අලි සබ්රි රහීම්ට මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන්න කියයි.

අලි සබ්රි රහීම් ඉවත් කිරීමට යෝජනාවක්

නීතිවිරෝධි ලෙස රත්‍රන් මෙරටට රැගෙන ඒමේදී රේගු අත්අඩංගුවට පත්වී රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් අද (26) පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් වී ඇති අතර එයට සියලු පක්ෂවල සහය හිමි වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ගෙනආ එම යෝජනාව ස්ථිර කර ඇත්තේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.

එසේම මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර තිබේ.

ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට යොමුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වය පළවූ බව වාර්තා වෙයි.

එලෙස ඔහු ඉවත්ය් නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් ඉවත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය වී තිබේ. ඒ ගැන සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කතානායක තුමා හමු වී සාකච්ඡා කිරීමට තීරණය වී තිබේ. අද රැස්වීමට කථානායකතුමා සහභාගී වී නොසිටි අතර රැස්වීම පවත්වන ලද්දේ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *