“ජනාධිපති රනිල් සමග හිටගන්න” – දේශපාලන මණ්ඩලයේ තීරණය ඇමැති ප්‍රසන්න හෙළිකරයි

 

වත්මන් දේශපාලන තත්ත්වය යටතේ ගතයුතු දේශපාලන තීරණය වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට හිටගැනීම බව මිනුවන්ගොඩ තම දේශපාලන මණ්ඩලය රහස් ඡන්දයකින් තීරණය කොට ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත.

මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ඇමැතිවරයාගේ අනුදැනුම මත පසුගිය 20 දා පැවැත්වූ රහස් ඡන්දයකිනි.

විදේශ සංචාරයකින් පසු අද උදේ මෙරටට පැමිණි ඇමතිවරයා මෙම නිවේදනය නිකුත් කරමින් කියන්නේ තමන් මෙතෙක් සියලු දේශපාලන තීරණ ගත්තේ මිනුවන්ගොඩ මෙම දේශපාලන මණ්ඩලයේ තීන්දු අනුව බවයි.

22 සංශෝධන ඡන්ද විමසීම පවතිද්දී විදේශ ගතවීමට සිදුවුයේ කලින් යොදාගත් සංචාරයක් අවලංගු කළ නොහැකි වූ නිසා බව ද ඇමැතිවරයා කියයි.

තමන් දේශපාලන තීන්දුවක් ගැනීමට යන බවට පළ වූ මාධ්‍ය වාර් තා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඇමැතිවරයා මෙම නිවේදනය නිකුත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *