අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අත ළඟ ?
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරි දින කිහිපය තුළදී සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති යන අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.
එම අමාත්‍ය ධුර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් අතර බෙදී යනු ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට එම අමාත්‍ය ධුර දරන කෙහෙලිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ට වෙනත් අමාත්‍ය ධුර හිමිවනු ඇති බව වාර්තා වෙයි.
මීට අමතරව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා විය.
අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම පිළිබඳව සාකච්ඡා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඉදිරියේදී ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් පෙන්වා දෙයි.
ඒ අනුව, සමගි ජන බලවේගයට සහාය පළ කරන සුළු පක්ෂවල නායකයින් කිහිපදෙනෙකුට ද ඉදිරියේදී ආණ්ඩුවේ අමාත්‍ය ධුර හිමිවනු ඇති.
මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙලෙස අදහස් පළකර තිබුණි.
“දැන් අපේ රටට මේ හෙණ ගහලා තියෙන්නේ…පැරදුන දවසේ ඉදන් පැලෑන්කරන්නේ ඕකුන්නට හරියන්න එපා කියලා. කරන වැඩේ වැරැද්දක්මයි හෙවුවේ. ඉතින් මරණාධාර සමිතියක්වත් ඉස්සරහාට යයි ද ?.”
“අද පාර්ලිමේන්තුව බැලුවොත් පේනවා. කොච්චර හොඳ වැඩක් ගෙනාවත් එහා පැත්තෙන් කතා කරන්නේ විරුද්ධවම තමා.”
“පුනර්ජනනීය බලශක්තිය වැඩිකරන්න විදුලිබල පනත වෙනස් කරන්නේ අපි මුල්වෙලා. පනත ගෙන්න ඔන්න මෙන්න වෙනකොට අපි පක්ෂයේ තීන්දුවක් අරගෙන ගිහිල්ලා වාඩිවෙනවා විපක්ෂයේ.”
“දැන් මට.. අපේ පක්ෂයෙන් කියනවා.. මොකද කරන්න ඇහුවාම.. විරුද්ධ වෙන්නලු. මම ගෙනාපු පනත හොඳයි කියලා… මම විරුද්ධ පක්ෂයට ගියාම මට විරුද්ධ වෙන්න පුළුවන්ද?.”
“ඒ නිසා අපි මහින්ද අමරවීඑ ඇමතිතුමාල එක්ක කල්පනා කළා.. නෑ.. අපි හරි තැන හිටගන්නවා. මෙහෙම හිතුවේ නැති නිසා තමයි අද අපට මෙහෙම වෙලා තියෙන්නේ. රට හන්නේ නැතුව.. අපේ කට්ටිය විතරක් හඳන්න හිතාගෙන හිටියොත් අපිත් ඉවරයි.. රටත් ඉවරයි.”
අද දෙරණ

