ජනපතිට තම අභිමතය අනුව අගමැති පත්කළ හැක.

indexඑක්සත් ජනතා නිදහස් සන්ධානය ලබන මහා මැතිවරණයේදී බලයට පත් වීමට ඇති ඉඩකඩ ඉතා අල්ප හෙයින් මහින්ද රාජපක්‍ෂට අගමැති ලෙස පත් විය හැකි ද යන ප්‍රශ්නය ප්‍රායෝගිකව පැන නගින ප්‍රශ්නයක් නොවූව ද එය අද සාකච්ඡා වෙමින් පවති. එහෙයින් එම ප්‍රශ්නය අධ්‍යයනය කිරීම වැදගත් වේ.

අගමැති පත් කිරීම පිළිබඳ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4)ව්‍යවස්ථාවේ දක්වා ඇත’ එම වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් ඔහුගේ □මතය අනුව□ පාර්ලිමේන්තුවේ විශ්වාශය දිනා ගත හැකියැයි කල්පනා කරන මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත් කළ යුතුය.

මෙම වගන්තිය අනුව අගමැති පත් කිරීමේදී වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ මතය වේ. මෙම මතය කුමන කරුණු සැලකිල්ලට ගෙන නිගමනය කළ යුතුද යන්න සඳහන් නොවේ. ඒ අනුව ජනාධිපතිවරයා වෙත පවරා ඇති බලය අභිමතානුසාරි බලයක් වේ. මෙම අභිමතානුසාරී බලය භාවිතා කිරීම පිිළිබඳව අධිකරණයක දී ප්‍රශ්න කළ නොහැක. එහෙත් අපගේ නීතියේ පිිළිිගෙන ඇති නීතිමය පදනම වන්නේ යම් පුද්ගලයෙකු වෙත නීතියෙන් යම් බලයක් පවරා ඇතිනම් එම බලය එම පුද්ගලයා වෙත පවරා ඇත්තේ එම බලය පැවරීමේ දී ජනතාව වෙනුවෙන් බලාපොරොත්තු වූ අරමුණ ඉටු කරනු ඇත යන විශ්වාශය මත වන හෙයින් එම පුද්ගලයා මෙම බලය තමා වෙත පැවරුණ භාරයක් ( ලෙස සැලකිය යුතු බවත්, එම බලය පැවරීමේදී අපේක්‍ෂා කළ අරමුණ ඉටු කර ගැනීම සඳහා පමණක් යොදා ගත යුතු බවටත්, වෙනත් අරමුණු ඉටු කර ගැනීම සඳහා එම බලය භාවිතා කළ නොයුතු බවට සඳහන් ය. එම සිද්ධාන්තය :ඔරමිඑ ාදජඑරසබැ* ලෙස දැක්වේ.

මෙම ප්‍රශ්නය පිළිබඳව අදහස් දක්වන බොහෝ අයගේ අදහස වී ඇත්තේ අප බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අගමැති පත්කිරීම පිළිබඳව අනුගමනය කළ යුතු බව හා ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් පක්‍ෂයේ නායකයා අගමැති වශයෙන් පත් කළ යුතු බවය. මෙම සම්ප්‍රදාය අනුව මහින්ද රාජපක්‍ෂ සන්ධානයේ නායකයා නොවන හෙයින් ඔහු අගමැති ලෙස පත් කිරීම අනිවාර්ය නොවේ.

එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති සතු බලතල සිමා කර ඇති නමුත් අදට ද අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වේ. ඒ අනුව අපගේ ආණ්ඩුක්‍රමය දෙමුහුන් ක්‍රමයකි. එනම් ජනාධිපති ක්‍රමය හා පාර්ලිමේන්තු ක්‍රමය සම්මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් ලෙස සැලකිය හැක. එ් අනුව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් සම්බන්ධයෙන් ගොඩනැගී ඇති සම්ප්‍රදායන් මෙවැනි සම්මිශ්‍ර ආණ්ඩුක්‍රමයකට යෙදිය නොහැක.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) ව්‍යවස්ථාව අනුව අප රටේ ජනාධිපති, රාජ්‍ය නායකයා, විධායකයේ හා ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිළධායා ද වේ. එපමණක් ද නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(3) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ද වේ. එහෙයින් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අගමැති පත් කිරීම පිළිබඳ සම්ප්‍රදාය මෙන්ම, 1977ට පෙර අප රටේ පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වූ සමයේ දී සෝල්බරිසාමි, සර් ඔලිවර් ගුණතිලක හෝ විලියම් ගොපල්ලව යන අග්‍රආණ්ඩුකාරවරුන් අනුගමනය කිරීමට බැඳී සිටි බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වලින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් වී ඇති ජනාධිපතිවරයා බැඳී නොමැත. ඒ අනුව අගමැති පත් කිරීමේදී අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට වඩා පළල් අභිමතානුසාරී බලයක් පැවරී ඇති බව පැහැදිිලිය. ඔහුට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ සම්ප්‍රදායන් අනුගමනය කිරීමට හේතුවක් නොමැත. එම සම්ප්‍රදායන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනාධිපති ක්‍රමයට අදාළ නොවන බව පැහැදිලිය.

දැනටම ජනාධිපතිවරයා, මහින්ද රාජපක්‍ෂ අගමැති වශයෙන් පත් නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එනම් ජනාධිපතිවරයා□ ඔහුගේ මතය□ පැහැදිිලිව ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයා මෙම මතය ප්‍රකාශ කිරීමට පදනම් වූ වැදගත් හේතු තිබිය යුතුය. ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරණ කැබිනට් මණ්ඩලක අගමැතිවරයෙකු පත් කිරීමේදී ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙන් පැවරී ඇති අභිමතානුසාරී බලය හේතු සහිතව භාවිතා කළ යුතුව ඇත. එහෙත් ඔහු හේතු දැක්වීමට බැඳී නොමැත.

මහින්ද රාජපක්‍ෂට විරුද්ධව බරපතළ දුෂණ හා බලය අනිසි ලෙස භාවිතය පිළිබඳව චෝදනා එල්ල වී ඇත’ ඔහුගේ පවුලේ අයට විරුද්ධව අල්ලස් හා දුෂණ, බලය අනිසි ලෙස භාවිතා කිරීමේ සිද්ධීන් පිළිබඳව චෝදනා පමණක් නොව, මිණී මැරීමේ සිද්ධීන් පිළිබඳවද චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනා පිළිබඳව පරීක්‍ෂණ ආරම්භකර ඇති අතර එම චෝදනා පිළිබඳව වැදගත් සාක්‍ෂි දැනට ද සටහන් කර ඇති බව රහසක් නොවේ. ඊට අමතරව පසුගිය ආණ්ඩු කාලයේදී සිදු වූ බලය අනිසි ලෙස භාවිතා කිරීම හා දුෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් ද පත් කර, දැනට එම කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි විශාල ප්‍රමාණයක් ඔහුගේ ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කළ පුද්ගලයන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ වී ඇත.

එපමණක්ද නොව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ ධූර කාලය තුල දී ඔහුගේ අනුගාමිකයින්ට විරුද්ධව ඉදිරිපත් කරන ලද දුෂණ, අනිසි ලෙස බලය භාවිතා කිරීම පිළිබඳව හා ඔවුන්ගේ සාපරාධී ක්‍රියාවන් පිළිබඳව චෝදනා සම්බන්ධයෙන් ඔහු දැන සිටි බවත්, ඔහු එම සිද්ධීන් යටපත් කිරීමට ක්‍රියා කළ බවත් ය.

එහෙයින් මෙවැනි බරපතළ චෝදනා පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් ඇති අවස්ථාවක ඔහු රටේ අගමැති වශයෙන් පත් කළ හැක ිද යන්න ජනාධිපතිවරයා ඉදිරියේ ඇති ප්‍රශ්නයක් වනු ඇත. අගමැති පත්කිරීම පිළිබඳව ඔහු වෙත පැවරී ඇති අභිමතානුසාරී බලය භාවිතා කිරීමේදී මෙම ප්‍රශ්නය සලකා බැලීමට ඔහු බැඳී සිටීම පිළිගත යුතුව ඇත.

එහෙයින් අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ □පත් නොකිරීමේ මතයට□ එළැඹීමට ජනාධිපතිවරයාට සාධාරණ හා යුක්ති සහගත හේතු ඇති බව පෙනේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලද 154ඊ(4) වගන්තිය යටතේ පළාත් සභාවක ප්‍රධාන ඇමතිවරයා පත් කිරීමේදී පළාත් ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති අභිමතානුසාරී බලය සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැති පත් කිරීම පිළිබඳව 42(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති අභිමතානුසාරී බලය සළකා බැලීමේදී පැහැදිලිවම අගමැති පත් කිරිම පිළිබඳ ජනාධිපතිවරයා වෙත ඉතා පළල් අභිමතානුසාරී බලයක් පැවරී ඇති බව පැහැදිලි වේ. පළාත් සභාවක ප්‍රධාන ඇමති පත්කිරීමේ දී තෝරා පත් කර ඇති මන්ත්‍රීවරුන්ගෙන් 1/2කට වැඩි සංඛ්‍යාවක් එක් දේශපාලන පක්‍ෂයකට අයත් වූ අවස්ථාවකදී එම පක්‍ෂයේ නායකයා ප්‍රධාන ඇමති වශයෙන් පත් කළ යුතු බව ප්‍රකාශිතව දක්වා ඇත. එහෙත් අගමැති පත් කිරීම පිළිබඳව එවැනි සීමාවක් දක්වා නොමැත.

එහෙයින් සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගැනීමට සමත් වූවත්, මහින්ද රාජපක්‍ෂ අගමැති වශයෙන් පත් වීමට අවකාශයක් නොමැත.

එහෙත් අද රටතුල සන්ධානයේ ප්‍රධානීන් විසින් කරනු ලබන ප්‍රකාශන දෙස බැලීමේදී සන්ධානයට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවූවහොත් එම ප්‍රශ්නය ව්‍යවස්ථානුකූලව විසඳීමට ඔවුන් තුළ අදහසක් ඇත් ද යන්න සැක සහිත ය. සන්ධානයේ නායකයින්ට විරුද්ධව චෝදනා පරීක්‍ෂා කරනු ලබන මූල්‍ය අපරාධ පරීක්‍ෂණ ඒකකයේ පොලිස් නිලධාරීන්ට සන්ධානය බලයට පත් වූ විට ගල් ගසා මරන බව ප්‍රකාශ කළ තැනැත්තා ද අද ගාලූ දිස්ත්‍රික්කය සඳහා අපේක්‍ෂයකු වශයෙන් සන්ධානයෙන් ඉදිරිපත් වී සිටී’. එහෙයින් සන්ධානය බලයට පත් වීමේ තත්ත්වයක් ඇතිවුවහොත් දැඩි ව්‍යවස්ථා අර්බුධයකට පමණක් නොව, රට තුළ සම්පූර්ණයෙන් නීතියේ ආධිපත්‍යය කඩාවැටෙන තත්ත්වයක් ඇති විය හැකි බව පැහැදිලිව පෙනේ. එමෙන්ම මෙම මැතිවරණය ඇත්ත වශයෙන් ම මහින්ද රාජපක්‍ෂ හා මෛත්‍රීපාල සිරිසේන අතර සටනක් බවට අද පත්ව ඇත. අද මහින්ද රාජපක්‍ෂ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අනියම් වශයෙන් අභියෝග කර ඇති බව පැහැදිලි ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *