පොහොට්ටුවට වැඩි වාසි මහ මැතිවරණයක් ! – බැසිල්ගේ සමීක්ෂණයෙන් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා වාසිදායක වන්නේ මහ මැතිවරණයක් බව පක්ෂයේ සමීක්ෂකයකින් හෙළි වී ඇති නිසා ලබන මාර් තු මාසයෙන් පසු මහ ඡන්දයකට මුහුණදීමට සුදානම් වන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ සංවිධායකයින්ට උපදෙස් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

මහ මැතිවරණය යන්න ඍජු ලෙස නොකී බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ මාර් තුවෙන් පසු මැතිවරණයකට සුදානම් වන ලෙස යි.

පාර් ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙන්නේ ලබන මාර් තු මාසයෙන් පසුව ය. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මේ වන තෙක් ඉල්ලීම වී තිබුණේ පාර් ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසයි. ඒ අනුව තමා පාර් ලිමේන්තුව විසුරුවා නොහරින බවට පොරොන්දුවක් දීමට ද ජනාධිපතිවරයාට සිදුවීය.

කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ මැතිවරණයට ඉක්මනින් මුහුණ දීම පොදුජන පෙරමුණට වඩා වාසිදායක බව යි.

මේ වනවිට පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ඉන් ඉවත්වෙමින් සිටින බවත්, විශාල පිරිසක් එකසත් ජාතික පක්ෂයට එකතුවන ලකුණු පහළ වී ඇති බවත් , කියන දේශපාලන අංශ වැඩි දුරටත් කියන්නේ පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂ මහතාට ඇති බලය ද දුර්වල වී ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *