|

අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙකි – රටේ රාළ

2025 වර්ෂය වෙනුවෙන් ජනාධිපති හා මුදල් ඇමති අනුර කුමාර ඉදිරිපත් කරපු අයවැය හේතු කීපයක් නිසා ආණ්ඩුවට පාරාවලල්ලක් වෙලා.මේ වෙනකොට සමාජයේ ලොකුම කතිකාව බවට පත්වෙලා තියෙන්නේ අනුර රජයේ සේවකයන්ට දුන්න මුලික වැටුප් වැඩිවීම ගැනයි.අනුරගේ කතාවට අනුව අවම මුලික වැටුට රුපියල් 24250 ක තිබුණ කෙනෙක්ගේ මූලික වැටුප රුපියල් 40000 ක් දක්වා වැඩිවෙනවා.ඒ කියන්නේ 15750 කින් මුලික වැටුප වැඩිවෙනවා කියන එකයි.
හැබැයි මෙතනදී අනුරලා කරලා තියෙන්නේ අලි බොරුවක් බව පැහැදිලියි.වැඩි කළා කියන 15750 ඇතුලේ තියන රුපියල් 7500 ක දිමනා දැනටත් හම්බවෙන ඒවා.අනුර ඒවත් අනුරගේ ගොඩට දාගෙන.ඇත්තටම වැඩි වෙන්නේ 8250 යි.ඒකෙනුත් අප්‍රියෙල් පඩියට එකතු වෙන්නේ 5975 යි.2026 ජනවාරිවලදී තවත් රුපියල් 1138 සහ 2027 ජනවාරිවලදී තවත් 1137 පඩියට එකතු වෙනවා.
මෙතනදී ක්ෂේත්‍ර කීපයකම අයගේ මූලික පඩිය වැඩිවුණාට අතට ගන්න පඩිය අඩුවෙනවා.විශ්ව විද්‍යාල ආචාර්ය,මහාචාර්යවරුන්,වෛද්‍යවරුන්ට, හෙද කාර්ය මණ්ඩලවලට මාර්තු මාසේ ගන්න පඩියට වඩා අප්‍රියෙල් පඩිය අඩුවෙනවා.අපේ රටේ රජයේ සේවකයෝ රුපියල් 25000 ක වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන් පත් කරගත්ත ආණ්ඩුවක් මේක.හැබැයි දැන් වෙලා තියෙන්නේ තියෙන පඩියත් අඩුවෙන,එහෙමත් නැත්තං සොච්චම් මුදලක් පඩියට එකතු වෙන සීන් එකක්.
ඒක නිසා අයවැය සම්මත වෙන්න නියමිත මාර්තු 21 වෙනිදාට ඉස්සෙල්ලා අනුරගේ අයවැයට විරුද්ධව රාජ්‍ය සේවකයෝ පාරට බහින්න ඉඩ තියනවා.අනුරගේ මේ අයවැයට අත්වුනේ පුදනකොටම කාපි යකා වගේ ඉරණමක්. ආණ්ඩුවට පණ නල බේරගන්න ඕනි නං වහාම මේ අයවැයට සංශෝධන ගේන්න වෙනවා.ගොඩක් වෙලාවට මේ අයවැය සම්මත උනොත් වැඩි දවසක් යන්න ඉස්සෙල්ල දුම්රිය වගේ ක්ෂේත්‍රය කඩා වැටෙන්න පුළුවන්.
කොහොම උනත් රටේ රාළ අද කතා කරන්නේ ඒවා ගැන නෙවෙයි.අනුර කුමාරටත්,ටිල්වින් සිල්වටත්, ජනතා විමුක්ති පෙරමුණටත් අත්වෙලා තියන ඉරණම ගැනයි.ඇත්තටම එයාලට අත්වෙලා තියෙන ඉරණම හොදින්ම පේන කැඩපතක් බවට මේ අයවැය පත්වෙලා තියනවා.ජවිපෙ පත්වෙලා තියන දාර්ශණික දුගී බව හොඳටම මේ අයවැයෙන් පේනවා.ආණ්ඩුවේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තිය එකට පෙන්වන ලියවිල්ල තමයි අයවැය ලේඛනය.
1970 – 1977 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ මුදල් ඇමති විදිහට එන්.එම් පෙරේරා ඉදිරිපත් කරපු අයවැයෙන් පෙනුනේ රාජ්‍ය ඒකාධිකාරය ඇතුලේ රටේ ආර්ථික පවත්වාගෙන අයවැයක්.ඒක සමගි පෙරමුණු ආණ්ඩුව වාම වාදී ප්‍රතිපත්තිවලට ගැලපුනා.ජනසතු කිරීම්වලට ගැලපුණා.ඒ වගේම 1977 බලය ගත්ත ජේආර් ජයවර්ධන ආණ්ඩුවේ පලවෙනි අයවැය ඉදිරිපත් කරපු රෙනීද මැල්ගේ අයවැයෙන් ජේආර් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හොදින් පැහැදිලි වුනා.
දිගටම සිරීමාගේ ක්‍රමය සහ ජේආර්ගේ ක්‍රමය විවේචනය කරපු ජවිපෙ,76 අවුරුදු සාපයක් ගැන කතා කරපූ ජවිපෙ මේ දෙගොල්ලන්ටම වෙනස් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න ඕනි.අනුරගේ අයවැයට කතාව පටන් ගනිද්දිත් කිව්වේ 76 වසරක වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපිට මේ ඉරණම අත්වුනා කියලා.ඒ නිසා ඒ system එක change කරන අයවැයක් ඉදිරිපත් කරන්න ඕනි.
තමන්ගේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන සහ එයාලගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රාශණයට ගැලපෙන වැඩපිලිවෙලක් අනුරගෙන් එන්න ඕනි.හැබැයි එහෙම එකක් අනුරගෙන් ආවේ නෑ.අනුරගෙන් ආවේ රනිල් වික්‍රණසිංහගේ වැඩපිලිවෙලෙන් 95% ක් සහ ටිල්වේන්ගේ බෝල්ෂෙවික් වැඩපිලිවෙලින් සියට පහක් විතරයි. හැබැයි ටිල්වින් පහුගිය දා පුවත්පතකට කියලා තිබුණ ඒයාලා සමාජවාදී රටක් බවට ශ්‍රී ලංකාව පත්කරනවා කියලා.
ඇත්තටම ටිල්වින්ලට නං දැන් හොඳටම ට්‍රැක් වගේ.එහෙමත් නැත්තං ටිල්වින් සමාජවාදයට කියන්නේ පොල්පෝට්වාදයට.ගොඩක් දෙනෙක් කියන්නේ මේක රනිල් තුන්වෙනි අයවැය ඒක කියවන්න අනුරට දිලා කියලයි.ඒ කියන්නේ අනුර දැන් රනිල්ගේ ප්‍රකාශකයා ගානට වැටිලා.රනිල්ගේද ආර්ථික දැක්ම තියන කෙනෙක් විදිහට හිටපු මුදල් ඇමති රවී කියලා තිබුණේ මේ යන්නේ රනිල්ගේ ගමන මයි කියලා.
ඒ වගේම අනුර රනිල්ගේ ගමන තෝරාගැනීම ගැන සතුටු වෙන බවත් රවී කියලා තිබුණා.හැබැයි රවී කියලා තිබුණේ මූල්‍ය විනයක් සහිත අයවැයක් උනත් ආදායම හොයන හැටි ගැන සදහන් වෙන්නේ නෑ කියලා.රනිල් යන පාරේ යෑම සුබවාදී විදිහට දැක්කත් මේක හරියට කලමනාකරනය කරගන්න බැරි උනොත් ආර්ථිකය දෙදරා යන්න පුලුවන් කියලත් රවී කියලා තිබුණා.තවමත් රවීගේ අයවැය කතාව කළේ නෑ.එතනදී සවිස්තරාත්මකව විග්‍රහක් බලාගන්න පුළුවන් වෙයි.
අයවැය විවාදය විපක්ෂ පැත්තෙන් ආරම්භ කළේ ආචාර්ය හරිෂ ද සිල්වා.හර්ෂත් අනුරට අයිඩියෝලොජි එකක් නැති බව කිව්වා.අනුර පිලිගන්නේ ධම්ම පදයද,කුරාණයද,එහෙමත් නැත්තං බයිබලයේ කියලා හරියට කියන්න කියලා හර්ෂ ඇහුවා.ඒ කියන්නේ අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලයි හර්ෂත් ප්‍රශ්න කරන්නේ.ඒ වගේම මහ බැංකු අධිපති නන්දලාල් කියලා තිබුණෙත් මේක IMF පරාමිතීන්ට අනුව හදපු අයවැයක් කියලා.
ආණ්ඩුව වෙනස් උනාට යන ගමන වෙනස්වෙලා නෑ කියලත් නන්දලාල් කියලා තිබුණා.රටේ රාළත් දිගටම කිව්වේ අනුර යන්නේ රනිල්ගේ ගමන කියලයි.හැබැයි ප්‍රශ්න තියෙන්නේ අනුර ඒ ගමන යන්නේ දැනුවත්ව නෙවෙයි.මෙතන තියන ඇත්තම භයානකකම ඒකයි.ඒක නිසයි අනුරට මහින්ද සිරිවර්ධන හදපු අයවැය කියවන්න විතරක් සිද්ධ වුනා.ඒකයි රටේ රාළ දිගටම කියන්නේ අනුර දන්නෙත් නැතිවයි එක්සිඩන්ට් එක වෙන්නේ කියලා.
අගෝස්තු වෙනකොට එන්න තියන අර්බුදය අනුරලා ඉක්මනින් ගෙන්න ගන්නවා.අනුරටත් බොහෝ විට ගෝඨාභයට අත්වෙච්චි ඉරණම අත්වෙන්න පුළුවන්.අනුරට ඒ භයානක ඉරණමෙන් බේරෙන්න ඕනි නං අනුරට සර්වපාක්ෂික ආණ්ඩුවක් හරි ජාතික එකඟතා වැඩපිලිවෙලකට යන එක හැර වෙන උත්තරයක් නෑ.ඒක කරන්න අනුරලාගේ තියන වැඩවසම් ලක්ෂණ සහ මෝඩ උද්දච්චකම ලොකු බාධාවක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *