චන්ද්‍රිකා යළිත්, සටන අරඹයි

Chandrikaවිදේශ සංචාරය නිමවා පසුගිය දා දිවයින්ට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය අලූත් පෙරමුණක සිට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානයට එරෙහිව සටනක් දියත්කර ඇත. මහින්ද පිල සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගණුදෙනු කරන ගුප්ත ස්වභාවය පිළිබඳව සැක පහලකරන ඇය එක්සත් ජාතික පෙරමුණේ වේදිකාවට ද ගොඩවීමට කැමැත්තක් නැත.
දැනගන්නට ඇති තොරතුරු වලට අනුව සිවිල් සංවිධාන සමග නව සංවිධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වනවිට ද ඇය ආරම්භකර තිබේ. “සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි බලය“ ලෙස නම්කර ඇති මේ සන්ධානයට, මාදොලූවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය ද එක් වී සිටිති.
දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි විශාල රැස්වීම් ගනනාවක් පැවැත්වීමට මේ නව සන්ධානය දැනටමත් කටයුතු සූදානම්කර ඇත. රාජපක්ෂගේ පාලනය කෙරෙහි කළකිරී ඇති නමුත් එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වී කටයුතු කිරීමට අකැමැති පිරිස්වලට ආමන්ත්‍රණය කිරීම මේ රැස්වීම් මාලාවේ අරමුණ වේ. මෙවැනි අතර මැදි පිරිස් විශාල ප්‍රමාණයක් මේ වන විටත් නව පුරවැසි සන්ධානය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්ත පළකර තිබෙන බව යුක්තියට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *