කැබිනට් සංශෝධනය යලිත් කල් දමයි !

 

මේ අවස්ථාවේ නැවත කැබිනට සංශෝධනයක් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

බලාපොරොත්තු වූ ආකාරයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි නොවීම නිසා මෙම තීරණය ගෙන ඇතැයි කියති.

තවත් පිරිසකට ඇමති ධුර ලබාදීමෙන් ඇතිවන දේශපාලන හානිය මෙන් ම ඇමති ධුර ඉල්ලන ඇතැම් හිටපු ඇමතිවරුන්ට යලි තනතුරු දීමෙන් ඇතිවිය හැකි අප්‍රසාදය ද මෙහි දී සැලකිල්ලට ගෙන ඇතැයි කියති.

කුඩා කළ කැබිනට මණ්ඩලය තව දුරටත් පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව ද කියති.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ජනාධිපතිතුමා  ඇති කරගත් එකඟ තාවයක් ද මෙම තීරණයට හේතු වී ඇති බව ද දැනගන්නට ඇත.

සර්ව පාක්ෂික වැඩ පිළිවෙලකට එකගත්වක් ඇති වුවහොත් පමණක් ඇමති මණ්ඩලය සංශෝධනය කරනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *