චීනයේ කුමන්ත්‍රණයක් ? ශි ජින් පින් නිවාස අඩස්සියේ ? හූ ජින් ටාවෝ බලය අතට ගනී ?

 

චීන කොමියුනිස්ට් පක්ෂය දියත් කළ කුමන්ත්‍රණයකින් ජනාධිපති ශි ජින් පින් නිවාස අඩස්සියට පත්කොට වෙනත් කණ්ඩායමක් බලය අත්පත් කොට ගෙන ඇති බව සමාජ මාධ්‍ය මගින් කරුණු වාර්තා කරමින් පවතියි.

මේ පිලිබඳ නිල වාර්තා තවමත් ලැබී නැති නමුත්, බෙයිජිං නුවර බරපතළ සිදුවීමක් ගැන තොරතුරු වාර්තා වෙයි. එරට ගුවන් සේවා මෙන් ම දුම්රිය සේවා නතර කොට ඇති බවත්, විශාල හමුදාවක් අගනුවර වෙත කැඳවා ඇති බවත් වාර් තා වී තිබේ.

සමාජ මාධ්‍ය සඳහන් කරන්නේ චීනයේ හිටපු ජනාධිපති හු ජින් ටාවෝට පක්ෂපාත කණ්ඩායමක් කොමියුනිස්ට් පක්ෂයේ සහ රාජ්‍යයේ බලය අතට ගෙන ඇති බවයි.

ජනාධිපති ශි ජින් පින්ට හිතවත් පිරිස් ඉහළ තනතුරුවලින් ඉවත් කොට ඇති බව ද කියති.

ලැබෙන ආරංචි අනුව සඳහන් වන්නේ මොවුන් වඩා ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායමක් බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *