|

නිල සංචිත යළි පහළට

2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් ලෙස වාර්තා වී තිබේ.

මෙය 2025 දෙසැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.838ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.2% සුළු පහළ යාමකි.

කෙසේවෙතත් 2025 දෙසැම්බර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 86 සිට 2026 ජනවාරි මාසයේදී  ඩොලර් මිලියන 109ක් දක්වා 21.1.6%ක වර්ධනයක් පෙන්නුම් කරයි . එය සිදු වී තිබෙන්නේ රන් ප්‍රමාණය වැඩි වීමෙන් නොව පසුගිය මාසයේ දී ගෝලීය රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ බව වාර්තා වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *