|

සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරියේ ඩොලර් මිලියන 341.8 ක ආදායමක්

මෙරට සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් 341,8 ක ආදායමක් ලැබී ඇති බව මහ බැංකු වාර්තා ප්‍රකාශ කරයි.

මෙය වසර හතරකින් පසු ඉහළ ම ආදායම වන අතර පසුගිය වසරේ ජනවාරි ආදායම මෙන් දෙගුණයකට වැඩි ආදායමකි.

2024 ජනවාරි සංචාරක පැමිණීම 208,243 ක් වන අතර එය පසුගිය වසරේ ජනවාරියේ පැමිණි  102,545 ට සාපේක්ෂව  දෙගුණයකට වඩා වැඩි වීමකි..

ශ්‍රී ලංකාවේ 2023 සංචාරක ආදායම පෙර වසරේ ඩොලර් බිලියන 1.1 සිට ඩොලර් බිලියන 2.1 දක්වා සියයට 80 කින් ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

2023 දී දිවයිනට පැමිණි මුළු විදේශීය සංචාරක සංඛ්‍යාව 1,487,303 ක් වූ අතර එය 2022 දී වාර්තා වූ 719,978 ට වඩා සියයට 106.6 ක වැඩිවීමකි.

මේ වසර සඳහා ශ්‍රී ලංකාව සංචාරකයින් මිලියන 2.2ක් ඉලක්ක කර ඇති අතර ඇස්තමේන්තුගත ආදායම ඩොලර් බිලියන 3.5 කි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *