යුක්ති විනිශ්චය තුට්ටු දෙකේ නාඩගමක්කර නොගන්න

ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද, වඩවඩාත් වෙළඳ සබඳතා සහ ආධාර සඳහා අවශ්‍යකරන ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නගාසිටුවනු වස් අධිකරණයේ ස්වාධීනත්වය සහ පොලීසියේ ස්වාධීනත්වයත්, නීතියේ ආධිපත්‍යයත් යළි ස්ථාපිත කරලීම අත්‍යාවශ්‍ය වන්නේය. එසේ වෙතත්, ඇතැම් පක්ෂ සහ කණ්ඩායම් කැස කවන්නේ, එම ආයතන නැති භංගස්ථාන කිරීමට සහ ඒවා හරහා බාල දේශපාලනික රංගනයන් හි යෙදීමටයි.

එවැනි එක් සිදුවීමක් වන්නේ, ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශව පසුගිය ජනවාරියේ සිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට තිබීමයි. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ, පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ රජයේ වාහන 40 ක් පමණ අවභාවිත කිරීමත්, මිලියන 90 ක පමණ අලාභයක් රජයට සිදුකිරීමත් ය. වීරවංශ මහතා කියන්නේ තමාව අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කොට තිබීම දේශපාලනික පළිගැනීමක් වනබවයි. එම දෝෂාරෝපණය මත පදනම්ව ඔහු සහ ඒකාබද්ධ විපක්ෂය නොයෙක් ආකාරයේ බහුරු රංගන ඉදිරිපත් කරති. සමහරවිට ඒ සඳහා පමණට වඩා ප්‍රසිද්ධියක් මාධ්‍ය හරහා ලබා ගනී.

මේ මාසයමුල හරියේ දී, විමල්වීරවංශ තමාගේමාංචු දැමූඅත්ඉතාආඩම්බරයෙන්යුතුව මාධ්‍යයට ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තුවටපැමිණියේය. අනතුරුවඔහුගේ 47 වැනිඋපන්දිනයසැමරීමත්මාධ්‍ය සංදර්ශනයක් කර ගන්නා ලදි. ඊටසහභාගීවූඅමුත්තන්අතරහිටපුජනාධිපතිමහින්දරාජපක්ෂත්සිටියේය.

මේ සතියේම ඔහුගෙන් තවත් ප්‍රශ්නයක් මතු කෙරුණි. එනම්, ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ දී වෙනම ස්වාධීන පක්ෂයක් වශයෙන් පිළිගන්නා ලෙෂ කරන ලද ඉල්ලීම මුල්කරගෙන ය. කතානායක කරූජයසූරිය, ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල්සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය. කතානායකවරයාගේ එම තීරණය පදනම වුණේ, පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී, එකී ජාතික නිදහස් පෙරමුණ ඡන්දයට ඉදිරිපත්ව ජයග්‍රහණයකර තිබුණේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක පාර්ශ්වයක් වශයෙන් වීමයි. ඒ අනුව කතානායකවරයා දුන් තීන්දුව පාර්ලිමේන්තුව තුළ මහා කලබැගෑනියක් කිරීමට මේ පිරිස අවස්ථාවක්කර ගත්හ. එහිදී ඇතැමුන් හැසිරුණේ රස්තියාදු කාරයන්සේ ය. එහි අවසාන ප්‍රතිඵලය වුණේ, ඒකාබද්ධ විපක්ෂයේ නායක, පළපුරුදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධනට සතියකට පාර්ලිමේන්තුව තහනම්කරනු ලැබීමයි.

වීරවංශගේ මේ දේශපාලන රංගනයේ නවවටයක් මේසතියේ යළි රඟදැක්වුණි. දේශපාලනික පළිගැනීමක් වශයෙන් ඔහු දකින තත්වයට එරෙහිව තමා උපවාසයක් කරනබව පසුගිය බදාදා ඔහු කියාසිටියේය. ඊට සමගාමීව ඔහුගේ දියණිය ද උපවාස කොටරෝහල්ගත කෙරුණි. මේ ප්‍රශ්නය ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළඅධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ, විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගතව තබා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ තමාගේ කිසිම සම්බන්ධයක් නැතිබව පැහැදිළි කෙළේය. ඇත්ත වශයෙන් වියයුත්තේ ද එයමයි. මන්දයත්. පොලීසිය, අධිකරණයසහ විමර්ශන කටයුතු භාර අංශ ස්වාධීන ආයතන වනනිසා, වීරවංශව අත්අඩංගුවට ගැනීම ගැන රාජ්‍යබලධාරීන්ට දැනුම් දීමක් පවා ඒ අංශ වලින් අපේක්ෂා නොකළයුතු බැවිනි. මහේස්ත්‍රාත් අධිකරණසහ ඉහළ අධිකරණ, දේශපාලනික මග පෙන්වීම් යටතේ කිසි විටෙකත් කටයුතු නොකළයුතුය. ඒවාට මොනම විදිහකවත් බලපෑම් නොකළ යුත්තේය. එහෙත්, පසුගිය රජයේ ඉතා නරකම කාලයේදී, ශ්‍රේෂ්ඨාධිකරණයට පවා එදා රාජ්‍ය බලධාරීන් කෙලින්ම මැදිහත්වූ බව අපි දනිමු. අද අධිකරණය නිදහස් ය. අද අධිකරණවල විනිශ්චයන් ගැනෙන්නේ, පොලීසිය, විත්තිය සහ පැමිණිලි පාර්ශ්ව තමන් ඉදිරියේ තබන කරුණු සහ සාක්ෂි මත පදනම් වෙමිනි.

වීරවංශගේ නීතිඥයෝ සිකුරාදා නැවත වරක් ඔහුට ඇප ගැනීමට බැලූහ. එවර ඔවුන් ගියේ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියටයි. එහිදී ඉදිරිපත් කළ තර්කය වුණේ, වීරවංශගේ දියණිය රෝහල්ගත කොට තිබීමයි. එයඉතා දුර්වල තර්කයක් බව නීතිඥයෝ පෙන්වාදෙති.

සිද්ධිය කුමක් වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන ලෙසත්, පොලීසියේ අපක්ෂපාතීත්වයට ගරු කරන ලෙසත්, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන ලෙසත් අපි ආණ්ඩුවෙනුත්, විපක්ෂයෙනුත් ඉල්ලා සිටිමු. එය ප්‍රජාතන්ත්‍රවාදයේ එක් කුළුණක් වනඅතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඒ තුළ තිබියයුතු තුලණ සහසංවරණ ක්‍රියාවලිය ඒ මගින් ශක්තිමත් කරයි. ඇප ඉල්ලා අනිත් සිරකරුවනුත් උපවාස කළොත් නීතිය වල්වදින බව වීරවංශලාට කියා දියයුතුව තිබේ.

අද වනවිට මාධ්‍යයේ නිදහස ද විශාල ප්‍රමාණයකට තහවුරු කොටඇති තත්වය තුළ, මාධ්‍ය සතු අයිතීන් හැමවිටකම මාධ්‍යයේ වගකීම් සමග සම්බන්ධව පවතින බව, මාධ්‍ය ආයතන තේරුම්ගත යුතුය. ඒ වගකීම් ඉටුකිරීමට මාධ්‍ය ආයතන අපොහොසත් වන්නේ නම්, එනයින්ම ඔවුන්ගේ අයිතීන් ද ඔවුන්ට අහිමිවන බව දත යුතුය. එබැවින්, අධිකරණයක් තුළ විභාග කෙරෙනහෝ විමර්ශන කොමිසමක් තුළ පරීක්ෂාවට ලක්කෙරෙන සිදුවීම්වලට වඩා, එකී අධිකරණය හෝ පරීක්ෂණ කොමිසමට එළියෙන් සිදුවන බාල සිදුවීම් වලට ප්‍රමුඛස්ථානය දීම වනාහී මාධ්‍යය අවභාවිත කිරීමකි. බාල ජනප්‍රියත්වය හෝ ඕනෑම අන්තවාදයක් දේශපාලනය තුළනිගරුවට ලක්වන්නේ යම්සේ ද, එයම මාධ්‍යයටත් එයාකාරයෙන්ම වලංගු වන්නේය. අපට ආචාර ධර්මවලට අනුකූලව සහ ප්‍රතිපත්ති ගරුකවකටයුතු කිරීමේ වගකීමක් තිබේ. යුක්තිය සහ සමානාත්මතාව වෙනුවෙන් කටයුතු කිරීමේදී, හඬක් නැති ජනතාවගේ හඬ බවට පත්වීමේ වගකීමක් මාධ්‍යයට තිබේ.

‘යහපාලනය ලංකා’අනු ග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *