රනිල් – සජිත් ඩීල් එක සාර්ථකයි ? විපක්ෂ නායක ධුරය රැක දෙයි ?

සමගි ජන බලවේගයේ කණඩායමක් රජයට සම්බන්ධ කර නොගන්නා ලෙසත්, විපක්ෂ නායක ධුරය රැක දෙන ලෙසත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව දැනගන්නට ඇත.
එජාප සභාපති වජිර අබේවර්ධන මහතා හරහා මෙම සාකච්ඡා සිදු වී ඇත්තේ අතර මදි පිරිසකගේ ද සහභාගීත්වයෙනි.
සාකච්ඡාවල අවස්ථා කිහිපයක දී සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන මගින් සාකච්ඡා කොට ඇත. එම ඇතැම් සාකච්ඡා සාමාන්‍ය දුරකථන සංවාද ලෙස නොව වෙනත් පරිගණක යෙදවුම් හරහා සිදු කළ බව ද කියති.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බව එජාප මහා ලේකම් රංගේ බණ්ඩාර මහතා ද මාධ්‍යයට හෙළි කළේ ය.
මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුකිරීම් රැසක් සිදුවනු ඇති බව කලින් වාර්තා වී තිබුණ ද මේ වනවිට එම තත්ත්වය තරමක් වෙනස් වී ඇති බව ද වාර්තා වෙයි.
