උසස් පෙළ උත්තර පත්‍ර බැලීම ඇරඹෙයි

මාස දෙකක කාලයක් තිස්සේ ප්රමදවෙමින් පැවති අපොස උසස් පෙළ උත්තර පත්‍ර බැලීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
විශ්ව විද්‍යාල ආචාරයවරුන් පිරිසක ගේ සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු ආරම්භ කොට තිබේ.
විශ්ව විද්‍යාල ආචාරය සංගමයට සම්බන්ධ පිරිසක් පමණක් තවමත් මෙයට සම්බන්ධ වී නැති බව කියති.
විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේ තමන්ගේ සහභාගීත්වයක් නැතිව උත්තර පත්‍ර බැලීමෙන් එහි ගුණාත්මකභාවය පිරිහෙන බව යි.
මෙලෙස ප්‍රශ්න පත්‍ර බැලීම ප්රශ්නකාරී බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් මහතා ද ප්‍රකාශ කළේය.
ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී ජනාධිපතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ ඉදිරි සතිය වන විට උත්තර පත්‍ර බැලීම සම්පුර්ණයෙන් හොඳින් ක්‍රියාත්මක වනු ඇති බව යි.
