|

රටට ඕනි බත් කන ජනාධිපති කෙනෙක් – රටේ රාළ

බලයට එන්න ඉස්සෙල්ලා ගහපු පම්පෝරිවලින් රටක් පාලනය කරන්න පුළුවන් කියලා හිතපු ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්‌ඩුවට දැන් පියවරක් පස්සට තියන්න වෙලා. ආණ්ඩුව එහෙම පියවරක් පස්සට තියලා කියලා තවමත් මාලිමා සුකිරි බඩිල්ලන් ගොඩකට තේරිලා නෑ.එයාලගේ කයිවාරු නං තවමත් අඩුවෙලා නෑ.
තවමත් එහෙම කයිවාරු ගහන මන්ත්‍රීලා ගැන එක දෙයක් කියන්න පුළුවන්.ඇත්තටම එයාලා තවමත් ජනතාව අතරට ගිහින් නෑ.ජනතාව අතරට ගියා නං ප්‍රශ්නයේ බරපතලකම තේරෙන්න ඕනි.ජනතාව අතරට ගිය කීපදෙනාත් කරන්නේ අවුල දැනුන ගමන් මොකක් හරි බොරුවක් කියලා මාරුවෙන එකයි.ඔය ඉන්න මාලිමා මන්ත්‍රීවරු බහුතරයකගේ දේශපාලන පූර්ව ළමා වියවත් තවම සම්පූර්ණ වෙලා නෑ. රජරට පැත්තේ ජනතාව අතරට ගිය මන්ත්‍රීවරුන්ට මොලේ කලදක් හරි තියනවා නං සහල් ප්‍රශ්නය ගැන බයක් හිතෙන්න ඕනි.
සමහරු ජනවාරි පහලොවෙන් පස්සේ ප්‍රශ්නය ඉවරයි කියලා පැනලා යනවා.එතකන් සමාව ඉල්ලපු අයත් ඉන්නවා.දැන් කොහොමත් ජෙප්පන්ට ගොවීන් අතරට යන්න බෑ.එක පැත්තකින් මේ කන්නෙට දෙනවා කියපු පොහොර සහනාධාරය තවම දීලා නෑ.ඒ වගේම පහුගිය ආපදා තත්වය නිසා ගොවිබිමි විනාශ උන ගොවියන්ට මාලිමා ආණ්ඩුවෙන් දෙන්න හදන්නේ සොච්චම් වන්දියක්.
ජවිපෙ විපක්ෂයේ ඉන්නකොට ගොවිබිම්වලට හානි උනහම නාමල් කරුණාරත්න ගොවියොත් එක්ක පාරට බැහැලා අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ඉල්ලුවා.හැබැයි දැන් එයාලා බලයට ආවට පස්සේ හෙක්ටයාර් එකකට ලක්ෂයක් දෙන්නං කියනවා.ඒ කියන්නේ අක්කර දෙක හමාරකට ලක්ෂයයි.මෙහෙම ගියොත් ජෙප්පන් එළවන පළවෙනි වෙඩිමුරය පත්තු කරන්නේ ගොවියා.
දැන් හැබැයි ජෙප්පන්ට රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් තියන බව පිලිගන්න වෙලා.ඔන්න සැමන්වලටත් උපරිම සිල්ලර මිලක් දාලා.
හාල්,පොල්,ලුණු බරපතල විදිහට හිඟයි.හාල් පොල්,ලූණු කියන්නේ අපේ ආහාරයේ ප්‍රධානම කොටස් තුන.ඒක සම්පූර්ණ කරන්න බැරි ආණ්ඩුවක් මේක.අඩුම ගානේ පිටරටින් ආනයනය කරන හාල් ටිකවත් ගෙනැල්ලා දෙන්න බැරි නපුංසක ආණ්ඩුවක් මේක.මේ වෙනකොට ආනයනය කරලා තියෙන හාල් සම්පූර්ණයෙන්ම ආනයනය කරලා තියෙන්නේ පෞද්ගලිකව අංශයෙන්.
දෙසැම්බර් 20 වෙනකොට රජය ගානේ ගේනවා කියපු හාල්වලින් එක හාල් ඇටයක් ගේන්න බැරිවුන කයියනායකයෙක් බවට වසන්ත සමරසිංහ පත්වෙලා ඉවරයි.සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැත්තෙන් දාපු ටෙන්ඩර් සියල්ල කැන්සල් වෙලා.රී – ටෙන්ඩර් කරලාවත් ටෙන්ඩරය පාස් කරගන්න වසන්තට බැරිවුනා.වසන්ත කියන්නේ අපේ ටෙන්ඩර් procedures වල තියන අවුල නිසා පරක්කු වෙනවා කියලයි.
හැබැයි වසන්තලා විපක්ෂේ හිටියා නම් ටෙන්ඩර් procedures වල අවුලක් තියනවා කියලා ආණ්ඩුවට සමාවක් දෙයිද?එහෙනං ඉන්න ඇමතියව ඔළුවේ ඉඳන් පට්ට ගහනවා. කොමිස්කාරයා කියලා ඒ යකාගේ දේශපාලන ජීවිතයම විනාශ කරනවා.දැන් වසන්තලාටත් අපේ ටෙන්ඩර් procedure එක අවුල්, private කලා නං එහෙන් නැවට දැම්මා,මෙහෙන් බෑවා,මාකට් එකට දැම්මා ඒක මරු වගේ කියනවා.රටේ රාළට නං කියන්න තියෙන්නේ ඉස්සර හිටපු කට්ටියත් වැඩේට බැස්සේ ඔහොම කියාගෙන තමයි.
කොහොම හරි දැන් රටේ බරපතල හාල් හිඟයක් තියනවා.දැන් ජනවාරි පහලොවෙන් පස්සේ හාල් හිඟය ඉවරයි කියපු ජෙප්පන්ට හැක්වෙලා. කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස කියන්නේ හාල් හිඟය ජනවාරි අවසානය වෙනකම් තියනවා කියලා.ඇත්තටම ඒකත් පට්ට පල් බොරුවක්.මේ හාල් හිගය ජූලි අගේස්තු වෙනකම් තියනවා.ඒ කියන්නේ මේ එන කන්නය නෙවෙයි ඊළඟට කන්නය වෙනකං මේ හිඟය යනවා.මොකද මේ කන්නයේ ලොකු අස්වැන්නක් එන්නේ නෑ.
ආපදා තත්වයෙන් කුඹුරු අක්කර ලක්ෂ ගාණක් විනාශ වුනා.හැබැයි දැන් ඔක්කොම ජලාශ පිරිලා. යල කන්නය වෙලාවටම පටන් ගන්න පුළුවන්. යල කන්නයේ අස්වැන්න හරියට ආවොත් හාල් හිඟය අවම වෙන්න පුළුවන්.ආපදා තත්වයක් බලපෑවේ නැත්තං අපිට ගොඩක් වෙලාවට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙයි.ඒ අස්වැන්නත් එක්ක තමයි සහල් හිඟයේ තත්වය රැදිලා තියෙන්නේ.ඊළඟට අනුර ගත්ත අදූරදර්ශී පියවර මේ සහල් හිඟය හදන්න බලපාලා තියනවා.
අනුරගේ ආණ්ඩුව තීරණ ගත්තේ ලොකු මෝල් හිමියන්ට වාසි සහගතවයි.ලොකු මෝල් හිමියෝ දැන් හාල් කරන්නේ රුපියල් 80/90 ගත්ත වීවලින්. අනුර තොග මිල 225 ට ගෙනත් එයාලා ගන්න ලාභයට වැඩිය හාල් කිලෝ එකකින් තවත් රුපියල් දහයක් වැඩිකරලා දුන්නා.දැන් මේ තියන ආර්ථික අර්බුදය නිසා පොඩි ගොවියා ලග තියන වී එදිනෙදා ජීවත්වීම වෙනුවෙන් විකුණන්නට පටන් අරන්.හැබැයි ඒ ගොවියාට වී ටික විකුණ ගන්න තැනක් නෑ.ඔයාලා බලන්න දැනුත් වී කවරය බයිසිකල් බැඳගෙන යන ගොවියෝ කොච්චර ඉන්නවද?
අම්පාර පැත්තේ දැන් මේක සුළබ දර්ශනයක්. හැබැයි එයාගේ වී ගන්න හිටපු අම්පාරේ පොඩි මෝල් හිමියෝ දැන් නෑ.දැන් වී දෙන්නේ අඩුම 120 ට.ඒ ගානට අරන් කොටලා හාල් කිලෝ එක මේ තියන පාලන මිලට දෙන්න බෑ.ඒක නිසා වී විකුණාගන්න බැරිව ගොවියත් අමාරුවේ.වී අරගෙන කොටලා පාලන මිලට දෙන්න බැරිව පොඩි මෝල් හිමියෝ අමාරුවේ.අම්පාර වී මිලදී ගැනීම පොලොන්නරුවේ වී මොල් එක්ක ගැට ගැහිලා.ඒ වගේම මෙතනදී අනුර දිසානායක මහ මෝල් හිමියන්ට වාසිදායක වෙන විදිහට තවත් අර්බුදයක් නිර්මාණය කළා.
ඔයාලා දන්න මේ සහල් කර්මාන්ත ඇතුලේ ප්‍රධාන කණ්ඩායම් තුනක් ඉන්නවා.එක්කෙනෙක් මෝල් හිමියා.අනිත් කෙනා තොග වෙලෙන්දා, අනිත් කෙනා සිල්ලර වෙළෙන්දා.එතනින් එහාට දෙපැත්තේ ඉන්නේ ගොවියා සහ පාරිභෝගිකයා. මෝල් හිමියාගෙන් හාල් ගන්න තොග වෙලන්දා ලාබයක් තියාගෙන සිල්ලර වෙලෙන්දා විකුනනවා.මේ වෙළදාමේ අතර තොග මිල සහ සිල්ලර මිල කියලා දෙකක් තිබුණා.අදත් තියනවා. මෝල් හිමියත් තොග වෙලෙන්දට දුන්නේ ලාභයක් තියාගෙන.
තොග වෙලෙන්දත් ලාබයක් තියාගෙන සිල්ලර වෙලෙන්දා දුන්නා.එයත් පොඩි ලාභයක් තියාගෙන පාරිභෝගිකයට වික්කා.අනුර කලේ තොග මිල බවට මෝල් හිමියාගේ මිල පත් කලා. තොග මිල 225 යි.එතකොට මොල් හිමියා 225 ට තමයි තොග වෙලෙන්දාට හාල් දාන්නේ.හාල්වල සිල්ලර මිල 230 යි.දැන් තොග වෙලෙන්දටයි, සිල්ලර වෙලෙන්දටයි දෙන්නටම තියෙන්නේ රුපියල් පහයි.හාල් දාන ෂොපින් කවරයක දාලා හාල් වික්ක ගමන් දෙන්නටම බඩු.ඒකෙන් උනේ තොග සහ සිල්ලර වෙලෙන්දා දෙන්නම හාල් වෙලදාමෙන් අයින් වීමයි.
ඇත්තටම මේ හිඟය හැදුවේ අනුර මහ මෝල් හිමියන්ට වාසිදායක තීරණ ගත්ත නිසයි,දැන් මේ ප්‍රශ්නය විසදන්න නං නලින් හේවගේ සහෝදරයා කියනවා වගේ බත් කන ජනාධිපති කෙනෙක් මේ රටට ඕනි.හැබැයි දැන් අපට ඉන්නේ හැමදාම පරිප්පු කන ජනාධිපති කෙනෙක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 2 people
5

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *