දැන් ලන්සාගේ වගකීම කුමක්ද? – රටේ රාළ

අනුර ප්‍රියදර්ශන යාපා – නිමල් ලන්සා කණ්ඩායම හදන්න හදපු සන්ධානය තවදුරටත් ඈතට යන එක නවත්තන්න බෑ.ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ශ්‍රිලනිපය ඇතුලේ නිර්මාණය වෙලා තියන අර්බුදය.මෙතනදී සන්ධානය හදන්න තිබුන ප්‍රධාන බාධකය උන මෛත්‍රීගේ නිල බලපෑම ගොඩක් දුරට ශූන්‍ය වෙලා තියනවා.ඒත් මෛත්‍රී පාර්ශවයේ නිල නොවන ක්‍රියාකාරීත්වයේ අඩුවක් පේන්න නෑ.
දිගටම ශ්‍රිලනිපයේ බලය රැකගන්න එයා උත්සහයක් දරනවා.ඒ වෙනුවෙන් විවිධ උපාය උපක්‍රම යොදනවා.කොහොම උනත් මේ දක්වා එයාලා යොදපු සියලු උපාය උපක්‍රම සාර්ථක වෙලා නෑ.මෛත්‍රී ශ්‍රිලනිප සභාපතිධූරය දැරීමට එරෙහිව මොන්ටි සරච්චන්ද්‍ර පවරලා තියන නඩුව විභාගය අවසන් වෙන තුරුම මෛත්‍රීට ශ්‍රිලනිප සභාපතිධූරය කටයුතු කරන්න බෑ.
ඒ වගේම අධිකරණ වාරණයකින් නතර කරලා තියන මෛත්‍රීගේ සභාපතිධූරයවෙනුවට වැඩ බලන්න කියලා දාගත්ත විජේදාසගේ වැඩබලන සභාපතිධූරයත් අධිකරණ මහින් වාරණය කළා.ඒ මේ සියල්ල කරන්න මෛත්‍රී යොදාගත්ත දුෂ්මන්ත මිත්‍රපාලගේ වැඩබලන ලේකම්ධූරයත් වාරණය කළා.මේ පෙත්සම් නැවත සලකා බලන්නේ මැයි 08 වෙනිදා.එදාටත් මේ වාරණ තවදුරටත් දික්වෙන්න පුළුවන්.
ඒක නිසා ශ්‍රිලනිපයට පක්ෂයක් විදිහට කටයුතු කරන්න අනිවාර්යයෙන්ම මේ උසාවියේ තියන නඩු ටික ඉවර වෙන්න ඕනි.කොහොම උනත් දවස ගානේ ශ්‍රිලනිපය ඇතුලේ නිර්මාණය වෙන තත්වයන් නැවත නැවත අධිකරණය හමුවේ අභියෝගට ලක්වෙමින් තියන නිසා මේ ක්‍රියාවලිය තවත් සැලකිය යුතු කාලයක් පස්සට යන්න පුලුවන්. එතකන් දේශපාලනය නතර කරලා ඉන්න ඔය කිසිම පාර්ශ්වයකට බෑ.
ඒක නිසා ගොඩක් වෙලාවට වෙන්නේ ඒ ඒ කණ්ඩායම් තමන්ගේ ලැබැදියාවන් එක්ක දේශපාලනය කරන එකයි.මෙතනදී ලන්සලා කණ්ඩායමක් විදිහට උත්සහ කළේ ශ්‍රිලනිපය සහ තවත් පක්ෂ කීපයක් එකතු කරගෙන නව සන්ධානයක් නිර්මාණය කරන්න.ඒකට ශ්‍රිලනිප චන්ද්‍රිකා පාර්ශ්වයේ සහය මුල් ඉඳන් හම්බවුනා.ඊට අමතරව පාඨළීගේ ජනරජ පක්ෂය එක්කත් එයාලා සැකච්ජා කරලා තිබුණා.
සරත් ෆොන්සේකා එක්කත් සාකච්ඡා කරලා තිබුණා.ඇත්තටම පාඨළීලා,ෆොන්සේකලා, වෙල්ගමලා එක්ක හදන සන්ධානයට ශ්‍රිලනිප පාක්ෂිකයටත් එකඟ වෙන්න පුළුවන් සන්ධානයත් හදන්න එතන ඕනි තරම් ඉඩ තිබුණා.ඒ අවස්ථාව සම්පුර්ණයෙන්ම නැති කළේ මෛත්‍රී.රනිල් ජනාධිපතිවරණයට එන්නේ නැතිනම් ඒ වෙනුවට ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප තියන සන්ධානය බවට ලන්සාගේ සන්ධානයට පත්වීමේ හැකියාව ඕනිවටත් වැඩිය තිබුණා.
මෛත්‍රී විජේදාසට ඒ අවස්ථාව හදලා දෙන්න හැදීමෙන් පේන්නේ වෙන කෙනෙකුට ඒ අවස්ථාව දෙන්න මෛත්‍රීගේ තියන අකමැත්තයි.මෛත්‍රී හිටියේ එයාට බැරිනම් විජේදාස කියන මතයේ.ඒ අවස්ථාව පාඨළීට හෝ ෆොන්සේකට යනවට මෛත්‍රී කැමති නෑ.මේ වගේ තත්වයක් යටතේ තමයි හදන්න නියමිතව තිබුණ නව සන්ධානය හදන්න බැරි වෙන්නේ.ඒ සන්ධානයත් එක්ක එකතු වෙන්න බලාගෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් හිටියා.
හැබැයි ඒ සියලු දෙනාගේ බලාපොරොත්තු දැන් සුන්වෙලා ඉවරයි.ඇත්තටම මේ සන්ධානය කඩාකප්පල් කිරීමේ වැඩිම වාසිය ගියේ රාජපක්ෂලාට.රාජපක්ෂලාට එරෙහි අතර මැද තවත් සන්ධානයක් නිර්මාණය වෙන්න තිබුණ අවස්ථාව එතනින් ඇහිරිලා ගියා.ඒ වගේම රනිල් රාජපක්ෂලාගේ අත්අඩංගුවට පත්වෙන්න නොදී තියාගන්න එහෙම සන්ධානයක් ගොඩනැගීම වැදගත්.
මෛත්‍රී නිර්මාණය කරපු මේ ශ්‍රිලනිප අර්බුදයෙන් රාජපක්ෂලාගෙන් වෙන් වෙන්න හිතපු තවත් පිරිසකට හිත හදාගෙන තවත් කාලයක් පොහොට්ටුවට වෙලා ඉන්න සිද්ධ වෙනවා.ඇත්තටම මෛත්‍රී මේ අවුලෙන් කළේ පොහොට්ටුව ඇතුලේ ක්‍රියාත්මක කරන්න තිබුණු මුදාගැනීමේ මෙහෙයුමක් වැළක්වීමයි.කොහොම උනත් මේ මොනම තත්වය යටතේවත් සටන අතාරින්න ලන්සලාට අයිතියක් නෑ. දැන් අලුත් විදිහට සන්ධානය හදන ක්‍රියාන්විතයට ප්‍රවේශය වෙන්න ඕනි.
එක පැත්තකින් විශ්වාසභංගත්වයට පත්වෙලා ඉන්න ශ්‍රිලනිප පාක්ෂිකයා බේරගන්න එහෙම මෙහෙයුමක් ඕනිමයි.මේ ශ්‍රිලනිප පාක්ෂිකයා පොහොට්ටුවට යන්න කැමති නෑ.ඒ වගේම සජබයට යන්න කැමතිත් නෑ.සජබ සහ පොහොට්ටුව දෙකම ශක්තිමත්ව තියෙද්දී තමයි එයාලා ශ්‍රිලනිපයේ රැඳුනේ.ඒ නිසා ශ්‍රිලනිප පාක්ෂිකයාගේ ඊළඟ නවාතැන මාලිමාව වෙන්න පුළුවන්.ඒක වලක්වාගන්න නං ලන්සලා වහාම ක්‍රියාත්මක වෙන්න ඕනි.
එහෙම වෙනවා නම් මාලිමාව වඩා ඉක්මනට ශ්‍රිලනිප පාක්ෂිකයා ලන්සලාගේ සන්ධානයට ගොඩ වෙන්න තියන ඉඩ වැඩියි.මොකද ශ්‍රිලනිප පාක්ෂිකයා බලාපොරොත්තුවෙන් සිටිය සන්ධානය ඒක.දැන් ලන්සලා කරන්න ඕනි ශ්‍රිලනිප ඇතුලේ එකඟ වෙන්න පුළුවන් සියලු පාර්ශ්ව එක්ක සාකච්ඡා කිරීම.එකට එකතු කරන්න බැරිනං වෙන වෙනම හරි එයාලා මේ සන්ධාන ක්‍රියාවලියට එකතු කර ගැනීමයි.
නීතිම ක්‍රියාවලිය තවතවත් ඈතට යනවා නං එයාලගේ අවසන් බලාපොරොත්තුවත් සුන් වෙන්න පුළුවන්.ඒ වගේම පාඨළිට, ෆොන්සේකට සහ වෙල්ගමලට උනත් මෛත්‍රී නැති තත්වයක් යටතේ සටනට බහින්න පුළුවන්. කොහොම උනත් ලන්සලා මැයි මාසේ ඇතුලේ ඉක්මන් දේශපාලන ක්‍රියා කාර කමකට යන්න ඕනි. එයාලා සැළසුම් කරලා තිබුණ රැස්වීම් වටයට යන්නත් පුළුවන්. ඒක ශ්‍රිලනිප පාක්ෂිකයාට ලොකු ආශ්වාදයක් වේවි.
ඒ සන්ධානයට එකතු කරගන්න නියමිත බලවේග විසිරෙන්න නොදී පවත්වාගෙන යෑම කරන්න පුළුවන් ලන්සලාට.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *