අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි චෝදනා දේශපාලනිකයි ; වරදක් කළ බවට සාක්ෂි නැහැ – සිංගප්පුරු රජය දැනුම්දෙයි
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දුෂණ හෝ වංචා ක්‍රියාවක් සිදුකොට ඇති බව පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ශ්‍රී ලංකා රජය සපයා නැති බැවින් සිංගප්පුරු නීතිය අනුව ඔහු මෙරටට පිටුවහල් කළ නොහැකි බව සිගප්පුරු රජය මෙරටට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
සිංගප්පුරු රජයේ ස්ථාවරය වී ඇත්තේ මහේන්ද්‍රන් මහතා මෙරට දේශපාලන ප්රහාරයක වින්දිතයකු බව යි.
අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කිරීමට නම් ඔහුට එරෙහි චෝදනා සිංගප්පුරු අධිකරණය ඉදිරියේ සනාථ කළ යුතු බවත්, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැති බවත්, සිංගප්පුරු රජය දැනුම් දී තිබේ.
ඒ මහතා මෙරට අධිකරණයකින් ද වරදකරු වී නැති බව ද සිංගප්පුරු රජය පෙන්වා දී ඇතැයි කියති.
පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් ලෙස අපරාධකරුවන් භාරදීම සඳහා දෙරට බැඳී සිටියි. එසේ වුවත් ඒ සඳහා සිදු කළ අපරාධය සාක්ෂි සහිතව තහවුරු කළ යුතු ය.
