භාණ්ඩාගාර බිල්පත් පොලියේ විශාල පහළ යාමක්

ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකය විශාල ලෙස අඩුවීමක් පෙන්නුම් කර ඇත.
සියලු කාණ්ඩ වල පොලී සියයට 2.5 කින් පමණ අඩු වී තිබේ.
මාස තුනේ බිල්පත් පොලිය සියයට 25.65 සිට සියයට 23 .21 දක්වා පහළ වැටී ඇති අතර මස හයේ පොලී අනුපාත 25.29 සිට 21.90 දක්වා පහත වැටී තිබේ. වසරක බිල්පත් පොලිය 21.91 සිට 19.10 දක්වා පහළ වැටී තිබේ,
පසුගිය වසර මැද භාගයේ මෙම පොලී අනුපාත පැවතියේ සියයට 30 ඉක්මවූ මට්ටමක ය.
