සාධාරණත්වය සහිත වෙළඳපොල ආර්ථිකයක් ඇතිකරනවා

පහතින් පලවන්නේ ජූලි 27වෙනි සිවිල් සංවිධාන එකසිය ගනනක් වෙනුවෙන් මාදොලූවාවේ සෝභිත හිමි සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ සංස්කරණය නොකළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කථාවයි.
ගරුතර ස්වාමින් වහන්ස, අනිකුත් පූජකතුමන්ලා ඇතුළ සියලූ දෙනාගෙන් අවසරයි. දේශපාලනය කියන්නේ පුරවැසියන්ගේ අයිතියක්. කොහොමද තමන්ගේ සමාජය හදන්නේ. කොහොමද සමාජය මෙහෙයවන්නේ. ඒ රාමුව තුළ කොහොම ද තමන්ගේ නියෝජිතයින් වැඩ කරන්නේ. අපිට

ඒක අමතක වූණා. අපි ආපසු වැඩවසම් ක්‍රමයකට ගිහිල්ලා හිතුවා මේක දේශපාලන අයිතියක්. ඒකේ ලොක්කා තමයි රජතුමා. අර ඉස්සෙල්ලා ගමේ ඉන්න ගාමිණිලා තෝරාගත්ත එක්කෙනා රජ්ජුරුවෝ වුණා වාගේ. එතන දී මේ රටේ දූෂණය ඇති වූණා. සමාජ පදනම කඩා වැටුණා. අපේ නිදහස නැති වුණා. ඒ නිසා අපි ඔක්කොම එකතු වුණා ජනවාරි 8වෙනිදා විප්ලවයක් කරන්න.
ඉස්සෙල්ලා විශේෂයෙන්ම සෝභිත නායක ස්වාමීන් වහන්සේත්., අපේ සිවිල් සංවිධානත් එකතුවෙලා අපි දේශපාලන පක්ෂත් ඒකට එකතු වුණා. එක එක පක්ෂ වල එක එක ranil - 2මත ඇති වුණා. දක්ෂිණාංශික පක්ෂ තිබුණා. වාමාංශික පක්ෂ තිබුණා. එක එක ආගම්, එක එක ජාතීන් නියෝජනය කළා. ඒත් අපි සියලූම දෙනා ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයේ සිටින නිසා යහපාලනයක් ඇති කරලා මේ රටේ ජනතාවට සහන ලබා දෙන්ට අපි ජනාධිපතිවරණය උපයෝගි කරගෙන මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් අපේ අපේක්ෂකයා කරගත්තා.
ජනවාරි 8වෙනිදා එතුමා ජනාධිපති හැටියට පත් වුණා. අපි යහපාලනය ඇති කරන්ට දවස් සියයෙන් විප්ලවයක් ඇති කළා. කවුරුත් හිතුවේ නෑ දවස් සියයෙන් මේවා කරන්න පුළුවන් කියලා. නිදහස් වාතාවරණයක් ඇති කළා. ඒකාධිපතිවාදයේ රාමුව ඉවත් කරන්ට අපි පියවර ගත්තා. ජනතාවට සහනය දුන්නා. ඒ වගෙන් තමයි අපි මේ විප්ලවය පටන් ගත්තේ. ඒත් ඒ වගේ ම විප්ලවයක් ඇති වෙනකොට ප්‍රතිවිප්ලවයකුත් ඇතිවෙන්ට තිබෙනවා. පාර්ලිමේන්තුවේ බලය අපි ළග තිබුණේ නැහැ අපි සුළුතර ආණ්ඩුවක්. අපි පාර්ලිමේන්තු බලය අරගත්තේ නැත්තේ දවස් සියයෙන් සහන දෙන්නයි, ඒ වගේම සන්ධානය එදා එකග වුණා අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ රටේ තමන්ගේ පක්ෂයේ නායකයා කරන්ට. ඒත් ඒ පොරොන්දුව කැඩුවා. වෙන එකක් තියා දේශපාලනඥයින්ගෙන් තොරව ව්‍යවස්ථාදායක සභාවවත් ඇති කරන්ට බැරි වුණා. අපි අනික් වැඩකටයුතු සියල්ලම කරලා, දවස් සියය අවසන් කරළා ඡන්දයකට යන අවස්ථාවේ අපි දැක්කේ ප්‍රතිවිප්ලවය සඳහා ඒ පැවතුණු කණ්ඩායම් සංවිධානය වෙනවා.
ඒ නිසා දේශපාලන පක්ෂ අපි සියල්ලම එකතු වුණා. අපි කථා කළා. අපි හිතුවා යහපාලනය සඳහා පෙරමුණක් අපි ඇති කරමු. දේශපාලන පක්ෂයක් ලෙස ඒක ලියා පදිංචිකරන්න. ඒක පුළුවන් වෙන්නේ මැතිවරණයෙන් පස්සේ කියලා. ඡන්ද නීතිය යටතේ ඒ අවස්ථාවේ දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නට බෑ. ඒ නිසා රට දන්නා ප්‍රධානම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අපි යන්ත්‍රණයක් ගොඩ නගාගෙන තිබුණා. මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්ට. මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා එක්සත් ජාතික පෙරමුණ හැටියට අපේ පෙරමුණ එක්සත් ජාතික පෙරමුණ මාර්ගයෙන් ඉදිරිපත් වෙන්ට. ඒ එ ක් වෙන්නේ යහපාලනය වෙනුවෙන්. ඒ යහපාලනය තහවුරු කරන්නට නම් දේශපාලන පක්ෂ පමණක් නෙවෙයි මෙතෙන්ට ඕනේ විප්ලවය ඉදිරියට ගෙනියන්ට. විප්ලවය ආරක්ෂා කරන්ට. විප්ලවය තහවුරු කරන්ට. ඒ නිසා අපිට එකතු වෙන්ට කියලා උපදෙස් දුන්න මාදොළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ඇතුළු මේ සිවිල් සමාජයත් එකතු වෙලා මේ යහපාලනය තහවුරු කරන්ටයි අද මේ ලිපිය අපි අත්සන් කළේ. අපි ඒ අනුව ක්‍රියා කරනවා. ඒකයි අපේ වරම. අපි මේරට දියුණු කරනවා. බලවත් රාජ්‍යයක් කරනවා කියන්නේ අපි එක අතකින් තරගකාරි වෙළඳ ආර්ථිකයක් ඇති කරන ගමන් අනික් පැත්තෙන් සමාජ සාධාරණය ඉටු කරන්ට, විශේෂයෙන්ම නිදහස් අධ්‍යපනය, නිදහස් සෞඛ්‍ය ලබාදෙන්ට ක්‍රියා කරනවා. මට මෙතෙන්ට පෙනුනේ ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් මහා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ලෙස නෙවෙයි. මට අද මතක් වුනේ මේ රට නිදහස ලබාගන්න ඩි. එස්. සේනානායක මැතිතුමා එක්ක එකතුවුණ විශාල සංවිධාන ගනනාව. දේශපාලන හා සිවිල් සංවිධාන. පසුව ඒ සංවිධාන තම තමන්ගේ ගමන ගියා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වු නිසා. ඒත් ආපසුු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්ට , යහපාලනයක් ඇති කරවන්ට, ඇවිල්ලා තියෙනවා. අපිට දවස් සියයෙන් යහපාලනයක් ඇති කරන්ට පුළුවන් නම් සියල්ලන්ගේ සහයෝගය එක්ක අපිට මාස 60කින් අළුත් රටක් හදන්න පුළුවන්. ඒකට තමයි අපේ පංච බල ක්‍රියාවලිය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක ඉදිරියට ගෙනියන්ට. අපි ඒක කරන්නේ සම්ප්‍රදායික වෙස්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොවෙයි ඒකට කෙහොම ද අපි ලිච්ඡවී ක්‍රමය ඇති කරන්නේ.
එක්කොටම පාර්ලිමේන්තුවේ මේ ප්‍රකාශනය අරගෙන එතනින් අපේ රටේ දිර්ග කාලීන මුලික ප්‍රතිපත්ති හදලා ඒ එක්කම අපිට සාමයෙන් රැස්වෙලා , සාමයෙන් සාකච්ඡා කරලා සාමයෙන් විසිරි යන්ට පුළුවන් නම් එහෙනම් අපේ ඉදිරි ගමන ගැන කාටවත් සැකයක් නෑ. එතෙන්ට යන විට එක එක ප්‍රශ්න එන්න පුලූවන්. ඒ ප්‍රශ්න යටපත් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ව සාමකාමිව ඉදිරියට යන්න. මේකේ ප්‍රතිඵලයක් හැටියට ස්වාමින් වහන්සේ අද තියෙන්නේ , මිනිසුන් කියන්නේ එංගලන්තේ මැතිවරණය වගේ කියලා. දැනෙන්නෙවත් නැති ලූ. මොකද මේක සාමකාමීයි, නිශ්ෂබ්දයි, නීතියට යටත්වෙලා කරන්නේ. එහෙනම් මෙතන දී නීතිය රජ කරනවා. එහෙනම් නීතිය රජ කරන කාලේ නීතිය ට යටත්ව ක්‍රියා කරන්ට අපි විශේෂයෙන්ම ගිවිසුම ඇති කරලා ඉදිරියට යනවා මීට වඩා දීර්ග වශයෙන් කථා කරන්නේ නෑ, මේ සිවිල් සංවිධාන සියල්ලටමත්, විශේෂයෙන්ම අපේ මාදොළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ටත් ස්තුති කරමින් මම එදත් කිවු හැටියට අපිට ඕනෑ රජ පවුලක් ඇතිකරන්ට නොවෙයි , මට ඕනෑ හැම පුරවැසියෙක් ම රජ කරන්න. හැම පවුලක්ම රජ කරන්ට. අන්න ඒ වැඩකටයුත්ත කරන්න , මේ ගිවිසුමෙන් අපිට තව ශක්තිය ලැබෙනවා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මං අවසන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *