දැලිපිහියෙන් කිරි කන රනිල් වික්‍රමසිංහ – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත 

රනිල් වික්‍රමසිංහ සය වන වරටත් මෙ රට අග්‍රාමාත්‍ය ධූරයට පත්ව සිටී. මේ මොහොතේ වික්‍රමසිංහ මහතා , ආර් ප්‍රේමදාස මහතා කී පරිදි දෙකොන පත්තු වුණු විලක්කුවක් අතින් ගත්තකු නොව ගිනි වළල්ලක් හිස වටා පැලඳ ගත්තෙකි. එය ඩොලර් හිගය , අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය, ඉන්ධන පෝළිම්, ගෝ හෝම් අරගල ආදියෙන් යුතු ගිනි වළල්ලකි.

සියල්ල අතරින් දරුණුතම ගින්න ගෝ හෝම් ගින්න ය.

ඩොලර් හිගය ආදි වශයෙන් එන ආර්ථික කළමනාකරණය සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ගේ හැකියාව සම්බන්ධයෙන් සැකයක් නැත. වැටුණු ආර්ථිකය ගොඩ දැමීමට තමන් සතු හැකියාව ඔහු මින් පෙර ඔප්පු කර ඇත්තෙකි. ඇතමකුට විරෝධය  තිබුණේ , ඔහු ගේ ආර්ථික ප්‍රතිපත්තිය පෞද්ගලිකකරණය සමඟ ගැටගැසුණක් වීම නිසා ය. එසේ විරුද්ධ වූවන් අතර මුල් පෙළ සිටියේ රාජපක්ෂවරුන් ය. විපක්ෂයේ සිටියදී පෞද්ගලීකරණයට විරුද්ධව අවි ඔසවන නමුත් ආණ්ඩුකරණයේ දී රාජපක්ෂවරුන් පෞද්ගලිකකරණයට කිසි සේත් විරුද්ධ නැත. එබැවින් රාජපක්ෂ -රනිල් ආර්ථික පිළිවෙත මෙවර රාජපක්ෂ විරෝධයෙන් තොරව ක්‍රියාත්මක කරන්නට පුළුවන. පැවසෙන කරුණු අනුව විදෙස් රටවලින් සහ සංවිධාන වලින් මේ වන විටත් වික්‍රමසිංහ ආණ්ඩුවට උපකාර කෙරෙන බවට ඉඟි ලැබී තිබේ.

ආර්ථික ගැටලුව විසඳීමට සක්‍යතාව වික්‍රමසිංහ මහතා සතු වුව දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ගැටලුව ඔහු හමුවේ බරපතළ ලෙස තිබේ. ගෝඨා ගෝ ගම විරෝධය එහිදී බලපාන ප්‍රධානතම ගැටලුව වශයෙන් සැලකිය හැකිය. මේ වන විටත් භික්ෂූන් සහ කාදිනල් තුමා ඇතුළු පිරිසක් වික්‍රමසිංහ මහතා ගේ අග්‍රාමාත්‍ය ධූරය පිළිනොගන්නා බව ප්‍රකාශ කර තිබීම සැළකිය හැක්කේ ගෝඨා ගෝ ගම විරෝධයේ කොටසක් වශයෙනි.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගෝඨාභය මහතා සහ වික්‍රමසිංහ මහතා අතර ඇති එකඟතාව කවරාකාර ද යන්න මෙතෙක් පැහැදිලි නැති බැවින් විධායකය අහෝසි කරනු යන කොන්දේසිය අරභයා නව අගමැතිවරයා ගේ ආණ්ඩුව කෙසේ හැසිරෙනු ඇති ද යන්න ද අපැහැදිලිය.එම ප්‍රශ්නයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය රටේ සාමකාමී වාතාවරණය සහ ⁣දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි තීරණාත්මකය.

අල්ලස දූෂණය නතර කිරීම, අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීම , කොල්ල කන ලද බව කියන ජනතා මුදල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වැනි මහජන ඉල්ලීම් වලදී ජනතාව අපේක්ෂා කරන ආකාරයේ විසඳුමක් සැපයීම වික්‍රමසිංහ මහතාට කළ හැකි වනු ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්කමක් ද නැත.ඒ අනුව ජනතාව සිය ඉල්ලීම් සමහරක් හකුලා ගැනීමට කටයුතු නොකරන්නේ නම් වික්‍රමසිංහ මහතාට රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කළ හැකියැයි සිතිය නොහැකිය. දේශපාලන ස්ථාවරත්වය නොමැති වීම විදෙස් ආයෝජන, සංචාරක කර්මාන්තය ආදිය කෙරෙහි බලපානු ඇති බැවින් ඔහු අපේක්ෂා කරන ආකාර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමද උගහට වනු ඇත.එසේ වුවහොත් වික්‍රමසිංහ මහතාට මෙවර අග්‍රාමාත්‍ය ධූරයෙන් ම දේශපාලන දිවිය හමාර කරන්නට වුව ද සිදුවන්නට පුළුවන.

 චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *