අයවැය පැරදවීම පොහොට්ටුවේ සියදිවි නසා ගැනීමක් – එජාප ප්‍රබලයෝ කියති

අයවැයට පෙර තමන්ට ඇමැති ධුර ලබා නොදුනහොත් අයවැය පරද්දන බවට පොහොට්ටු පක්ෂයේ පිරිසක් කරන ර්තජනය පුස්සක් බවත්, එවැන්නක් කළොත් එය පොහොට්ටුවේ සියදිවි නසා ගැනීමක් වන බවත්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ ප්‍රකාශ කරති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර් ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නැති නිසා සහ ජනාධිපතිතුමා දී තිබෙන පොරොන්දුව අනුව පවතින පොහොට්ටුවේ බහුතරය සහිත මෙම පාර්ලිමේන්තුව අයවැය පරාජය කරමින් විසුරුවා හැරීමට පොහොට්ටුවේ කණ්ඩායමක් කටයුතු කළහොත් ඉදිරි මැතිවරණයෙන් එම පිරිස පරාජය වීම නියත බවත්, එහි විනාශය ඔවුන්ට ම බවත්, ඔවුහු කියති.
ඉදිරි අයවැය පැරදවීමට සුදානම් බවට පොහොට්ටුවේ බැසිල් පිලේ ඇතැමුන් කරන ප්‍රකශ සම්බන්ධයෙන් අපකළ විමසුමකට පිළිතුරු දෙමින් නම සඳහන්එ කිරීමට අකමැති එජාප නායකයකු කීවේ මෙම තර්ජනය කරහ පිරිස පොහොට්ටු පක්ෂයේ සුළු පිරිසක් බවයි.
මේ මොහොතේ මහ මැතිවරණයකින් වැඩිම වාසි හිමිවන්නේ මේ වනවිට පාර් ලිමෙන්තුවේ එක් ආසනයක් පමණක් හිමි එක්සත් ජාතික පක්ෂයට බව එම ප්‍රබලයා වැඩි දුරටත් කීය.
