ඔක්තෝබර් 26 කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි – නාට්‍ය නිෂ්පාදක, ග්රන්ථ කර්තෘ අසංක සායක්කාර
‘වැඩේ ඉවරද කඩේ පහමුද?’ යන මැයෙන් සංවිධාන රැසක් එකතුව පවත්වන ලද සම්මන්ත්‍රණයේදී නාට්‍ය නිෂ්පාදක, ග්රන්ථ කර්තෘ අසංග සායක්කාර පවත්වන ලද කතාවෙන් උපුටා ගත්තකි.
ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක් දියත් වුණා. ඒ කුමන්ත්‍රණයට අදාල විශාල පාඩු ගණනාවක් තියෙනවා. මේ පාඩුවට අදාල සැබෑ විත්තිකරුවන් වෙනුවෙන් දඬුවම් ලබා දියයුතුයි. ඒ සඳහා සැබෑ විමර්ශනයක් කළ යුතුයි. ඒ විමර්ශනය නිසා ආකාරයෙන් සිදු කරන්න ඒ තමයි අපේ ඊළඟ බලපෑම. ඒ කුමන්ත්රණවලට පාර්ශවලවල ගැම්ම තමයි අපි මේ කතා කරන මාධ්‍යය.
ජනමාධ්‍ය වෙසෙසින්ම මේ කුමන්ත්රණයේ විශාල කාර්යභාරයක් ඉෂ්ඨ කළා. ඒක ඔබ සියලු දෙනා දැක්කා. ඔක්තෝම්බර් 26 වනදා සිට ය නාමිකව අවසන් වූ දවස දක්වා විශාල ප්‍රමාණයකින් දායකත්වය සිදු වුණා. ඒ නිසා ඒ මාධ්‍යයටත් අදාලව මේ කාර්ය සිද්ධ විය යුතුයි. මාධ්‍ය කටයුතු කරපු විදිහත් ඉතාම අනීතිකයි. සාදාචාරය පැත්තකින් තිබ්බත් ඔවුන් කතාකරපු විදිහත් ඉතාම අනීතිකයි. මොකද, නඩු තීන්දුව ප්‍රකාශ කරන මොහොතෙ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නඩු තීන්දුව ප්‍රකාශ කරන මොහොතේ, නඩු තීන්දුව එකකල් බලාගෙන සිටිය සජීවි වැඩ සටහන්වල ප්‍රකාශ කෙරුණා, ‘ලැබෙන්නට නියමිත බෙදුණු නඩු තීන්දුවක් කියල. එහෙම ප්‍රකාශ කරන්නට මාධ්‍යට කොහෙන්ද අයිතියක් ආවේ. මොකක්ද ඔවුන් කියන්නට උත්සාහ කරන්නෙ. ඒ නිසා මාධ්‍යත් මේ කුමන්ත්රණයේ එක කෑල්ලක්. මාධ්‍යටත් විරුද්ධව අදාල ක්‍රියාමාර්ග ගත යුතුයි.
ප්රජාතන්ත්රවාදය දිනා ගැනීමට නම්, තවත් අප ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තියනව. ඉන් පළමුවෙනි පියවර තමයි පුරවැසියා විදිහට අපි ශක්තිමත් විය යුතුයි. අපි වැඩි බරක් තියෙන්නෙ පුරවැසියාට. ශක්තිමත් පුරවැසියෙක් අපි නිර්මාණය කරගත යුතුයි. අපි මුල ඉඳලම දැක්කා පුරවැසියා කියන පුද්ගලයා, පුරවැසියාගේ පරමාධිපත්‍ය ගොන්පාට් කරමින් තමයි මේ සියල්ල වුණේ. ජනාධිපතිවරයා සියලු දේශපාලඥයො මෝඩයෝ ගොන්නු ගාණට අරගෙන තමයි වැඩේ පටන් ගත්තේ. අපි හොඳටම දැක්කා දේශපාලනය අතිශය නිරුවත් වුණා. අතිශය ජරාජීර්ණ වුණා. ඒ ජරාජීරණතාවය තුළ ඉඳගෙනත් කොටසක් කටයුතු කරන්නෙ පුරවැසියා මෝඩයෝ ගාණට දාලා.
අපි දැක්කා මහින්ද රාජපක්ෂ පිරිස ගිහිල්ලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නව. මාධ්‍යවලින් මේවා ප්‍රකාශය කළා. සමාජ මාධ්‍ය වල ඊට අදාල දර්ශන තවමත් තියෙනව. ඒ සියල්ල තියාගෙන ඔවුන් අද කියනවා අපි පොහොට්ටුවෙ සාමාජිකයො නෙමෙයි, තවදුරටත් ඔවුන් හිතන්නෙ මේ රටේ මිනිස්සු ගොන්නු කියල. මේ තත්ත්වය නැති කරගත යුතුයි. ඒ සඳහා පුරවැසියාව අවධිකළ යුතුයි. පුරවැසියා අවධි කළ හැකි ප්‍රබලම අවිය තමයි අපි අතර මේ තියෙන්නෙ. ඒ සිවිල් සංවිධාන. වෙන කිසිම මොහොතකටත් වඩා ඉතිහාසයේ වෙන කිසිම මහොතකටවත් වඩා මේ මොහොත විසින් සිවිල් සංවිධානවලට ලබා දී තියෙනව අති විශාල බලයක්.
අපි හැමවෙලාවෙම දැක්කේ ප්රජාතන්ත්රවාදය සඳහා වන සටන්පාඨ. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් මතුවුණේ මැතිවරණයක් අභිමුව. මේ සටන එහෙම නෙමෙයි. මැතිවරණය තත්ත්වයක් ආසන්නයේ නොවෙයි මෙය පැනනගින්නේ, ව්‍යවස්ථා විරෝධී කටයුතුතක්, සාධාචාර විරෝධීකටයුත්තක් හරහා තමයි මෙය පැනනගින්නේ. මේ පැනනැගීම තුළ වැඩිම බර තියෙන්නේ, වැඩිම වගකීම තියෙන්නේ සිවිල් සංවිධාන වෙත. අපි සියලුම දෙනා, මෙතන සංවිධාන ගණනාවක සහෝදර සහෝදරියන් ඉන්නවා. අපි අපේ සංවිධානවල අනන්‍යතාවයන් වෙන වෙනම තබා ගෙන. වෙනම සටන් කරමු. ඒ අතර වාරයේ සංවිධාන සියල්ල එකට එකතුවෙලා එක එක පොදියට සටන් කරමු. එක පිටට සටන් කරමු. ඒ ඔස්සේ සැබෑ ප්රජාතන්ත්රවාදය අපිට උදා කරගන්නට පුළුවන් වෙයි.
මාධ්‍ය භූමිකාව ගැන වචනයක් වඳහන් කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙන්නේ සුපිරි ප්රජාතන්ත්රවාදයක් දිනාගන්න පුළුවන් මාධ්‍ය ප්රජාතන්ත්රවාදයක් නෙමෙයි. මේ දණවාදි ආර්ථික ක්‍රමය යටතේ මේ ධනේෂ්වර ක්‍රමය යටතේ එහෙම මාධ්‍ය සාදාචාරයක්. එහෙම මාධ්‍ය ප්‍රමිතින්, අපිට ලබාගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇත්ත කියන ජනමාධ්‍ය අපට ලබාගන්නට හැකියාවක් නෑ. අවම සදාචාරය පිළිපැදපල්ලා කියන බලපෑම තමයි අපි මාධ්‍යයට කරන්නෙ. මාධ්‍ය සියල්ල මුදලාලිකරණයට යටත් වෙලා හමාරයි. නමුත් මුදලාලිගේ මතය ද ජනමාධ්‍ය විය යුත්තේ? නෑ. දයාසේන ගුණසිංහයන් වරක් සඳහන් කළා ‘මාධ්‍යවේදියා කියන්නේ කණුවක බැඳපු හරකෙක් වගේ. ලණුවේ දිගට පමණයි ඌට තණකොළ කන්න පුළුවන්.’ නමුත් අද දවසේ ඒ කණුවෙ බැඳපු හරකා කණුව බදාගෙන ඉන්නවා, උන් දන්නෙ නැහැ ලණුව තව දිගයි. ඒ දිගට කන්න පුළුවන් කියන එකවත් ඌ දන්නෙ නැහැ. මාධ්‍යවේදී සඝයිණි, ලණුවෙ දුරට කාපල්ලා. හැමෝම ලණුවෙ දුරට කෑවනම්, මිනිස්සු මෙහෙම ලණු කන්නෙ නැහැ. ඒ නිසා මාධ්‍ය මුදලාලිලාට බයවෙන්න එපා. ඒ නිසා උඹලා බැඳලා තියෙන ලණුවේ දුරටවත් කාපල්ලා. එතකොට පුළුවන් මේ වැඩේ ගොඩ දාන්න.
