විෂ සහල් පුවත් මවන්න දශ ලක්ෂය සීයට බස්සලා !

 

පිටරටින් විෂ සහිත සහල් ගෙන්වා ඇතැයි පසුගිය දා ඇතැම් පුවත්පත්වල පළකොට තිබු පුවතේ දශ ලක්ෂයකින් පංගු ලෙස කළ මිනුම් සියයට පංගු ලෙස දක්වා තිබු බව මහචාර් ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කරයි. සහල්වල බැර ලෝහ මනින්නේ දශ ලක්ෂයට පංගු වශයෙන් මිස සියයට පංගු ලෙස නොවන බව කියන ඒ මහතා කියන්නේ සියයට පංගු ලෙස බැර ලෝහ සටහන් වීම නිසා සහල් තිබුනේ ම නැති තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.

ඇතැම් පුවත්පත්වල පසුගිය දා පළ වූ පුවතේ සඳහන් වුයේ පිටරටින් ගෙනෙන සහල්වල ඊයම් සියයට 47 ක් ,ර්මකරි සියයට 20 ක්, කැඩ්මියම් සියයට 26 ක් සහ සෙලනියම් සියයට 47 ක් තිබු බවයි. ඒ අනුව සහල් කිලෝ සියයක බැර ලෝහ කිලෝ 140 ක් තිබීමේ අස්වාභාවික තත්ත්වයක් පෙන්නුම් කර තිබිණි.

කෙසේ වෙතත්, මහාචාර් ය බුද්ධි මාරඹේ මහතා කියන්නේ මාස කිහිපයකට පෙර කළ පරීක්ෂණ අනුව පිටරටින් ගෙනා බාස්මතී සහ පොන්නි සම්බාවල සෙලනියම් නියමිත ප්‍රමිතියට වඩා වැඩියෙන් තිබු බව යි. එය මිනිසාට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර ජීවී විශේෂයක් බව ද කියා ඇත.

එමෙන් ම දේශීය හීනටි සහ සුවදැල් සහල්වල නියමිත ප්‍රමිතියට වඩා ඊයම් ප්‍රමාණයක් තිබී ඇත.

විෂ සහල් පුවත පිළිබඳව මහාචාර් ය බුද්ධි මාරඹේ මහතා මෙම ප්‍රකාශය කර ඇත්තේ සති අන්ත ‘අනිද්දා’ පුවත්පතට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *