දිළිදු පවුලකට මසකට රුපියල් 15,000 ක් ගෙවන ගැසට් නිවේදනය නිකුත් වෙයි

 

දිළිඳු පවුල් සඳහා රුපියලෝ 15,000 ක දීමනාවක් ඇතුළු සහන ලබා දෙන අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට  ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව දිළිඳු ම පවුල් සඳහා රුපියල 15,000 ක් සහ දෙවන මට්ටමේ හඳුනාගත් පවුල් සඳහා රුපියල් 8500.00 ක් වශයෙන් ද අවදානමට ලක් වූ පවුල් සඳහා රුපියල් 5000.00 ක ද දීමනා ගෙවීමට නියමිතය
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000.00 ක් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5000.00 බැගින් ද , සහනාධාර ලෙස ගෙවීමට නියමිත ය. මෙම ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 28 කට සමාන වෙයි.
එමෙන් ම සංක්‍රාන්තික ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ හතරකට මසකට රුපියල් 2,500 ක් මෙම වසරේ දෙසැම්බර් දක්වා ගෙවීමට නියම කොට තිබේ.
දැනට හඳුනාගෙන ඇති විශේෂ අවශ්‍යතා ඇති පිරිසට සහ වකුගඩු රෝගීන්ට රුපියල 5000.00 බැගින් දීමනාවක් ගෙවනු ඇති අතර වැඩිහිටි දීමනාව රුපියල් 2000.00 ක්  දිගට ම ගෙවීමට නියම කොට තිබේ. එලෙස ආධාර ලබන පවුල් සංඛ්‍යාව දළ වශයෙන් 290,500 කි.
මෙලෙස ආධාර ලබන සමස්ත පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් පවුල් ලක්ෂ 23 කි. එය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 40 කට සමාන ය.
මෙම ගෙවීම් ජුලි මස 1 ද සිට ක්‍රියාත්මක කොට තිබේ.
ගැසට් පත්‍රය මෙතනින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *