සෘජු බදු වැඩි කිරීම ගැන කැත්තේ උදැල්ලේ කතාවක්! – කුලසිරි ලියනගේ

“ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. ඒත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනැ. ඍජු බදු 80%ක් වෙන්න ඕනැ කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ? පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා අද බදු වෙ‍ෙළඳපොළේ විශාල විකෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර.”

මේ කතාව ටික කලකට පෙර ප්‍රසිද්ධ වේදිකාවේ පැවසුවේ, ජවිපෙ නායකතුමාය. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පක්ෂය ආණ්ඩුවක් අරගෙන මුලින්ම කරන්න හිටපු දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ආර්ථික උපායමාර්ගික වැඩපිළිවෙළේ අතර මැද සිදුකර ඇත.

2017 අංක 24 දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) පිළිබඳ ගැසට් නිවේදනය ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කරනු ලැබූවේ ඒ අනුවය.

හරි නම් සිදු විය යුතුව තිබුණේ ඓතිහාසික ප්‍රමාදයකින් පසුව හෝ ගනු ලැබූ මේ තීරණාත්මක පියවර අගය කිරීමය. එහෙත් සිදුව ඇත්තේ, විපක්ෂය සිය සුපුරුදු අඳෝනාව සහ සරල විවේචනය ආණ්ඩුවට එල්ල කිරීමය. පොදුවේ විපක්ෂයත්, ජනාධිපති රනිල් සමඟ සපත් නිරෝෂයෙන් පෙළෙන ඇතැම් ආර්ථික විශේෂඥයනුත් ඊට අඩ තියන්න ගෙන ඇත.

හරි නම් සිදු විය යුතුව තිබුණේ ඓතිහාසික ප්‍රමාදයකින් පසුව හෝ ගනු ලැබූ මේ තීරණාත්මක පියවර අගය කිරීමය. එහෙත් සිදුව ඇත්තේ, විපක්ෂය සිය සුපුරුදු අඳෝනාව සහ සරල විවේචනය ආණ්ඩුවට එල්ල කිරීමය. පොදුවේ විපක්ෂයත්, ජනාධිපති රනිල් සමඟ සපත් නිරෝෂයෙන් පෙළෙන ඇතැම් ආර්ථික විශේෂඥයනුත් ඊට අඩ තියන්න ගෙන ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ වෙත පනවන බදු

පොදුවේ ජනතාව පරිභෝජනය කරන කිරි පිටි, සීනි, අල, ලූනූ, සහල් ප්‍රමුඛ ආහාර භාණ්ඩ ඇතුළු ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වෙත පනවන බදු අවම කර, ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කළ යුතු බව මේ උදවිය කාලයක් තිස්සේ කියූ කතාවය. එසේම රටේ ජනතාවගෙන් හරි අඩකට වැඩි පිරිසක් යන්තමින් ජීවිතය ගැටගසා ගන්න රුපියල් 400.00 – 500.00කවත් ආදායමක් නොලබන බවද ඔවුන් කී කතාවය.

ආහාර භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙත බදු පැනවුණු අවස්ථාවල, රටේ මීඩියා ඔස්තාද්ලාද ලිවුවේ, කිවුවේ ඔය ටිකය. ඒ කාගේ කාගේත් වචන වෙනස් වුණත් පොදු අදහස එහෙමය.

දැන් ආණ්ඩුව සිදු කර තිබෙන්නේ ඒ කියූ ලෙස ඇති හැකි අයට බදු පැනවීමය. ඒද ලබන ආදායම් ප්‍රමාණය අනුව වැඩිවන බද්දක් ලෙසය.

වක්‍ර බදු අඩු කර සෘජු බදු වැඩි කරන්න කියමින් පසු ගිය කාලය පුරා උද්ඝෝෂණය කළ මේ කවුරුත් කොච්චර දෙබිඩිද යන්න තේරුම් ගන්න මීට වඩා සාක්ෂ්‍යයක් තවත් නැති තරම්ය. එනිසා ඒ දෙබිඩි බව මේ බදු සංශෝධනය මත තබා අනාවරණය කළ යුතුව ඇත.

මේ වන විට බදු අයකරන්නේ මාසික ආදායම රුපියල් 250,000 වැඩි යෙන් උපයන පුද්ගලයන්ගෙන් පමණය. නව සංශෝධනය සිදු කර ඇත්තේ එම සීමාව රුපියල් ලක්ෂය වෙත ගෙන එමෙන්ය. එනම්, මාසිකව රුපියල් ලක්ෂයකට අඩු ආදායමක් ලබන කිසිවකුට බදු පනවා නැති බවය. එසේනම් දැන් විවේචකයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන විශාල ජනතාවක් මේ රටේ සිටිනවාද? යන්නය. අනෙක් අතට රටේ ජනතාවගෙන් හරි අඩකට වැඩි පිරිසක් යන්තමින් ජීවිතය ගැට ගසා ගන්න රුපියල් 40000 – 50000කවත් ආදායමක් නොලබන බවට මෙතුවක් කල් කිවුවේ බොරුවක්ද? යන්නය.

එසේනම් දැන් විවේචකයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන විශාල ජනතාවක් මේ රටේ සිටිනවාද? යන්නය. අනෙක් අතට රටේ ජනතාවගෙන් හරි අඩකට වැඩි පිරිසක් යන්තමින් ජීවිතය ගැට ගසා ගන්නරුපියල් 40000 – 50000කවත් ආදායමක් නොලබන බවට මෙතුවක් කල් කිවුවේ බොරුවක්ද? යන්නය.

වඳුරු න්‍යාය

වඩාත් හාස්‍යජනක සිදුවීම නම් සමඟි ජන බලවේගය පක්ෂයේ, ආර්ථික ඔස්තාද්ලාද ජනප්‍රිය වෙන්න ජවිපෙ ඇතුළු ඊනියා වම්මුන් ‘‘කරන කරන දේ කරන්න” යන වඳුරු න්‍යායට අනුගතව රනිල් කරපු වැඩේ වැරැදියි කීමය.

“රට වැටී ඇති දරුණු ආර්ථික අර්බුදයට පිළියම් කරන රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්නවා” කියමින් ප්‍රසිද්ධියේ ලකුණු රැස් කර ගත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවා අද කියන්නේ මේ සෘජු බදු සීමාව පහළට ගෙන ඒම ඇතුළු නව සංශෝධනය ඒකාධිපති” කියාය. “මේ ඒ සඳහා වෙලාව නොවේ” කියාය. ආර්ථිකය ගැන යම් දැනුමක් ඇති එවැන්නන් පවා දුෂ්කර මොහොතේ ලාබ දේශපාලනයට වැටී කියන මේ කතා උගුරට හොරා බෙහෙත් බීමකට වැඩි නැත.

ඔවුන් වපුරන දෙයෙහි අස්වැන්න ඔවුන්ට තබා ඉදිරියට ගියොත්, ඇත්තටම බදු සංශෝධනය ඔස්සේ සිදු කර ඇති දේ තේරුම් ගත හැකිය.

මේ වන විටත් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව රුපියල් ලක්ෂය දක්වා ආදයම් ලබන පුද්ගලයන්ට ආදයම් බදු අය කිරීමක් නොමැත. බදු සීමාවට ගෙනවිත් තිබෙන්නේ ලක්ෂයක් හෝ ඊට වැඩි ආදායම් ලබන්නාය. එහිදී අඩුම බදු අනුපාතය 06%ක් වන අතර, ඉහළම බදු අනුපාතය 36%ක්ය. කාණ්ඩ 06ක් යටතේ බදු අය කෙරන අතර 06%, 12%, 18%, 24%,30%, 36% ලෙස ආදයම අනුව බදු ප්‍රතිශත ඉහළ දැමෙනු ඇත.

2022 ඔක්තෝබර් 01 වැනිදා සිට 2023 මාර්තු 31 දක්වා තක්සේරු වර්ෂයේ ඉතිරි මාස හයේ ආදායම රුපියල් ලක්ෂ හයක් හෝ ඊට අඩු නම් එම පුද්ගලයන් ආදායම් බදුවලින් නිදහස්ය. එම දෙවැනි මාස හයේ ආදායම රුපියල් ලක්ෂ හයේ සීමාව ඉක්මවන්නේ නම්, එහිදී වැඩිවන පළමු රුපියල් 250,000 සඳහා 6%ක බදු මුදලක් අය කිරීමට යෝජිතය.

බදු සංශෝධන

දෙවැනි මාස හයේ මුල් රුපියල් ලක්ෂ හය හැර එතැන් සිට රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 5ත් අතර ආදායම පවතින පුද්ගලයකුගෙන් 12%ක් සහ මුල් ලක්ෂ පහේ සීමාව ඉක්මවා රුපියල් ලක්ෂ හතහමාරක් දක්වා 18%ක ආදායම් බද්දක් අය කර ගැනීමට යෝජනා කර ඇත. රුපියල් 750,000ත්, රුපියල් මිලියනයත් අතර ආදායම පවතින පුද්ගලයකු 24%ක් අය කර ගැනීමට නියමිතය. රුපියල් මිලියනයට වැඩි මිලියන 1.2ක් උපයන පුද්ගලයන්ගෙන් 30%ක ආදායම් බද්දක් සහ රුපියල් මිලියන 1.2කට වැඩි ආදායමක් ලබන පුද්ගලයකුගෙන් 36%ක ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

2023 අප්‍රේල් 01 වැනිදා සිට ඉදිරි වර්ෂයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය ආදායම් බදු නීතිය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන පුද්ගලයකුගෙන් ආදායම් බදු අය කිරීමක් සිදු වන්නේ නැත. එතැන් සිට උපයන අතිරික්ත රුපියල් ලක්ෂ පහ සඳහා සියයට හයක බදු මුදලක් අය කෙරෙනු ඇත. මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා උපයන පුද්ගලයකුගෙන් සියයට 12ක්ද අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂිකව ආදායම උපයන පුද්ගලයකුගෙන් සියයට 18ක් බදු වශයෙන් අය කර ගැනීමට යෝජිතය.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වාර්ෂිකව ආදායම් ලබන පුද්ගලයකුගෙන් සියයට 24ක්, මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වාර්ෂිකව උපයන පුද්ගලයකුගෙන් සියයට 30ක් හා මුල් ලක්ෂ 12 හැර ආදයම රුපියල් ලක්ෂ 25 ඉක්මවන පුද්ගලයකුගෙන් සියයට 36ක ආදායම් බද්දක් අය කර ගැනීමට යෝජිතය. කවුරු කොහොම බිල්ලන් මැවීමට ගියත්, නව බදු සංශෝධනයේ තොරණේ ඇත්ත විස්තරය එහෙමය.

පීඩිත ජනයාට සහනයක්

රුපියල් ලක්ෂයට වැඩි (රු: 110,000) ආදායම් ලබන අයටද මුල් කාණ්ඩය තුළ ගෙවන්න තිබෙන්නේ වැඩි වන ප්‍රමාණයට 6% ක්ය. එනම් රුපියල් හයසියයකි. එක් ලක්ෂ හතළිස් දහසක් ආදායම් ලබන්නේ නම් බදු ගෙවිය යුත්තේ දළ වශයෙන් රුපියල් හාර දහසක පමණ මුදලකි. මේ අනුව ආදායම වැඩි වන විට ගෙවිය යුතු බදු මුදලද වැඩි වෙයි.

දැන්, “ජනාධිපති රනිල් බදු ගහනෝ, බුදු අම්මෝහ්’’ කියන විපක්ෂය මෙන්ම ඇතැම් කුහක වියතුන්ද කිව යුතුව ඇත්තේ, “මේ ආදායම් ලබන පිරිස මෙරට සාමාන්‍ය එදා වේල කන්න නැති, අල්ල ලෙවකා කහට බොන උදවියද? නැත් නම් සැබැවින්ම රාජ්‍ය ආදායම වෙනුවෙන් බදු මුදලක් මඟින් සම්මාදම් විය හැකි පිරිසක්ද? යන්නය.

දැන්, “ජනාධිපති රනිල් බදු ගහනෝ, බුදු අම්මෝහ්’’ කියන විපක්ෂය මෙන්ම ඇතැම් කුහක වියතුන්ද කිව යුතුව ඇත්තේ, “මේ ආදායම් ලබන පිරිස මෙරට සාමාන්‍ය එදා වේල කන්න නැති, අල්ල ලෙවකා කහට බොන උදවියද? නැත් නම් සැබැවින්ම රාජ්‍ය ආදායම වෙනුවෙන් බදු මුදලක් මඟින් සම්මාදම් විය හැකි පිරිසක්ද? යන්නය.

ආර්ථික විද්‍යා න්‍යාය අනුවත්, කැත්තේ උදැල්ලේ දැනුම අනුවත් ඍජු බදු කියන්නේ මේවාටය. ආර්ථික දුෂ්කරතාවෙන් පීඩිත බහුතරයක් ජනතාව බේරා, ඇති හැකි අයගෙන් බදු ගන්නවා කියන්නේද මේකටය. එපමණක් නොව, මේ වන විට නව බදු සංශෝධනය තුළ ව්‍යාපාරික සමාගම්වලට පනවා ඇති බද්ද නිසා සමාගම් කඩා වැටෙන සහ සමාගම් රට හැර යනු ඇති බවටත් විවේචනයක් ඇත. එහෙත් ඒ ගැන විවේචනයක් නොකියන්නේ, බදු පනවා ඇත්තේ සමාගම් ලබන ලාභයට වන නිසාය. ඒ සඳහා පනවා ඇති බදු මුදල සියයට 30ක්ය. එනම් කෝටියක් ලාභ ලැබුවොත් පමණක් ලක්ෂ 30ක් බදු ගෙවිය යුතු බවය.

ලාභයක් ලබන්නේ නැත් නම්, බද්ද ගෙවීමට සිදු වන්නේ නැත. ඒ, කැත්තේ උදැල්ලේ දැනුමින් අපට වැටහෙන දේය. අපේ ඒ දැනුම ප්‍රශ්නයක් නම්, ලාභය මත පමණක් බදු පැනවූ විට, සමාගම් කඩා වැටෙන්නේ කොහොමද? කියා මේ විවේචකයන් පැවසිය යුතුය. විශේෂයෙන් වාමාංශිකයන් මේ පැහැදිලි කිරීම රටේ පොදු ජනතාවට සිදු කළ යුතුය. එහෙමයි කියා දෙබිඩි ලිබරල්වාදීන්ටත් ගැලවීමක් නැත. ඔවුන්ද මේ පැහැදිලි කිරීම සිදු කළ යුතුව ඇත.

ආර්ථික අර්බුදය සමනය

මන්ද ලිබරල් ආර්ථික න්‍යාය අනුව ලාභය යනු සියලු වියදම් පියවා, අතට වැඩිපුර ලැබෙන මුදලය. වම්මුන්ට අනුව අතිරික්ත වටිනාකමය. දැන් මේ දෙගොල්ලොම පවසන්නේ, ලාභය මත බදු පනවන්න එපා කියාය. එසේනම්, සමාගම් ලබන ලාභයෙන් රාජ්‍ය බදු අය කර ගන්නා මාර්ගය කුමක්ද? යන්න ඔවුන්ගෙන ප්‍රශ්න කළ යුතුව ඇත. නැත් නම් ඔවුන් දරන මතයේ විරුද්ධාභාෂයෙන් ගැලවීමක් නැත. ඒ කරුණ තවත් සරල කළොත්, ජවිපෙ ප්‍රමුඛ වම්මුන් දිගින් දිගටම පැවසුවේ, ‘දුප්පතාව බදු බරෙන් නිදහස් කරන්න’ කියාය. සජබ ප්‍රමුඛ ලිබරල් ආර්ථික විශේෂඥයන්ද ඒ බව පිළිගනියි. එම පිළිගැනීම තුළ සිට යම් ආර්ථික හැකියාවක් සහිත පුද්ගලයාගේ සිට බිලියන ගණන් ලාභ ලබන සමාගම් ලාභය මත බදු පැනවීමේදී ඊට විරුද්ධ වෙයි.

ඒ කියන්නේ පොහොසතාව බදු බරෙන් නිදහස් කරන්න කියාද ? ආණ්ඩුව අලුතෙන් පැනවූ සෘජු බදු ඉවත් කරන්න කියාද? ඒ කියන්නේ දුප්පතාට සහ ඇති හැකි කෙනාටත් සමාන බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියාද? පීඩිතයා වෙනුවෙන් කොතරම් පෙනී සිටියත් ඔවුන් තමන්ට ජන්දය නොදීම නිසා ඒ පීඩිතයා අත්හැර ඉහළ මධ්‍යම පන්තිය පෙරටු කරගත් වෙනමම දේශපාලන ගමනක් ගැන විශ්වාසය තබා ඇති නිසාද?

ඒ කියන්නේ පොහොසතාව බදු බරෙන් නිදහස් කරන්න කියාද ? ආණ්ඩුව අලුතෙන් පැනවූ සෘජු බදු ඉවත් කරන්න කියාද? ඒ කියන්නේ දුප්පතාට සහ ඇති හැකි කෙනාටත් සමාන බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියාද? පීඩිතයා වෙනුවෙන් කොතරම් පෙනී සිටියත් ඔවුන් තමන්ට ජන්දය නොදීම නිසා ඒ පීඩිතයා අත්හැර ඉහළ මධ්‍යම පන්තිය පෙරටු කරගත් වෙනමම දේශපාලන ගමනක් ගැන විශ්වාසය තබා ඇති නිසාද?

අනෙක් අතට නව බදු සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය දක්වන විපක්ෂය මේ නොකියා කියන්නේ, තව දුරටත් ඇති හැකි පොහොසතා වෙනුවට, නැති බැරි සියලු ජනතාව හරහා, එනම් වක්‍ර බදු හරහා රාජ්‍ය ආදායම් තරකර ගන්න කියාද ?

මේ ආකාරයට ප්‍රශ්න කිරීම තවදුරටත් සත්‍යවාදී වන්නේ මෙරට සමෘධිලාභී පවුල් ලක්ෂ 20ක් පමණ සහ රාජ්‍ය සහනාධාර ලබන ප්‍රජාව මේ බද්දට යටත් නොවන නිසාය. එසේම වතු කම්කරුවන්ට හෝ ගොවි ජනයාටද මේ බදු ගෙවන්න සිදු නොවන නිසාය. ලක්ෂ 16කට වැඩි රජයේ සේවකයන්ගෙන් සාතිශය බහුතරයක් වෙත මේ බදු ගෙවීමට සිදු නොවන නිසාය.

අනෙක් අතට ආර්ථික අර්බුදය සමනය කර ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡාවලදීද රාජ්‍ය ආදායම් ඉහළ දමා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරී ඇත. එසේම ප්‍රාථමික අය වැයේ අතිරික්තයක් අවශ්‍ය බවත් අවධාරණය වී ඇත. එය 2015දීද අවධාරණය කෙරුණක් වන අතර, එදා සිදු කළ බදු සංශෝධන ප්‍රමුඛ ආර්ථික උපායමාර්ගික වැඩපිළිවෙළ ඔස්සේ 2017 – 2018 වර්ෂවල එකී ඉලක්ක සපුරා ගැනීමට හැකි විය. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ පවා ආර්ථිකය බංකොලොත් නොවුණේ ඒ නිසාය.

අභියෝග ජය ගැනීම

එදා මෙරට රාජ්‍ය බදු ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් – 15%ක් අතර ප්‍රමාණයක් ලෙසය. එම තත්ත්වය ක්‍රමානුකූලව ඉදිරියට ගියා නම්, මේ වන විට රාජ්‍ය බදු ආදායම ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 17%-18%කට වැඩි කර ගන්න අවස්ථාව තිබිණ. එය අහිමිව ගියේ 2019 නොවැම්බර් මාසයේදී සිදු කළ සාහසික බදු සංශෝධනය ඔස්සේය. ඒ අනුව රජයේ ආදායම 8.5%කට අඩු විය. අර්බුදය හමුවේ සහයට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දෙන්නේ, පෙරකී ප්‍රතිපත්තියෙන් බැහැරව ආධාර ලබා දීමට නොහැකි බවය. කෙසේ හෝ වේවා ගෝඨාභය පාලනයේ බදු සංශෝධනය නිසා රාජ්‍ය ආදායමට බිලියන 600ක්, 700ක් පමණ අහිමි විය. කොරෝනා වසංගතය තත්ත්වය තව දුරටත් තීව්‍ර කළ අතර, රටේ ආර්ථිකය බංකොලොත් වීමට ප්‍රමුඛ කරුණක් වූයේද එයය.

දැන් සිදුව ඇත්තේ, එක් පසෙකින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගෙන, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5%ක් දක්වා වැඩි කර ගැනීමේ අභියෝගය සාර්ථක කර ගැනීමය. රාජ්‍ය ආදායම 2026 වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් දක්වා ආදායම වැඩි කර ගැනීමය.

නැත්නම් ආණ්ඩුවේ, විපක්ෂයේ කියා වෙනසක් නොමැතිව ආර්ථික අර්බුදය හේතුවෙන් රටේම ඉරණම අමු සොහොනකින් මෙහා තීරණය වන්නේ නැත. සාහසික ලෙස බදු ආදායම් අඩු කරගෙන, ඒ අඩුව පියවා ගන්න ගෝඨාභය පාලනය පසු ගිය වසර දෙකේදී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්ය. ඒ නිසා උද්ධමනය 70% – 75%ක් දක්වා ඉහළ ගියේය. ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වූ බව තේරුම් ගන්න අංජනමක් බැලිය යුතු නැත.

පසුබිම එසේ නිසා නව බදු සංශෝධනය අත්හැර දැමුණොත්, ආයෙමත් ඒ මුදල් සපයා ගැනීමට වෙන්නේ රුපියල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන්ය. තොරණේ සැබෑ විස්තරේ එහෙම නම්, රනිල් ජනාධිපති ගෙනා මේ බදු ප්‍රතිපත්තියේ විවේචකයන් ඉල්ලන්නේ, රනිල් එක්ක ඇති තරහට නැවතත් රට අමාරුවේ දමන්නද?

කුලසිරි ලියනගේ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *