ජනාධිපතිගේ සූදානම ෆැසිස්ට්වාදය පිරිසිදුකරලා එළියට ගන්න- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
ජනාධිපතිතුමා කලබල වෙලා හෝ හිත අවුල් වෙලා කතා කරන කෙනෙක් නෙවෙයි. එතුමා හොඳට කිරලා මැනල, යම්කිසි අරමුණක් ඇතිව තමා කතා කරන්නෙ. ඒ නිසා මේ කතාව කළෙත් ඉතාම පැහැදිලි අරමුණක් ඇතිව. මොකද ඊට ඉස්සර දවසේ රනිල් වික්‍රමසිංහ, ඇමතිවරු ඉන්න තැන සාකච්ඡා කරල, එතන දි එක්තරා එකඟත්වයකට ආවා කියල තමා කවුරුත් හිතාගෙන හිටියේ. නමුත් මේ ප්‍රකාශය කිරීම සඳහා එතුමා කටයුතු කළේ යම්කිසි පැහැදිළි ඉලක්කයක් ඇතුව. මේකෙදි තදින්ම ක්‍රියාත්මක වෙන අදහස තමයි, සිංහලේ වීරයන් කියන අයට ඒ ආකාරයෙන් නඩු දාන්න එපා, ඒ අය අපේ වස්තුවක්, ඒ අය අධිකරණයට තල්ලු වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පොඞ්ඩක් කල් අරගෙන ශේප් කරන්න ඕනි වගේ අදහසක් තමා තියෙන්නෙ. අධ්යක්ෂ ජෙනරාල්වරිය යම්කිසි පරමාර්ථයක් උඩ වැඩ කරයි කියන එක උඩින්, ජනාධිපතිතුමාගේ පරමාර්ථය තමා ප්‍රකාශ කරල තියෙන්නෙ. අධ්‍යක්ෂවරියට පරමාර්ථයක් නෑ. එයාගෙ පරමාර්ථය තමා වංචාකාරයින්ව අල්ලා හිරේට දාන එක. ඒ අතරිනුත් බරලතල සිදුවීමක් ලෙසට මේක පෙන්වා දෙන්න පුලුවන්. මේ අයට ඉක්මනින් දඬුවම් දිය යුතුයි කියන සාමාන්‍ය නීතිඥයෙකුගේ මානසිකත්වය තමා එයාට තිබිල තියෙන්නෙ.
මහින්ද රාජපක්ෂට ගේම් එකක් දීලා ඊට උඩින් පැනල තමන්ගේ පක්ෂෙ හදාගන්න පුලුවන් කියන මිථ්‍යාවේ ඉඳන් තමයි මෛත්‍රී මහත්තය මේ අදහස් ප්‍රකාශ කරන්නෙ. මේක ස්වාධීන කොමිෂන් සභා වලට බරපතළ හානියක්, හෑල්ලුවට ලක් කිරීමක් හැටියට තමා මම දකින්නෙ. කිසිම හේතුවක් නැතිව ඒ කාන්තාවගේ තත්ත්වය පහත හෙලීමක් කරල තියෙනවා. එයා ඉල්ලා අස්වීමට යොමුවීම සාධාරණයි. මම කියන්නෙ ඇය ඉල්ලා අස්නොවිය යුතුවයි තිබුණේ. ඒවා ගණන් නොගත යුතුයි කියන අදහසෙයි මම ඉන්නේ. එහෙම බලපෑමක් ජනාධිපතිට කරන්න බෑ. එයා ඔබේ ස්වාමියත් නෙවෙයි. ඔබට පඩි දෙන කෙනෙක් නොවන නිසා ස්වාධීන කොමිසමෙන් අස් නොවීමයි කළයුතුව තිබුණේ. මේ ප්‍රකාශයත් සමග එතුමාගේ දේශපාලන න්‍යාය පත්‍රය එලියට ඇවිත් තියෙනවා. ෆැසිස්ට්වාදය පිරිසිදු කරල ආපසු තමාගේ යටතේ එලියට ගැනීමට කරන ප්රයත්නයක් මේක. වාමාංශිකයන් හැටියට මේ ප්‍රකාශයට එකහෙලාම විරුද්ධත්වය ප්‍රකාශකර සිටිනවා. මේවැනි දේවල් පුරවැසියන් අතරට ගෙනියල සාකච්ඡාවක්, කථිකාවක් ගොඩනගල දැඩි ක්‍රියාන්විතයක් කර මෙයට හරස් වෙන්න ඕන. මේ සිදුවීම සෑහෙන කලක් තිස්සේ ඔවුන් තුළ පැහිල එලියට ගත්ත එකක්. ගොඨාභය දෙවැනිය කරල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යලි ගොඩනැගිය යුතුයි කියල සෙනවිරත්න මහත්තය කීවෙ මීට ගොඩාක් කලකට ඉස්සර. ඒ අය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල ජාතිවාදය වෙනුවෙන් ඉන්න පක්ෂයක් ලෙස ජනතාව අතරට ගෙනයා යුතුයි කියන මතයේ. මහින්ද රාජපක්ෂ ඒක මුසල තැනකට අරන් ගියා එක එක ජරා වැඩ කරලා. ඒ අය හිතන්නෙ සිංහල ජාතිවාදී වීරත්වයක් ගොඨාභයට තියෙනව කියල. ඔහු යුද්ධය තුලදී කරපු අපරාධ යුද්ධයේ අවශ්‍යතා උඩ කරපුව කියල ඒ අය පෙන්නන්න හදනව. ඒවාගේ දරුණු අර්ථ දැක්වීමක් ඒ අයට තියෙන්නෙ. මේ අය ලේසියෙන් නවත්වන්න බෑ, දරුණු මැදිහත්වීමක් කරල ඒ අය නවත්වන්න ඕන.
එ.ජා.ප නායකයා ලිබරල් ධනපති නායකයෙක් හැටියට, ඔහු මේ වගේ අය එක්ක හැප්පෙන්න යන්නේ නෑ. වක්‍රව මේ අය අභිබවා යායුතු තැනක තමා ඒ අය ඉන්නෙ. ඒ අය වීදියට නැත්නම් පාරට බහින්නෙත් නෑ. ජනතාව අතර පොරකනනෙත් නෑ. විවිධ ශාලාවල, විවිධ තැන්වල මේ ප්රයත්නය අඩපන කරල වෙන තැනකට ගන්න පුලුවන් සාකච්ඡා ක්‍රියාමාර්ගවලින් කියලා ඒ අය හිතන්නේ. ඒක අපට අදාල නෑ. නමුත් ලිබරල්වාදීන්ගේ ඒ ප්රයත්නය සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි. මේ විදියට ෆැසිස්ට්වාදී ආකල්පයන් රට තුල යලි රෝපණය කිරීමට, ඉහලම තැනින් පටන් ගත්තාම රට තුල බරපතල තත්වයක් තියෙන නිසා මේ හැරුණ හැරවිල්ලට ප්‍රභලව මුහුණදිය යුතුයි.
