පොහොට්ටුවේ බැසිල් පිලක්, නාමල් පිලක් සහ රනිල් පිලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, බැසිල් රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම, නාමල් රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන කණ්ඩායම ලෙස පිල් තුනකට බෙදී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර් ග ප්‍රකාශ කරයි.
පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මෙහෙයවනු ලබන අතර රෝහිත අබේගුණවර්ධන , සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ ඇතුළු පිරිසක් එයට එක්ව සිටිති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා කළ ඡන්ද විමසීමේ දී මෙම කණ්ඩායම මෙහෙයවූ ඡන්ද ර්වජනයේ දී හෙළි වුයේ එම කණ්ඩායමේ බලය 20 කට අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් බවයි.
22 සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකශ කළ නාමල් රාජපක්ෂ මහතාට සහය පළකරන කණ්ඩායමට ජොන්ස්ටන ප්‍රනාන්දු, කනක හේරත් , කාංචන විජේසේකර , ඇතුළු පිරිසක් ඇතුළත් වන බව කියති.
මේ අතර රොෂාන් රණසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ , සුසිල් ප්‍රේමජයන්ත, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණර්වධන , ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා ඇතුළු පිරිසක් ඉහත කී කණ්ඩායම් දෙකෙන් ම වෙන් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කරමින් සිටින බව කියති. මොවුන් වෙන ම දේශපාලන කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට සාකච්ඡා කරමින් සිටින බව ද දැනගන්නට ඇත.
