ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අවසන් වන තුරු මැතිවරණ නැහැ – ජනාධිපති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් කරන තුරු මැතිවරණයක් පැවැත්වීමට ඉඩක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි
රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අතිශය වැදගත් බවත්, එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට ප්‍රමුඛත්වය දිය යුතු බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
ජනාධිපති වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට වෙන වෙනම මේ බව දැනුම් දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ජූලි මස අවසන් වනතුරු ක්‍රියාත්මක බැවින් එතෙක් කිසිදු මැතිවරණයක් නොපවත්වන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ක්‍රියාවලියෙන් පසු ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමේ කාලය එළඹෙන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට ජනාධිපතිවරණය බාධාවක් නොවනු ඇති බවත්, ඒ අනුව මැතිවරණ සිතියම රජය සැලසුම් කර ඇති බවත්, ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. එබැවින් ප්‍රථමයෙන් ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට දැනුම් දුන් බවද එම නිලධාරියා සඳහන් කළේය.
