|

සුබ ආරංචියෙන් සංවර්ධන ව්‍යාපෘති 200 කට මුදල් – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට ප්‍රකාශයට  පත්කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමත් සමග මෙතෙක් නතරව තිබු සංවර්ධන ව්‍යාපෘති 200 ක් පමණ යළි ක්‍රියාත්මක කිරීමට මුදල් ලැබෙනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ප්‍රකාශ කරයි.

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය, කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති මෙලෙස යළි කිර්යත්මක කිරීමට හැකි වෙයි.

ශ්‍රී ලංකාව ණය ගෙවීම අත් හිටවන බවට 2022 අප්‍රේල් මාසයේ ප්‍රකාශ කිරීමත් සමග මෙය ව්‍යාපෘති සඳහා අනුමත මුදල් ලබාදීම අදාළ රටවල් විසින් නවතා දමා තිබිණි. එම රටවල් සමග ණය  ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සම් කිරීමත් සමග එම  මුදල් යළි ලබාදීම ආරම්භ වනු ඇත.

දෙරණ රුපවාහිනියේ බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගී වෙමින් මහාචාර්ය දුනුසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *