අත් අඩංගුවට ගන්න පෙර අපේක්ෂිත ඇප ඉල්ලා ආර්දශා කරඳනගෙන් පෙත්සමක්

 

තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන හෙයින් අපේක්ෂිත ඇපයක් මත මුදාහරින මෙන් ඉල්ලා සිටිමින් ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ආදර්ශ කරඳන පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

ආදර්ශා කරඳනගේ නීතිඥයින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.

එම පෙත්සම අද (03) සලකාබැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ජනවාරි මස 10 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *