ශ්‍රී ලංකාවේ බැංකු පොලී අනුපාත ලබන වසරේ පහත වැටෙනු ඇත – ජනපති කොළඹ ආර්ථික සමුළුවේ දී කියයි

 

ශ්‍රී ලංකාවේ පොලී අනුපාත මේ වනවිට ඉහළ මට්ටමක පවතින අතර එය විශේෂයෙන්ම කුඩා ව්‍යාපාරවලට හානියක් වන නමුත්  මේ අවස්ථාවේ ආරථික  ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා එම පොලී අනුපාත අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

” පොලී අනුපාතවලට කුමක් සිදුවේදැයි ඔබ සැමට දැන ගැනීමට අවශ්‍ය වනු ඇති ?” ජනාධිපති වික්‍රමසිංහ මහතා ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති සංසදයකට පැවසීය.

“. උද්ධමනය උපරිමයට පැමිණ ඇති බවත්, ඉදිරියේ දී එය පහළ වැටෙනු ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා මට පවසා ඇත.  ව්‍යාපාර කරගෙන යාම සඳහා පොලී අනුපාත සම්බන්ධයෙන් යම් සහනයක් අවශ්‍ය බව ඔබ සැමට තේරුම් ගත හැකිය.

“ එවැනි ඉහළ පොලී අනුපාත සමඟ ව්‍යාපාර කරගෙන යාම පහසු නැත. අනෙක් පැත්තෙන් ආර්ථිකය හැසිරවීමට මහ බැංකුවටත් සිදු වෙනවා. එබැවින් සමහර විට ලබන වසරේ මුලදී අපට මෙම අවශ්‍යතා දෙකෙහි ගැළපීමක් සිදුකරගත හැකි වේවි ” ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *