|

පොංගල් බතක් නැති තෛයිපොංගල් – රටේ රාළ

.
2025 වර්ෂය ලබනවත් එක්ක ලාංකීය සමාජයට මුහුණ දෙන්න උනේ ලොකු අභාවාචක අත්දැකීමකට.රටේ ගොඩක් ප්‍රදේශවල අයට අවුරුදු කිරිබත උයාගන්න කැකුළු හාල් තිබුණේ නෑ.කොහොම හරි කැකුළු හාල් ටිකක් හොයා ගත්ත අයත් ඒක හොයා ගත්තෙත් පැය ගණන් පෝලිම්වල තැපලා.එදා එහෙම හිඟයක් ගැන කතා කරනකොට වසන්ත සමරසිංහලා කිව්වේ හාල් ඕනි තරම් තියනවා කියලයි.
ගිරා පෝතක ජෙප්පෝ සහ වහල් බයියෝ කළේ අපට කුණුහරපෙන් බනින එකයි.
හැබැයි දැන් තෛපොංගල්වලටත් ඒ ප්‍රශ්න ඊට වැඩිය සිය දහස් ගුණයකින් ඇවිල්ලා.දැන් උතුරේ,නැගෙනහිර සහ වතුකරය ජනතාවට තෛපොංගල් සමරන අනිවාර්ය අංගයක් උන පොංගල් බත උයාගන්න කැකුළු හාල් නෑ.ඒ පීඩනය පහුගිය දවස්වල වතුකරයේ ජනතාව පාරට ඇවිත් පිට කරන හැටි ඔයාලත් දකින්න ඇති.දැන් වසන්ත සමරසිංහටත් පිලිගන්න වෙලා තියනවා කැකුළු හාල් නෑ කියලා.වසන්ත දැන් කියන්නේ ඉන්දියාවෙත් කැකුළු හාල් නෑ කියලයි.
ලංකාවේ කැකුළු හාල් නැතිවුනේ රනිල් ජනතාවට හාල් බෙදපු හින්දලු.වසන්ත මේ කියන්නේ ගිය කන්නය කැපෙන්නත් ඉස්සෙල්ලා සිද්ධ වෙච්චි කතාවක්.ඊළඟ ජනතාව අතර බෙදුවේ ගොඩක් වෙලාවට පිටරට ආධාර විදිහට ලැබුණ හාල්.2022 ආර්ථික අර්බුදයත් එක්ක කඩා වැටුන ජන ජීවිතය යථා තත්වයට පත්කර ගැනීම වෙනුවෙන් අඩු ආදායම් ලාබී ජනතාවට මාසයකට හාල් කිලෝ 20 ගානේ දුන්නා.ඒ ප්‍රතිලාභය හම්බ උනේ අද සමෘද්ධි සහ අස්වැසුම ගන්න ජනතාවට.
වසන්තට අනුව ඒ සහනය දුන්න එක වැරදියි. එහෙමත් නැත්තං සහන දෙනවා නම් කැකුළු හාල් දෙන්න බෑ.ඇත්තටම මොන ගොන් කතාද මේවා. ඉස්සර අපේ ගම්වල ඔය වගේ කතා කියන අයට කිව්වේ ගොං ගස් කියලා.IMF එකවත් ඒ ජන කොට්ඨාශයකට සහන දෙන එකට විරුද්ධ වුනේ නෑ.එදා ඒ ජනතාවට ඒ සහනයවත් දුන්නේ නැත්තං ඒ මිනිස්සු මේ වෙනකොට භාගෙට මැරිලා.දැන් වසන්ත කියනවා ඉන්දියාවෙත් කැකුළු හාල් නෑ කියලා.ඒ කියන්නේ රනිල් ඉන්දියාවෙත් කැකුළු හාල් නැති වෙන්නම බෙදලා.
ඇත්තටම වසන්තලා ඔය කියන බොරු දැන්නං බයියොවත් පිලිගන්නේ නෑ.මේ හාල් මාෆියාවේ දැන් වගඋත්තරකාරයා වසන්ත සමරසිංහයි.
වසන්තට සතොස හරහා සහ රජයේ විවිධ නීතිගත සංස්ථාව හරහා එක ටෙන්ඩරයක් පාස් කරගන්න බැරි වුනා.දැන් ඒක ගැන බරපතලම සැකයකුත් මතුවෙලා තියනවා.වසන්ත සතොස ටෙන්ඩරය හිතාමතා ඇන්නුවද කියන සැකය දැන් සමාජයේ කතා වෙනවා.ඒ හරහා හාල් ආනයනකරුවන් එක්ක ඩීල් දාලා අත යට ගනුදෙනුවක් ගත්තද කියන සැකය ගැන පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කෙරුණා.
හරි නං වසන්තලා කරන්න ඕනි හාල් කිලෝ එකකින් ගන්න රුපියල් 65 බද්ධ තව ටිකක් අඩු කරන්නයි.
සාමානයෙන් ඔය වගේ බද්ධක් ගහන්නේ අපේ රටේ වී අස්වනු කැපෙන කාලෙට.සහල් හිඟයක් තියන කාලෙට ආණ්ඩුව පාරිබෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් බදු අඩු කරනවා.හැබැයි මේ ආණ්ඩුව උග්‍ර සහල් හිඟ තත්වයක් යටතෙත් පාරිබෝගිකයා උපරිමයෙන් හූරගෙන කනවා.අනික තමයි පිටරටින් ගේන හාල් මහ ජනතාවගේ පරිහරණයට නිකුත් කිරීම අනිවාර්ය කරන්න ඕනි ආණ්ඩුවෙන්.දැන් ඒවා බියර් හදන්න දුන්නා කියලා කෑගහලා වැඩක් නෑ.
එහෙම දීලා නං ඒකටත් වගකියන්න ඕනි ආණ්ඩුව. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කිව්වේ මේ මාසයෙන් පස්සේ හාල් හිඟය ඉවරයි කියලයි.රටේ රාළ කිව්වේ මේ හාල් හිගය ජූලි, අගෝස්තු වෙනකම් යනවා කියලා.ඇත්තටම දැන් හාල් හිඟය තිබුණට වඩා උග්‍රයි.ජනවාරි පළවෙනිදාට කිරිබත හදන්න පෝලිමේ හරි හිටලා කැකුළු හාල් ටිකක් ගන්න තිබ්බා.හැබැයි අද කැකුළු හාල් ඇත්තේම නෑ.ඊළඟට ආණ්ඩුව කියන පාලන මිලට මොන හාලක්වත් නෑ.
පාලන මිලට සතොසේ තියනවා කිව්වට සතොසේ හාල් නෑ.පාරිබෝගික ඇමතිට මොලේ කලදක් හරි තියනවා නං තේරුම් ගන්න ඕනි සතොස ශාඛා හාරසීය ගානෙන් මේ රටේ පාරිබෝගිකයාගේ අවශ්‍යතා සපුරන්න බෑ කියලා.අපේ රටේ පාරිභෝගිකයන් ප්‍රමාණයත් එකක් හිතද්දී සතොස කියන්නේ හරිම පොඩි Network එකක්.කොහොම හරි ඉදිරියේදී හාල් මිල තවත් වැඩි වෙන්න තියන ඉඩ වැඩියි.සමහරවිට රුපියල් 300 ය ඉක්මවන්න පුළුවන්.
ඇත්තටම මේ ආණ්ඩුවට ගොවියා,පාරිබෝගිකයා සහ කුඩා සහල් මෝල් හිමියාව ආරක්ෂා කරගන්න බැරිවුනා.ආණ්ඩුව මහ මෝල් හිමියට වාසිදායක තීරණ තමයි ගත්තේ.මහ මෝල් හිමියන්ට වාසිදායක තීරණ ගත්තේ එයාලට ආදරේටත් නෙවෙයි.ගිය මැතිවරණවලදී මාලිමාවේ කැම්පේන් එකට මහ මෝල් හිමියන් කීපදෙනෙක් සල්ලි වියදම් කරලා තියනවා.ඒවාට හිලව් වෙන්න ගත්ත තීරණ කියලයි ගොඩක් අය කියන්නේ.මේ ප්‍රශ්නය විසදන්න විද්‍යාත්මක වැඩපිලිවෙලක් ආණ්ඩුවට නෑ.ඇත්තටම මේක සංකීර්ණ ක්‍රියාවලියක්.මේක විසදන්න නං මේ ක්‍රියාවලිය තුල ඉන්න සියලුම පාර්ශවකරුවන් එක මධ්‍යගත මෙහෙයුමක් ඇතුලට ගේන්න ඕනි.
ඒ කියන්නේ වී ගොවියාගේ පටන් පරිබෝගිකයා දක්වා සහල් එද්දී මේ සිද්ධ වෙන ක්‍රියාවලයට දායක වෙන සියලු දෙනාම රටට බත සපයන ක්‍රියාවලියේ කොටස්කාරයෝ.මේ මෙහෙයුම තුලට ගොවියා.වී මෝල් හිමියා,රජය සහ පාරිබෝගිකයා නියෝජනය වෙන්න ඕනි.ඒ කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය,පෞද්ගලික මෝල් හිමියෝ,වී අලවි මණ්ඩලය,වෙළඳ අමාත්‍යාංශය,පාරිබෝගික කටයුතු අමාත්‍යාංශය,මුදල් අමාත්‍යාංශය වගේ ආයතන ගණනාවක් සම්බන්ධ කරගෙනය කරන මධ්‍යගත මෙහෙයුමක් මෙතන තියනවා.
අනුර මෝල් හිමියන් කැඳවලා සහල් තොග මිල බවට මෝල් හිමියාගේ මිල පත් කරලා එයාට තවත් ලාභයක් එකතු කරලා දුන්නා.ඒක දුන්නෙත් මේසෙට හයියෙන් තට්ටුවකුත් දාලා.සමහරවිට මේසෙට තට්ටුවක් දැම්ම මෝල් හිමියන්ට දෙන සුහද සංඥාවක් වෙන්න බැරි නෑ.මොකද ඔය හස්ත මුද්‍රා වැඩේ අනුර හොඳට දන්නවා.මේ ප්‍රශ්නයේදී ගොවියාවත්,පොඩි හෝ ලොකු මෝල් හිමියාවත්. සහල් ආනයනකරුවන්වත්,තොග වෙලෙන්දාවත්, සිල්ලර වෙලෙන්දාවත්,පාරිබෝගිකයාවත් බිත්තියේ හේත්තු කරන එක වැරදියි.
මෙතන යන්න ඕනි win to win situation plan එකකට.එතෙන්ට සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පත් කරගන්න පුළුවන් රටේ රාළ කියන විදිහේ මධ්‍යගත මෙහෙයුමකින් විතරයි.අනුරට ඒක කියා දෙන්න ඕනි නං අපට පුළුවන්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 7 people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *