අපේ අයට ඇමැතිකම් නොදුන්නොත් අයවැය පරදිනවා – හිටපු ඇමැති එස් බී දිසානායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කොට ඇති නාම ලේඛනයට අනුව ඇමැතිකම් ලබා දී පොදු පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා කටයුතු නොකළහොත් අයවැය ලේඛනය පරදිනු ඇති බව හිටපු ඇමති එස් බී දිසානායක මහතා ප්‍රකාශ කරයි.
දක්ෂ ඇමැතිවරුන් නොමැති නිසා ආණ්ඩුවේ වැඩ අවුල් වී ඇති බව ද ඒ මහතා කියයි.
කැබිනට ඇමැති තනතුරු ලබාදීමට නම් ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය අගෝස්තු මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන් නමුත් එම පිරිසට ඇමැති ධුර ලබාදීම ජනාධිපතිවරයා විසින් දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
එම හේතුව නිසා 22 සංශෝධනය පරාජය කිරීමට බැසිල් පිල උත්සහ කළ ද එය අසාර්ථක වී ය.
දැන් එම කණ්ඩායම කියන්නේ ඇමැති ධුර නොදුන්නොත් අයවැය පරාජය කරන බවයි.
අයවැය ලේඛනය පරාජය කළහොත් පාර්ලිමේන්තුව විසිරෙනු ඇති අතර මහ මැතිවරණයක් සඳහා අවස්ථාව උදාවෙයි.
ජනාධිපති ධුරයේ කිසිදු වෙනසක් එමගින් සිදුවන්නේ නැත.
