කෙහෙළිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ඖෂධ ගෙන්වීමේ දී වංචාවක් කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමා දරමින් සිටි පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත..
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපති කාර්යාලයට ඒවා ඇති බවත් එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.
පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ.
පසුගිය (02) දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
එහිදී අමාත්‍යවරයා පෙබරවාරී 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

