|

තංගල්ල රැලියෙන් පසු මාලිමාව – රටේ රාළ

පහුගිය අගෝස්තු 17 වෙනිදා මාලිමාවේ මංගල රැලිය තංගල්ල නගරයේ පරණ පොල භූමියේ පැවැත්වුනා.ඊට සමාන්තරව එදාම තවත් රැලි දෙකක් මාතර සහ ගාල්ලේ තිබුණා.කොහොම උනත් ජවිපෙ මංගල රැලිය එයාලා බලාපොරොත්තු උන ඉලක්කයට යන්න බැරි උන බව ජවිපෙ අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වෙනවා.
මාලිමා මංගල රැලිය තිබුණේ තංගල්ල නගරයේ පරණ පොල භූමියේ.පරණ පොල භූමිය කියන්නේ බොහොම පොඩි තැනක්. සාමාන්‍යයෙන් පොල භූමියට දාන්න පුලුවන් උපරිම පිරිස පන්දාහක් විතර.පුටු දැම්මොත් 3500 ක් විතර. අටදාහක් ගෙනාවොත් තංගල්ල නගරයම වහන්න පුළුවන්. මාලිමාවේ ටාගට් එක උනේ 35000 ක් ගේන්න.මාලිමාවේ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටුවට දීලා තිබුණ අවම ටාගට් එක 35000 යි.
ඒ කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියන හැම ග්‍රාම නිළධාරි වසමකින් බස් එක ගානේ ගේන්න.ගේන බස්වල කට කපලා සෙනඟ ගේන්නත් ඕනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරී වසම් 576 ක් තියනවා. හැබැයි එයාලට ගේන්න පුළුවන් උනේ බස් 241 ක් විතරයි. මාලිමාවේ මංගල රැලියට 12000 කට වැඩි පිරිසක් ඇවිත් හිටියා.එත් එයාලා බලාපොරොත්තු උන මට්ටමට වඩා 50%;කටත් වැඩි ගණනකින් පිරිස අඩුවුනා.
තංගල්ල රැලියට සහභාගී උන අය දකින්න ඇති 35000 ක පිරිසක් ටාගට් කරලා එයාලා වැඩ හදලා තියන හැටි.එයාලා බලාපොරොත්තු උනේ බෙලියත්ත සහ තිස්සමහාරාමය පැත්තට හැරෙන තැන් දක්වා සම්පුර්ණයෙන්ම පාර වහන්න.පොල භූමියට ඇතුළු වෙන්න බැරි අයට රැලිය බලන්න එලියෙන් තිර තුනක් දාලා තිබුණා. එක තිරයක් බෙලියත්ත පාර පැත්තටත්,තව එකක් තිස්සමහාරාම පැත්තට දාලා තිබුණා.
මහවෙල පාර පැත්තට ඒ කියන්නේ තංගල්ල නගරය පැත්තට තුන්වෙනි එක දාලා තිබුණා.තංගල්ල නගරය පැත්තට දාපු එකෙන් යම් පිරිසක් රැලිය නැරඹුවා.අනිත් දෙකෙන් බලන්න පිරිසක් හිටියේ නෑ. දොලොස්දාහක් දාලා කරපු රැලියක් අසාර්ථකයි කියන්න තරම් රටේ රාළ කුහක නෑ.හැබැයි ඒ රැස්වීමෙන් මාලිමා නායකයන් බලාපොරොත්තු උන අරමුණ ඉෂ්ඨ උනේ නෑ.
මංගල රැලිය එයාලා තේරුවේ හොඳම තැන.මංගල රැලිය 50% කින් සාර්ථක වෙද්දී 50%;කින් අසාර්ථක වුනා.ඒ වගේම විනය පැත්තෙන් ගත්තොත් ඒ රැලිය සාම්ප්‍රදායික ජවිපෙ රැලියක තියන විනය ගෑවිලාවත් තිබුණේ නෑ.අනිත් පක්ෂවල සංස්කෘතියටත් වැඩිය එහා ගිය එකක් එතන තිබුණා. තංගල්ල බාර් එකට නං ලොකු ආදායමක් එන්න ඇති.බීලා පාරේ කෑගහන මිනිස්සු හිටියා.
ඒ ගැන ජවිපෙ සංවිධාකයන්ගෙන් ප්‍රශ්න කරද්දී කියලා තිබුණේ මාලිමාව අපකීර්තිය පත් කරන්න වෙන පක්ෂවලින් දාපු කට්යක් කියලා.ඊළඟට ඔයාලා මේ රැලියේ පිරිස හොඳින් නිරීක්ෂණය කලොත් තරුණ නියෝජනය ඉතාමත් අඩු බව පේනවා.මාලිමාව මොනවා කිව්වත් තරුණ ආකර්ෂණය දිනාගන්න එයාලට බැරිවෙලා තියනවා.තංගල්ල රැලියට ආපු සමස්ථ සෙනගෙන් 10% වත් තරුණ,තරුණියෝ හිටියේ නෑ.
රැස්වීම අවසන් වුනාට පස්සේ මාලිමාවේ නායකයෝ සංවිධායකයන්ට අමතලත් තිබුණා. ඇත්තටම මාලිමාව ඉදිරියෙන් හිටියේ ground එකේ කවුරුවත් නැති කාලේ.දැන් මැතිවරණ සටනේ බොහෝ දෙනෙක් තමන්ගේම ස්ථානය වෙනුවෙන් භූමියේ සටන් කරනවා.ඒ එක්කම මාලිමාවේ පාලු ගෙයි වළං බිදීමත් අවසන් වුනා. ඡන්ද කැම්පේන් එකේ මුලින්ම ඉදිරියෙන් හිටපු මාලිමාව ක්‍රමයෙන් පහලට වැටෙමින් තියනවා.
පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කලාට පස්සේ මාලිමාවේ නායකයෝ කිව්වේ එයාලා 80% ක මට්ටමේ ඉන්නවා කියලා.තව ටික දවසකින් එයාලටත් දැනෙයි එයාලා 80% ඉඳන් 3% පැත්තට ගමන් කරනවා කියලා. ඒකට හේතුව අනුරලාගේ පැත්තෙන් අනිත් අයට තද විවේචනයක් ආවට රටේ ප්‍රශ්නවලට අනුරලාගේ පැත්තෙන් හරි උත්තරයක් එන්නේ නැති එකයි. අනුරලා කියන විදිහට මාලිමාවේ අයට හැර අනිත් ඔක්කොම හොරු.
අනුර පහුගිය දවසක කිව්වා එයාගේ විදෙස් ගමන්වල වියදම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරනවා කියලා.හැබැයි තවමත් ඒක කරලා නෑ.අනුන්ට චෝදනා කරන්න ඉස්සෙල්ලා අනුර රට ඉස්සරහා තමන්ගේ පිරිසිදුභාව ඔප්පු කරලා පෙන්නන්න ඕනි.අනුර කියන්නේ ජවිපෙ ඉතිහාසය ඇතුලේ නම් කිලිටි චරිතයක්.පාවලා දුන්න, පැනලා ගිය සහ පක්ෂ දේපල සහ මුදල් අවභාවිතා කරපු කෙනෙක්.
ජවිපෙ මූලස්ථානය හදද්දී අනුරලාගේ හාවිතාව කොහොමද කියලා දන්නෝ දනිති.
අනුර දැන් ක්‍රමයෙන් රට ඉස්සරහත් කිලිටි චරිතයක් වෙමින් යනවා. අනුර ඇතුළු ජවිපෙ හතර දෙනාගේ කල්ලිය ගැන ගොඩක් තොරතුරු එන්න නියමිතයි.රටේ ආර්ථික වැඩපිලිවෙල ගැන අනුරලා කියන කතාවල බරපතල පරස්පරතා තියනවා.අනුරලාට රටේ මූල්‍ය ක්‍රියාවලිය ගැන කිසිම අවබෝධයක් නෑ.මේ තත්වය අනුරලා වටේට එකතු උන අයට දැනෙන්න පටන් ගන්න කොට එයාලා මාලිමාව අතාරිනවා.මුලදී ජවිපෙට තිබුණ රැල්ල දැන් 50% කින් පහලට වැටිලා.
දැන් මාලිමාවේ ඇතැම් නායකයෝ කියන්නේ ජනාධිපතිවරණයේදී මාලිමාවත් ෆයිට් එකක් දෙනවා කියලයි.මාලිමාවට ජනාධිපතිවරණ දිනන්න බැරිවුනාට මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු නියෝජනයක් ගැනීම වෙනුවෙන් මේ ජනාධිපතිවරණය අවස්ථාවක් කරගන්න බලයි.ජනාධිපතිවරණ පැරදුනා පස්සේ ඒවත් තවදුරටත් ස්ථාවර වෙන්නේ නෑ. මාලිමාකාරයන්ට අන්තිමට හිත හදාගන්න වෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *