සජිත් – වජිර රහස් සාකච්ඡා දිගට ම

ආණ්ඩුවට සම්බන්ධ නොවන බවට සැර ප්‍රකාශ නිකුත් කරන සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සමග රහස් සාකච්ඡා දිගට ම පවත්වමින් සිටින බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.
පක්ෂය සහ විපක්ෂ නායක තනතුර රැක ගැනීම සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම සාකච්ඡාවල අරමුණ වී ඇතැයි කියති.
විපක්ෂ නායක ධුරය රැක දෙන්නේ නම් ආණ්ඩුවට සම්බන්ධ නොවුන ද , සහය ලබාදිය හැකි බව සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දී ඇත.
දවල්ට පොර ටෝක් දෙන සජිත් ප්‍රේමදාස මහතා රෑට ජනාධිපතිතුමාට කතා කොට විපක්ෂ නායකකම රැක දෙන ලෙස ඉල්ලා සිටින බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපතිතුමා අතර දුරකථන සංවාදය ද , සජිත් – වජිර රහස් සාකච්ඡාවේ ප්‍රතිඵලයක් බව අපගේ ආරංචි මාර්ග කියයි.
