කරුණා අම්මාන්ගේ සහය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව විනයාගමූර්ති මුරලීදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කර ඇත.
අමාරුවේ වැටී තිබු රට ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුට සහය දෙන බව කරුණා අම්මාන් ප්‍රකාශ කරයි.
දෙමළ හෝ මුස්ලිම් හෝ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ ඉඩක් නැති බව කී මුරලීදරන් මහතා එබැවින් වෙන ම දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තේරුමක් නැති බවත්, කළ යුතු වන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට හැකියාව ඇති නායකයකුට සහය දීම බවත් කී ය.
ඊයේ මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේ ය.
