අමරවීර,දුමින්ද, ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කරයි

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර මහත්වරුන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත්කොට ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර තිබේ. එම තනතුරට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත්කර තිබේ.
එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව ද ඉවත් කර තිබේ. බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා භාණ්ඩාගාරික ධුරයට පත්කර ඇත.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාව ද අද එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට සරත් ඒකනායක මහතාව පත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.
