“චන්දය පැරදුනොත් ගෙදරයනවා” – මහින්දගෙන් මෛත්‍රීට ලනුවක් !
මහ චන්දයෙන් සන්ධානයට ජයගත නොහැකි වුවහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කැමති ලෙස පක්ෂයේ වැඩ කටයුතු කරගන්නට ඉඩදී තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවට පොරොන්දුවක් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාට ලබාදී ඇතිබව දේශපාලන ආරංචි මාර්ගයකින් යුක්තියට දැනගන්නට ඇත . නායකයින් දෙදෙනා අතර රහසිගත හමුවේදී මෙම පොරොන්දුව දී ඇතැයි කියති .
එසේ වුවද පරාජයේ වගකීම ජනාධිපතිවරයාට පටවා තම සටන දිගටම ගෙනයාමට දැන් සිටම පදනම සකස් කිරීමට මහින්ද පාර්සවය තීරණය කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . මෙම සැලසුම ගැන මේ වනවිට ජනාධිපතිවරයාටද දැනගන්නට ලැබී ඇති බවද කියති . මෙම උගුලෙන් ගැලවීම සඳහා පරිස්සමෙන් කටයුතු කිරීමට ජනාධිපතිතුමා තීරණය කොට ඇති බවද වැඩිදුරටත් දැනගන්නට ඇත .
