|

අපෙන් ණයට හොරාගත් ධනය සඟවා තියෙන්නේ කොහේ ද ? – ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලින් සියයට හතළිහක් වියදම් වී ඇත්තේ කලින් ගත් ණය සඳහා පොලී  ගෙවීමට බවත්, සියයට 34 ක් වැඩි වී ඇත්තේ මුදල් මුද්‍රණය කිරීමෙන් විනිමය අනුපාත පහළ වැටී රුපියල අව ප්‍රමාණ වීම නිසා බවත්, අඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ණයට ගත් මුදල්වලින් සියයට 74 ක් වැය වී ඇත්තේ පොලී ගෙවීමට සහ රුපියල අව ප්‍රමාණ වීම පියවීමට ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ සම්පුර්ණ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 27.5 කි. එයින් රුපියල් ට්‍රිලියන 10,767 ක් වැය වී ඇත්තේ කලින් ගත්  ණයවල පොලී ගෙවීමට ය. රුපියල් ට්‍රිලියන 8,997 ක් හෙවත් සියයට 33.8 ක් ණය වැඩි වී ඇත්තේ රුපියල අවප්‍රමාණ වීම හේතුවෙනි. එය සිදුවුයේ මුදල් මුද්‍රණය නිසා ය.

පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරවල පාඩු පියවීම සඳහා වැය කර ඇති මුදල රුපියල් ට්‍රිලියන 2,312 කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 8.7 කි.

ණයට ගත් මුදලින් රජයේ වියදම් පියවීම සහ ව්‍යාපෘති සඳහා  යොදවා ඇත්තේ රුපියල් ට්‍රිලියන 4,491 ක මුදලක් පමණකි . එය මුළු ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16.9 කි.

ධනනාත් ප්‍රනාන්දු මහතාගේ අදහස් ඇතුළත්ව අඩ්වෝකාටා ආයතනය නිකුත් කොට ඇති වීඩියෝ පටය පහලින් ……

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *