|

මාලිමා ගොන්පාට් හමුවේ යලි නැගිටින රාජපක්ෂවාදය – රටේ රාළ

.
පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ වැටෙන්න පටන් ගත්ත විපක්ෂය දිගටම කඩාගෙන වැටුණා. අනුරට ජයග්‍රහණය හිමි කරදෙමින් සිද්ධ වුන ඒ කඩා වැටීමට රනිල් සහ සජිත් දෙන්නාම වගකියන්න ඕනි.රටේ රාළ තවමත් විශ්වාස කරන්නේ එතනදී සජිත්ට අඩියක් පස්සට ගන්න ඕනි තරම් අවස්ථාව තිබුණා කියලයි.ඒකට හේතු දෙකක් තියනවා.එක පැත්තකින් සජිත්ට තව කල් තියෙනවා.ඊළඟට ඒ වෙනකොටත් රනිල් ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල රටේ ක්‍රියාත්මක වෙමින් තිබුණා.
මේ කාරණා දෙක සලකලා සජිත් ජනාධිපති සටනින් විඩ්රෝ උනා නං අද රනිල් ජනාධිපති බොහෝ දුරට සජිත් අගමැති.කොහොම උනත් අත්වුන ප්‍රතිපලය විපක්ෂයට මොලේ පෑදීමේ පැත්තෙන් හිතද්දී හොදයි.දැන් සජිත්ට සහ රනිල්ට දෙන්නටම අඩියක් පස්සට ගන්න සිද්ධවෙලා.මේ සතියේදී දෙන්නා හම්බවෙන කතාවකුත් තියනවා.ජනාධිපතිවරණයේදී සිද්ධවුන කඩා වැටීම මහ මැතිවරණයට බලපාපු හැටි අපි දක්කා.
මහ මැතිවරණයේ අවසන් ප්‍රථිපලය උනේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීධූර 159 ක් සහ විපක්ෂයට මන්ත්‍රීධූර 66 ක් ලැබීමයි.විපක්ෂයට හිමිවුන මන්ත්‍රීධූර 66 තනිකරම අච්චාරුවක්.ඒ ප්‍රථිපලයත් එක්කම විපක්ෂය මර නින්දකට වැටුන හැටි අපි දැක්කා.සමහරු මේක අපල කාලයක් කියලා යට ගියා.තව සමහරු නිශ්චිත කාලයකට දේශපාලනයට විරාමයක් තිබ්බා.තවත් සමහරු දේශපාලනයෙන් යන්නම ගියා.යන්නම ගිය අය ගැන නං අපිටත් තියෙන්නේ සතුටුක්.ඒ තීරණය ගත්තට එයාලට ස්තූතියි.ඕක තමයි මේ ළඟක් වෙනකම්ම විපක්ෂයේ තිබුණ තත්වය.
හැබැයි පහුගිය මාස කීපයට සාපේක්ෂව බලද්දී ගිය සතිය ඇතුලේ විපක්ෂයේම යම් සක්‍රීය බවක් පේන්න තියනවා.පහුගිය කාලේ ජනාධිපති අනුරගේ වේදිකා ටාගට් එකක් උනේ මහින්ද සහ පවුලේ අය විතරයි.දැන් ඒක රනිල්ටත් ඇවිත්.අනුර කොච්චර බයවෙලාද කියනවා නං පරාදවෙලා ඉන්න උදය ගම්මන්පිලටත් ඇවිත්.හෙට දවසේ මේක තව අයට එයි.ඇත්තටම විපක්ෂයට මොකද්ද එකපාරට වුනේ.කවුද විපක්ෂය නින්දෙන් අවධි කළේ.
රනිල්ද?හෙමත් නැත්තං සජිත්ද?නැත්තේ සජබ එජාප එකතු කරන්න හදන තලතාද?එහෙමත් නැත්තං එජාපය සහ සජබයට අභියෝගයක් වෙලා ඉන්න රවීද නැත්තං හර්ෂලද?රටේ රාළ නං කියන්නේ මේ එක්කෙනෙක්වත් නෙවෙයි.නිදාගෙන හිටපු විපක්ෂය අවධි කළේ අනුර කුමාර ජනාධිපතිවරයා ඇතුළු ජවිපෙ – මාලිමා ආණ්ඩුව. ඇත්තටම අනුරලාගේ බැරිකම.
අනුරලා මාර ගේමක් දීලා රට ගොඩදායි,ඒකෙන් විපක්ෂයට ඇඩ්රස් නැතිවෙයි කියලා ජනතාව විතරක් නෙවෙයි විපක්ෂයේ ගොඩක් අය හිතුවා. විමල් වීරවංශ පවා අතීත උරුමයක් ගැන කියමින් ජවිපෙ ඉස්සරහා මුලදී දණින් වැටෙන හැටි අපි දැක්කා.රටේ රාළ නං අනුර බලය ගන්නත් ඉස්සෙල්ලා සහ අනුර බලය ගත්තට පස්සෙත් දිගටම කියන්නේ අනුරට බෑ,සහෝදරයා ෆේල් කියලයි.
දැන් ඒක සහෝදරවරු විසින්ම ඔප්පු කරලා. අනුරගේ සහ ආණ්ඩුවේ මේ නොහැකියාව විපක්ෂයට ආයෙත් පණ දිලා,දැන් විපක්ෂයේ බොහෝ දෙනෙක්ගේ වගේම මේ රටේ අති බහුතර ජනතාවගේ මතය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට තව වැඩිකලක් යන්න බෑ කියලයි.රටේ රාළ නං 100%ක් ඒ මතයේ නෑ.රටේ රාළ ඉන්නේ මේ ආණ්ඩුවට යන උපරිම කාලය යන්න දෙන්න ඕනි කියලයි.
එතකොට ජවිපෙ කිව්ව 76 අවුරුදු සාපයත් ඉවරයි ඒකට උත්තරය විදිහට ආපු පුනරුද සාපයත් ඉවරයි.ඊට පස්සේ තමයි එන්නේ 76 අවුරුදු සාපය ඇතුලේ සහ පුනරුද සාපය ඇතුලේ තිබුණ ගතයුතු දේවල් ගනිමින් නොගත යුතු දේවල් ප්‍රතික්ෂේප කරමින් අලුත් ගමනක් යෑමේ කාලය.රටේ රාළ නං බලා ඉන්නේ ඒ අනාගතය දිහා.විපක්ෂය යලි නැගිටීමට බලපාන ප්‍රධාන දුර්වලකම් දෙකක් අනුරගේ ආණ්ඩුවේ තියනවා.
ඒකක් තමයි අනුරලා දුන්න කිසිම පොරොන්දුවක් මේ දක්වා ඉටු කරන්න බැරිවීම.අනුරලා පැය 24න්, පැය 48න්,පැය 72න් ඉෂ්ඨ කරන පොරොන්දු දුන්නා, සතියෙන් දෙකෙන්,මාසෙන්,දින සීයෙන් ඉෂ්ඨ කරන පොරොන්දු දුන්නා.ආපු වෙලාවේ ඉඳන් දෙන ආදර්ශ ගැන කිව්වා.හැබැයි ඒවා එකක්වත් ඉෂ්ඨ කරන්න බැරිවුනා.දැන් මේ ආණ්ඩුවට ගොවියා අතරට යන්න බෑ.ධීවරයා අතරට යන්න බෑ.තව ටික දවසකින් රාජ්‍ය සේවයත් අනුරලාට විරුද්ධ වෙනවා.මේ සියලු බැරිකම් ඉදිරියේ අනුරගේ සහ ආණ්ඩුවේ ජනප්‍රියත්වය වේගයෙන් පිරිහෙනවා. දැන් නාමල් කරුණාරත්නලාට ලේනයි,ලේනී සෙක්ස් කරන හැටි තමයි ජනතාවට කියන්න වෙලා තියෙන්නේ.
ඒ තරම් බංකොලොත් තැනකට ජවිපෙ සහ මාලිමාව වැටිලා.ඊළඟට විපක්ෂය අවධි වෙන්න බලපාපු තවත් ප්‍රධාන කාරණයක් තියනවා.ඒ තමයි ආණ්ඩුව හොරු අල්ලනවා කියමින් කරන්නේ දේශපාලන දඩයමක් බව දැන් ජනතාව තේරුම් යමින් තියනවා.අනුරලා හොරු ඇල්ලීමේ මුලාවෙන් දේශපාලන පලිගැනීම් කරනවා.මහින්දගේ පවුලේ අයට නීතිය ක්‍රියාත්මක කිරිම සහ මහින්දගෙන් පලි ගැනීම එකට කරන බව ඉතාමත් පැහැදිලියි.
මහින්දගේ ජීවිතය අවධානමට හෙලන තීරණ අනුර විසින් ගනිමින් ඉන්නවා.මහින්දගේ හරි වෙන හිටපු ජනාධිපති කෙනෙකුගේ හරි වරප්‍රසාද කප්පාදු කරනවා නං අනුර ඒකට අවශ්‍ය පනත් සම්මත කරගෙන,කැබිනට් තීරණ අරගෙන එන්න ඕනි.ඒ මොකවත් නැතිව අනුර වේදිකා උඩ කෑගහනවා.ඇත්තටම මේක දැන් විලාපයක් වගේ වෙලා.අනුරට මහින්දව ගෙයින් එලවගන්න බැරිවීමේ වේදනාවෙන් විලාප දෙනවා.
අනුරගේ ඒ විලාපයෙන් රාජපක්ෂලාටත් ආයෙත් නැගිටින්නට අත්තටු දිලා තියනවා.අනුරට ලාංකීක සමාජ මනෝභාවය ගැන මෙලෝ අදහසක් නෑ.අපේ රටේ මිනිස්සු වැරදිකාරයෙකුට උනත් සීමාව ඉක්මවලා කරදර කරනවට කැමති නෑ.ඇත්තටම මහින්දගේ දේශපාලනයත් එක්ක අපිත් එකඟ නෑ.හැබැයි ඔය කිසිම කෙනෙකුට අදත් යුද්ධය තිබුණා නම් මේ විදිහට දේශපාලනය කරන්න බෑ. යුද්ධය තිබුණා නම් උතුරේ ගිහින් අනුරට මයික් පලන්න හම්බවෙන්නේ නෑ.
ඒ යුද්ධ අවසන් කළේ මහින්ද.ඒ ගෞරවය අපේ රටේ ජනමනස ඇතුලේ තියනවා.මහින්දට අනවශ්‍ය විදිහට කරදර කලොත් අනුරලාට එරෙහිව මහින්ද වෙනුවෙන් ජනමතයක් හැදෙන එක නවත්තන්න බෑ.නාමල්ලා ඒ වතුරේ තමයි පීනන්න හිතාගෙන ඉන්නේ.මහින්දගේ වැරදි තියනවා නං ඒකට නීතියෙන් දඩුවම් දෙනවා මිසක ඔය වගේ වේදිකා උඩ ගොන් පාට් දැමීමෙන් වෙන්නේ මහින්දටත් වැඩිය නාමල්ට වාසියක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *