නේ එයාලා දෙන්න කැමති නං මෙයාලා ගන්න කැමති නං උඹලට පාන්ද කියලයි.
ඔයාලා මෙච්චර ඉක්මනට පොහොසතුන් උනේ කොහොමද ඇහුවම හදුනෙත්ති අහන්නේ කොහොමද අපි පොහොසත්තු කියන්නේ කාට සාපේක්ෂවද අපි පෝසත් වෙන්නේ කියලයි. හැබැයි හදුනෙත්තිට මතක නෑ එයා හිල් තියන යට කලිෂම් අදින කාලයට සාපේක්ෂව ඒක බලන්න ඕනි කියලා.ලාල් කොටිපතියෙක් උනේ කොහොමද ඇහූවම සමන්ත විද්‍යාරත්න කියන්නේ අපි හදන්න ආවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්.
කෝටිපතියෝ පක්ෂයේ ඉන්නවා කියන්නේ අපි පොහොසත් රටක් හදලා කියන එකලු.ඇත්තටම මුන් දැන් කොච්චර පහත් තත්වයට වැටිලද?හොරකම,ජනතා දේපල මංකොල්ලය හරි ලස්සනට සාධාරණීකරණය කරනවා.කිසිම ලැජ්ජාවක් නැතිව කටේ තොලේ ගැනෙන්නේ නැතිව වචන පිටකරනවා.මේ තරමට හොරකමට,මංකොල්ල කෑමට රාජ්‍ය අනුග්‍රහය දක්වපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම නෑ.
පොලීසිය,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දුෂණ කොමිසම යොදාගෙන ආණ්ඩුවේ හොරකම් ආරක්ෂා කරනවා.අල්ලස් හෝ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් පහුගිය දවස්වල යමක් ගැනීම හෝ දීම අල්ලසක් වෙන හැටි කියාගෙන මහා ලොකු කයිවාරු ටිකක් ගැහුවා.අල්ලස් ගැන ඔච්චර තේරෙන රංග දිසානායකට කොන්දක් තියනවා නම් ලාල්ගේ හැකියාවට එහා ගිහින් උපයලා තියන වත්කම් ගැන පරික්ෂණයක් කරන්න පුළුවන්.
ඒකට කවුරුවත් ඇවිත් පැමිණිලි කරන්න ඕනි නෑ.ඒ බලය අල්ලස් කොමිසමට තියනවා.හැබැයි ඒවා ක්‍රියාත්මක නෑ.ඇත්තටම ජවිපෙ කියන්නේ සුජාත ව්‍යාපාරයක් නම් අද ඔය ඉන්න කිසිම කෙනෙකුට ජවිපෙ ඇතුලේ ඉන්න බෑ.ඒ කියන්නේ ජවිපෙ සහ ජවිපෙ ඉන්න කිසිවෙක් සුජාත නෑ.අනුරගේ පටන් ටිල්ල්වින් සහ අනෙක් සියලු ජෙප්පෝ ජනතාවගේ දේපල මංකොල්ල කාපු මංකොල්ලකාරයෝ.ඇත්තටම මේ ගනුදෙනුව දැන් අපේ රටේ නීතිය ඇතුලේ බේරන්න බෑ.
මෙයාලා එතෙක් මෙතෙක් කිසිවෙක් නොනමපු විදිහට නීතිය නමලා.රටේ සාමාන්‍ය පුරවැසියා ඉස්සරහා වීරයෝ වෙන මෙයාලා ජාත්‍යන්තරය ඉස්සරහදී නියම නිවටයෝ.රටේ පුරවැසියාගේ අයිති උදුරාගන්න මෙයාලා බලවතුන් ඉස්සරහා නියම රූකඩ.අපේ රටේ මුහුදු පතුලත්,අහසත්,ගොඩබිමත් පාවලා දීලා.ඒක නිසා මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ වගකීම තියෙන්නේ මේ රටේ පුරවැසියන්ට.
අපි බලමු මේ තත්වය හමුවේ අපේ රටේ පුරවැසියාගේ තේරීම මොකක් වෙයිද කියලා.තවදුරටත් පුරවැසියන් නිහඩව හිටීද කියලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

 

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *