චම්පික රණවක බොරු කියා ජනතාව නොමග යවනවා – විදුලි විශේෂඥයෝ පෙන්වා දෙති

 

හිටපු විදුලි බල ඇමතිවරයකු වන පාටලී චම්පික රණවක මහතා විදුලි බල මණ්ඩලය දැන් ලාභ ලබන බව කියමින් කරුණු විකෘති කර ජනතාව නොමග යවමින් සිටින බව ක්ෂේත්‍රයේ තතු දත් විශේෂඥයෝ කියති.

පසුගිය ඔක්තෝබර් මාසයේ මණ්ඩලය ලාභ ලැබූ බව කියන විට එසේ සිදුවුයේ වැඩිපුර වැස්ස ලැබීමෙන් සහ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක නොකර පැය දෙකකට වැඩි කාලයක් විදුලිය කැපීමෙන් බව ඒ මහතා නොකියන බවත්, ඉංජිනේරුවෙකු වන ඒ මහතා දැනුවත්ව කරුණු විකෘති කරමින් ජනතාව නොමග යවන බවත්, එම විශේෂඥයෝ පෙන්වා දෙති.

වැස්ස නොතිබුණා නම් පැය හත අටක් විදුලිය කපා මෙම ලාභය පෙන්විය හැකි බව කියන එම විශේෂඥයෝ ඇමති කංචන විජේසේකර මහතා කියන්නේ එම කතාව බවත් පෙන්වා දෙති.

මහවැලි සහ කැළණි ගංගාවල බලාගාර නඩත්තුව සමාගම් ලෙස සංවිධානය කිරීමේ යෝජනාව විකෘති කරමින් ඒවා පුද්ගලික අංශයට දෙන බව කියන රණවක මහතා කියන්නේ එම ගංගාවල ජලයෙන් අපි විදුලිය හදනවා කියා සමාගම් කිවහොත් කොළඹට ජලය  නැති වන බව යි. පොද්ගලික සමාගම්වලට බලාගාර භාරදීම යෝජනාවක් නැති අතර, එසේ වුවත්, කොළඹට ජලය නොඑවා ජලයෙන් විලුලිය නිපදවීමේ ක්‍රමයක් නැති බව ඉංජිනේරුවකු නොදැන සිටීම පුදුමයක් බව කියති.

ජල විදුලිය නිපදවීමේ දී සිදුවන්නේ ඉහළ ඇති ජලය පහළට ගලන විට එම විභව ශක්තියෙන් විදුලිය නිපදවා ජලය යලිත් මුදා හැරීමයි. විදුලිය නිපදවීම සඳහා ජලය බිංදුවක්වත් වැය වන්නේ නැත. කැළණි ගඟේ බලාගාරවලින් විදුලිය නිපද වූ විට එම ජලය ගැන එන්නේ කොළඹට ය. මෙම කරුණ හිතා මතා විකෘති කිරීම බරපතළ වරදකි.

මහවැලි බලාගාර සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ම ය.

හිටපු ඇමතිවරයා මෙම කරුණු දැන දැන විකෘති කරමින් ජනතාව බිය වද්දා දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවට ක්ෂේත්‍රයේ විශේෂඥයෝ චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *