රුසියානු – ශී්ර ලංකා සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ලබාදිය හැකි සියලූ සහය ලබාදෙනවා -රුසියන් ජනපති ව්ලැඞ්මිර් පුටින් // vedio//
ශ්රී ලංකා – රුසියානු ද්වි පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබද මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා දෙරටේ ආර්ථික, වෙළෙඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප්රකාශ කළේය. එමෙන්ම ශී්ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
තම ආරාධනය පිළිගෙන රුසියාවේ නිල සංචාරයක නිරතවීම පිළිබඳව ව්ලැඩිමීර් පුටින් මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළේය. ගෝවා සමුළුවේදී කෙටි වේලාවක් තුළ ගොඩනැගුණු මිත්රත්වය මත මෙවන් නිල ආරාධනයක් සිදු කිරීම පිළිබඳ මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වෙත තම ස්තූතිය පළ කළ ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා ලොව බලවත් නායකයෙකුගෙන් හිමි වූ මෙම කුළුපග මිත්රශීලීත්වය පිළිබඳ තමා ඉතා ආඩම්බරවන බවත්, මෙම ආරාධනය දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ලැබුණු අනර්ඝතම අවස්ථාවක් ලෙස සළකන බවත් කියා සිටියේය.
ශී්ර ලංකා – රුසියා සබඳතා ආරම්භ වූයේ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් වන අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියට ගෙන යාම තම වගකීමක් ද වන බව ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය. මීට දශක 04 කට පෙර තමා රුසියාවට පැමිණි අවස්ථාව ද මෙහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය. ශී්ර ලංකාව සහ රුසියාව අතර ද්වි පාර්ශවික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 04 කට ද අද රාජ්ය නායකයින් ඉදිරියේ අත්සන් තැබේ.
රුසියාව සහ ශී්ර ලංකාව අතර ධීවර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට, තාක්ෂණික සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට, සංස්කෘතික කටයුතු පිළිබද අවබෝධතා ගිවිසුමකට සහ සංචාරක කටයුතු පිළිබද අවබෝධතා ගිවිසුමකට මේ අනුව අත්සන් තැබෙනු ඇත.
