උසස් පෙළ ප්රශ්න පත්ර බැලීම ජනාධිපතිගේ කල් දීම අවසන් වූ පසුව යි.

අ පො ස උසස් පෙළ ප්රශ්න පත්ර බැලීමෙන් වැළකී සිටීමේ තම ක්රියාමාර්ගය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබා දුන් සතියක කාලය අවසන් වූ පසු ආරම්භ කිරීමට විශ්ව විද්යාල ආචාර්යවරු තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිතුමාගේ තර්ජනය නිසා ගත් පියවරක් නොවන ලෙස මෙම තීරණය ක්රියාත්මක කිරීමට යන බව කියති.
උත්තර පත්ර පරීක්ෂාවෙන් ඉවත්ව සිටීම ගැන විශ්ව විද්යාල ආචාර්යවරුන් කෙරෙහි විශාල අප්රසාදයක් ගොඩ නැගී ඇති බවත්, මෙය තවත් දුර ගෙන නොයා යුතු බවත්, බොහෝ ආචාර්යවරුන් ප්රකාශ කොට ඇති බව ද අපගේ ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත්, ආචාර්ය සංගමයේ නායකත්වය ප්රකාශ කොට ඇත්තේ ජනාධිපතිගේ තර්ජනය යටතේ උත්තර පත්ර පරීක්ෂාව ආරම්භ කිරීම ලැජ්ජාවට කාරණයක් බව යි.
ඒ අනුව ජනාධිපති ලබාදුන් සතියක කාලය නිම වූ පසු උත්තර පත්ර බැලීමට ආචාර්ය සංගමයේ බහුතර එකඟත්වයක් ලැබී ඇති බව ද දැනගන්නට තිබේ.
ජනාධිපතිගේ තර්ජනය තමන් නොතකු බවත්, සිසුන් ගැන සිතා තීරණයක් ගත් බවත් , ප්රකාශ කිරීම ආචාර්ය සංගමයේ අදහස වී ඇතැයි කියති.
මේ පිලිබඳ ප්රකාශයක් හෙට (25 ) කිරීමට නියමිත බව ද අපගේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.
