නිල සංචිත මැයි මාසයේ ඩොලර් මිලියන 722 කින් ඉහළ යයි

 

මහ බැංකුව සතු නිල  සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 722 ක් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

අප්‍රේල් මස අවසානයේ ඩොලර් මිලියන 2,761 ක් වූ සංචිතය මැයි අවසානයේ ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය එක් මසක දී සියයට 26.2 ක කැපී පෙනෙන වැඩි වීමකි.

මෙහි ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය මෙම මාසය තුළ ඩොලර් මිලියන 2,691 සිට මිලියන 3,444 ක් දක්වා ඉහළ ගොස් තිබේ . එය ඩොලර් මිලියන 753 ක් ඉහළ යාමකි. ඉහළ යාමේ ප්‍රතිශතය සියයට 27.9 ක් වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *